• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ බිරිඳ ජලනි මුල්වරට දේශපාලනය ගැන කතා කරයි EXCLUSIVE

January 18, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
සජිත්ගේ බිරිඳ ජලනි මුල්වරට දේශපාලනය ගැන කතා කරයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

“මම මේ සිදුවීම ගැන පළමු වැනි වතාවටයි මාධ්‍යයකට කතා කරන්නේ, ඒ කියන්නේ ඔබ සමඟයි ප්‍රථම වතාවට මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ. මේ සිදුවීම් ඇති වුණේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේදීයි. මේ කාලයේදී ඔබ දන්නවා ඇති කිසිම තේරුමක් නැති විචාර මෙන්ම විහිළු සහ සරදම් නිතර සිදුවන බැව්. මේ අතරවාරයේදී තමයි මෙම කනගාටුදායක සිදුවීමත් සිදුවන්නේ. ඔබ දන්නවා ඇති එකල බොහෝ විරුද්ධ දේශපාලන වේදිකාවලදී මාව විවේචනය කළා. ඒ අයගේ දේශපාලන වාසි තකා. හරිම ශෝචනීය කරුණ තමයි, ඒ පිරිස් විසින් මාව විවේචනය කරමින් කියා සිටියා මට දරුවන් නොමැතිකම ගැන. ඒ විතරක් නෙවෙයි ඒ අය මට මේ ගැන කිය, කියා සිනහ වුණා. මේ තත්ත්වය කෙතරම් අසාධාරණද, නින්දිතද, කනගාටුදායකද?”

කුමක්ද මෙලෙස අසන්නට ලැබෙන ආන්දෝලනාත්මක කතාන්දරය? සැබෑ ලෙසම සංවේගය උපදවන මෙම වගතුග පවසා සිටින්නේ අප සමාජයේ සිටින එක්තරා සුවිශේෂී කාන්තාවක්. ඇය නම් අප බොහෝ දෙනකු හොඳින් හඳුනන ජලනි ප්‍රේමදාසයි. ශ්‍රී ලංකාවේ වත්මන් විපක්‍ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය වන්නේ ජලනි ප්‍රේමදාස මහත්මියයි. මෙහිදී සුවිශේෂී වගතුගක් ලෙස හෙළිවන්නේ, ඇය මින් පෙර කිසිදු වතාවකදී මාධ්‍යයක් වෙත කිසිදු සාකච්ඡාවක් ලබාදී නොතිබීමය. එනම් පසුගියදා ඇය ප්‍රථම වතාවට මෙම විශේෂිත සාකච්ඡාව මාධ්‍ය වෙත ලබාදී තිබිණි.

දක්‍ෂ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක සහ ඉදිරිපත් කරන්නියක වන කිශානී අලංකි පෙරේරා වෙත පසුගියදා ඇය මෙම විශේෂ සාකච්ඡාව ලබාදී තිබිණි. ‘Conversations with Kishani Alnaki ’ (කිශානී අලංකි සමඟ සංවාදයක්) නමැති රූපවාහිනී වැඩසටහන යටතේ එය ‘යූ-ටියුබ්’ නාලිකාව මඟින් විකාශය විය. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ එම සුවිශේෂී සාකච්ඡාව වන අතර, එහිදී ජලනි ප්‍රේමදාස මහත්මිය තවදුරටත් තම අදහස් ප්‍රකාශ කර සිටින්නේ මෙසේය.

“මේ තත්ත්වය මා දකින්නේ කැත, අසික්කිත දේශපාලනය විදියටයි. එම දේශපාලනයේත් උච්චම ස්ථානය තමයි මෙවැනි ක්‍රියාවලින් හෙළි වන්නේ. මටත් මගේ සැමියාටත් දරුවන් නැති ප්‍රශ්නය තවත් කෙනකුට වැදගත් වන්නේ කෙසේද? එය මමත්, මගේ සැමියාත් කතා කළ යුතු ප්‍රශ්නයක්. අපට දරුවන් ඕනෑද, නැතිද කියන එක තවත් කෙනකු විචාරය කරන්නේ කෙසේද? මගේ පැත්තෙන් මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මම මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ පළමුවැනි වතාවටයි. මම ඇත්තටම දරුවන්ට ආශා කරන, දරුවන්ට ආදරය කරන කෙනෙක්. එහෙත් මම යම් ප්‍රශ්නයකට මුහුණදී සිටින කෙනෙක්. එනම් මම යම් සෞඛ්‍ය තත්ත්වයකට මුහුණදී සිටිනවා. එම තත්ත්වය යටතේ මට දරුවකු ලැබීම වැළැකී තිබෙනවා. අද මෙම තත්ත්වයට සජිත් සහ මම මුහුණදී සිටින්නේ ඒ නිසයි. මෙම කනගාටුදායක තත්ත්වය දඩමීමා කරගෙන මගේ සැමියාට පවා ප්‍රහාර එල්ල කරනවා. මෙය කැත දේශපාලනයේ ලක්‍ෂණයක්.”

ජලනි ප්‍රේමදාස නමැති කාන්තාව සැබෑ ලෙසම මෙසේ අදහස් ප්‍රකාශ කර තිබීම එක්තරා අතකින් අප වත්මන් සමාජයේදී අත්දකින අනුවේදනීය කතාන්දරයකි. එසේම ඇය කිසිදු කරුණක් නොසඟවා මෙසේ තම අදහස් ප්‍රකාශ කිරීමද අගය කළ යුතු ක්‍රියාවකි. මෙම සුවිශේෂී සාකච්ඡාව අඩ හෝරාවකට ආසන්න කාලයක් පවතින අතර, එහිදී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරිය වන කිශානී අලංකි පෙරේරා වැදගත් පැනයන් කිහිපයක්ම ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත ඉදිරිපත් කරන්නීය.

ඔබ අත්දකින ලද මෙම කනගාටුදායක සිදුවීම කිසිම වෘත්තීමය හැසිරීමකට නොතරම් තත්ත්වයක් නේද?
ඔව්, සහතික ඇත්ත. එය කිසිම වෘත්තීමය ප්‍රමිතියකට නොගැළපෙන, ආධුනික පහත් හැසිරීමක්. ඔබට මේ දේශපාලනය තුළදී එහි නීතියට හිස නැමිය නොහැකි නම්, සජිත් සහ මම කිසිම විටෙකවත් එම මාර්ගයට යන්නේ නැහැ කියන එකත් මට එහිදී අවබෝධ වුණා.

මේක ඇත්තටම හරිම සංවේදී මාතෘකාවක් නේද? යමෙකුට දරුවන් නොමැති වීම ගැන ඔවුන් මෙසේ කතා කිරීම සුදුසුද? මම විශ්වාස කරන්නේත් මෙම ප්‍රශ්නය අදාළ වන්නේ ඔබටත්, ඔබේ සැමියාටත් පමණයි. ඔබ දෙදෙනාට තිබෙන මෙම ප්‍රශ්නය ගැන වෙනත් පුද්ගලයන් කතා කිරීම සිදුකරන්නේ කෙසේද? මේක සහතික වශයෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක්.
ඔව්, ඔබගේ මතය සත්‍ය ලෙසම නිවැරැදියි. ඒත් මේක තමයි කැත දේශපාලනය කියලා කියන්නේ. එහෙත් පසුව මෙම සිදුවීමේදී මම යම් ධෛර්යකටත්, පෙලඹවීමකටත් පත්කරනු ලැබුවා. මම තීරණය කරගත්තා මෙතැන් සිට මම ඉදිරියට සිදුකරන සෑම කටයුත්තකදීම අපේ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුබසිද්ධිය ආරක්‍ෂා කිරීමත්, නඟා සිටුවීමත් සිදුකරනවා කියලා. දැන් මම එම දේ සිදුකරමින් සිටිනවා. ඔබ දන්නවානේ සිංහල කියමනක් තිබෙනවා. ‘පල ඇති ගසටයි ගල් ගහන්නේ’ කියලා. මම මෙහිදී විශ්වාස කරන්නේ ඒ දේ තමයි සිදුවෙලා තිබෙන්නේ.

මෙය සැබෑ ලෙසම ඍණාත්මකතාවක් නේද?
ඔව්, සත්‍ය ලෙසම මෙය මා වටා තිබෙන ඍණාත්මකතාවක්. එහෙත් මම එය මගේ ධනාත්මකතාවය කරා ගෙන යනවා. එම ධනාත්මකතාවය මම මගේ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා භාවිත කරනවා. විශේෂයෙන්ම දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන්.

මෙම සාකච්ඡාව හදවතින්, හදවතට කෙරෙන කතාවක් (Heart to Heart) එහිදී ඔබ බොහෝ නිර්ව්‍යාජව අදහස් ප්‍රකාශ කරනවා. මෙහිදී මම ඔබගේ ජීවිත ගමනේ මූලික තොරතුරු ටිකක් දැනගැනීමට කැමැතියි. ඔබ වෘත්තියෙන් ගණකාධිවරියක්. එසේම ඔබ ව්‍යාපාරික කටයුතුවලට යොමු වූ කාන්තාවක්ද වෙනවා. ඔබ කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ගත කරන ජීවිතය සහ එම ගමන කිනම් එකක්ද?

මම මෙතෙක් පැමිණි එම ගමන පහසු එකක් නෙවෙයි. මම මගේ ව්‍යාපාරික ගමන පටන්ගත්තේ මෙයට වසර 13කට පෙරදීයි. මෙලෙස මම ව්‍යාපාරික කටයුතුවලට යොමුවුණේ මගේ මවුපියන් නිසයි. ඔවුන් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වූ අය නිසා අපේ පවුලට යහපත් ව්‍යාපාරික පසුබිමක් තිබුණා. ඒ වගේම මගේ පියා සහ මව එම ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම සාර්ථකව කළ දෙදෙනෙක්. මමත් මගේ නංගිත් තමයි පවුලේ දරුවන්ට සිටියේ. කෙසේ හෝ යම් කාලයක් ගතවී යන විට මට අවශ්‍ය වුණා මගේම කියලා යම් ව්‍යාපාරයක් අරඹන්නට. ඒ අනුව තමයි මාගේ රූපලාවණ්‍යාගාර ව්‍යාපාරය ‘ජාල් සැලෝන්’ (Jaal Saloon) නමින් ආරම්භ කළේ. යම් ව්‍යාපාරයක් කාලීන වශයෙන් දීර්ඝව පවත්වාගෙන යෑම පහසු කටයුත්තක් නෙවෙයි. මූල්‍ය ආයෝජනයන් සහ අනෙකුත් පරිපාලනමය කටයුතු සිදුකිරීම විශාල අභියෝගයක්. එමෙන්ම අනෙකුත් ව්‍යාපාර සමඟ තරගයකටද යෑමට සිදුවෙනවා. මෙය හරියට උඩට, පහළට යන කැරැකෙන ‘රෝලර්කෝස්ටරයක්’ වගේ.

ඔබ දැන් කාන්තා ව්‍යවසායිකාවක්. මෙම කටයුතු කරගෙන යෑමත් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මෙම වපසරිය තුළදී ඔබගේ තත්ත්වයත්, ඔබගේ අනුබලයත් යොදා ගනිමින් අනෙකුත් අපගේ කාන්තාවන් සවිබල ගැන්වීමට ඔබ කටයුතු කරන්නේ කෙසේද?
මම කියන්නේ නැහැ මම සෑම දෙයක්ම දන්නා කෙනෙක් කියලා. එහෙත් මට වසර 13ක සාර්ථක ව්‍යාපාරික පළපුරුද්දක් තිබෙනවා. මෙම අත්දැකීම් භාවිත කරමින් අපගේ රටේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය තකා මට කටයුතු කළ හැකි යැයි මම විශ්වාස කරනවා. කාන්තාවන්ගේ ස්වයං ව්‍යාපාර කටයුතු, අධ්‍යාපනික වැඩසටහන්, සෞඛ්‍ය සහ පෝෂණ වැඩසටහන් ආදිය සිදුකරමින් ඔවුන් සවිබල ගැන්විය හැකි යැයිද මා විශ්වාස කරනවා. මෙය සිදුකිරීමට තවත් කණ්ඩායම්වල ආධාර, උපකාර ලබාගැනීමට හැකිවේවි. අපේ රටේ බොහෝ කාන්තාවන් මූල්‍යමය වශයෙන් ස්ථාවර නැහැ. ඒ නිසා ඔවුන්ගේ මූල්‍යමය ස්ථාවරභාවය ඇති කළ යුතු වෙනවා. ඒ සඳහා සවිබලගැන්වීම් සිදු කළ යුතු අතර, කාන්තාව තුළ විශ්වසනීයත්වයක් ඇතිකළ යුතුයි. මේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකිරීම සඳහා සහයෝගීතා කණ්ඩායම්වල ආධාරයද අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබල, ජනප්‍රිය දේශපාලනඥයකුගේ බිරිය ලෙස ඔබ විසින් කැපකිරීම් සහ පොරොන්දු ඉටුකරන්නේ කෙසේද? එසේම දේශපාලනඥයකුගේ බිරිය ලෙසට ඔබට අභියෝගයක් වූ කරුණු, කාරණා මොනවාද?
දේශපාලනඥයකුගේ බිරිය හෝ සාමාන්‍ය වෙනත් පුද්ගලයකුගේ බිරිය හෝ වේවා, ඔවුන්ට තමන්ගේ සැමියන් වෙනුවෙන් සිදු කළ යුතු යම් කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම එම බිරින්දෑවරුන්ද තමන්ගේ සැමියන්ගෙන් බලාපොරොත්තු වන අභිලාෂයන්ද රැසක් තිබෙනවා. ස්වාමියකුගේ ක්‍රියාකලාපයේ හැම කරුණක්ම බිරියට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් මේ දෙදෙනා අතර බැඳීම අත්‍යාවශ්‍යයයි. එසේ වුවත් දේශපාලනඥයකුගේ බිරියකට නම් තම සැමියාගෙන් එම අපේක්‍ෂාවන් ලබා ගැනීම තරමක් දුෂ්කර දෙයක්. මෙයට වසර 20කට පෙර අපගේ දේශපාලන ජීවිතය අරඹන විටදී සජිත් පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. එහෙත් සජිත් ඔහුගේ සාමාජයීය කාර්යභාරය ඉටුකරමින් සිටියා. අප විවාහ වී මාස 6කට පසුව සජිත් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. එහිදී ඔහු ඉතා කාර්යබහුල වුණා මැතිවරණ කටයුතු සඳහා. එහෙත් ඔහුට අවශ්‍ය වුණේ නැහැ මම එම කටයුතු සඳහා සහභාගි කරවා ගැනීමට. ඔහු මාව නිතර ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කළා. ඒ වගේම දේශපාලනයේ අඳුරු පැතිකඩට මාව යොමුවීමෙන් වළක්වා ගත්තා. ඒ වුවත් මම හැමවිටම ඔහුව ධෛර්යමත් කළා. ඔහු දේශපාලනයේ ඉතාමත් දිගු සාර්ථක ගමනක් ගියා.

පසුගිය කාලයේ මාධ්‍ය සහ ජනතාව විසින් ඔබව බොහෝ පුළුල් ලෙස පරීක්‍ෂණයකට ලක් කළා. ඔබට මේ ගැන කිවහැක්කේ කුමක්ද? මෙතරම් සුවිශාල ලෙස ඔබගේ කටයුතු ඉතා සියුම්ව සෝදිසියකට ලක්කිරීමට හේතු වුණේ කුමක්ද?

මම පළමුව හිතන්නේ මා මෙතරම් පරීක්‍ෂණයකට ලක්කෙරුණේ මම දේශපාලනඥයකුගේ බිරිය නිසාවෙනුයි. අන්තර්ජාලයේ ‘ගිනිතබන්නන්’ ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. ඒ වගේම පක්‍ෂපාතී මාධ්‍ය ආයතන හිමිකරුවන් හෝ එවැනි මාධ්‍ය ආයතන ගැන හෝ මගේ කිසිම විශ්වාසයක් නැහැ. මේ ආයතන සැබෑ මාධ්‍ය ආයතන නොවන බවටයි මම හැමවිටම පිළිගන්නේ. මම ජලනි ප්‍රේමදාස නොවුණා නම් මේ කිසිවකුත් කලබල වන්නේ නැහැ. අත්වැරැදීමකින් වුණු යම් සිදුවීමක් හෝ අත්වැරැදීමකින් සිදුවුණු වචනයක් හෝ ගැන මේ තරම් කලබල වීම පුදුමයක්. මෙවැනි සෝදිසි කිරීම් ගැන කිසිම අයුරකින් කලබලයට හෝ වේදනාවට පත්වන්නට එපා කියලා මාගේ සැමියා මට නිතර පවසනවා. දැන් බලන්න පසුගිය කාලයේ තිබුණු පාර්ලිමේන්තු අය-වැය විවාදය, කුමක්ද එහි සිදුවුණේ. මේ රට තුළ ඉතා දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිරෙමින් තිබෙනවා. සෑම දිනකම මරණ සිදුවෙනවා. ඒ අතරෙහි මිනිසුන් මහා සාගින්දරකින් පෙළෙනවා. මිනිසුන් පාරට බැහැලා බඩගින්නේ කෑගහනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාර කඩාවැටිලා. ආර්ථිකය කඩාගෙන වැටිලා. මහා ව්‍යසනයක් සිදුවෙලා තිබෙනවා. මෙවැනි ඛේදනීය වටාපිටාවකදී නේද මේ අය-වැය විවාදය පැවැත්වුණේ. එහිදී කතාකළ යුත්තේ ජනතාව මුහුණදී සිටින ප්‍රශ්න ගැන නේද? එහෙත් මේ විරුද්ධ පාක්‍ෂික පිරිස් කුමක්ද සිදුකළේ ඒ අය මෙම පාර්ලිමේන්තු වේදිකාව භාවිත කළේ මගේ සැමියාට පහර දෙන්නට හෝ තඩිබාන්නට පමණයි. එසේම ඔහුගේ චරිතය දූෂිත කරන්නටයි. මෙය අසන්නටත් ඒ වගේම දකින්නටත්, ඉතාමත් කැත ලැජ්ජාසහගත ක්‍රියාවලියක්. ඊට පසු මේ පිරිස් ඔහුට පහර දීලා මගේ පැත්තටත් හැරුණා. මම දේශපාලනඥයෙක්ද? ඔවුන් එහිදී මට චෝදනා කරමින් කියා සිටියා, මම මැතිවරණයේ මුදල් භාවිතා කර තිබෙනවා මාගේ ව්‍යාපාර කටයුතු සඳහා කියලා. මෙය කොතරම් අභූත, අසාධාරණ චෝදනාවක්ද? මම මේ ව්‍යාපාර කරගෙන යන්නේ වසර 13ක ඉඳලා. මට කාගේවත් මුදල් අවශ්‍ය නැහැ ඒ කටයුතු කරන්න.

සහතික වශයෙන්ම ඔබට එම චෝදනා අදාළ වන්නේ කෙසේද?
මගේ ව්‍යාපාරවල ඒවායෙහි තිබෙන ස්වයං ක්‍රමවේදයට අනුව එම කටයුතු සාර්ථකව සිදුකෙරෙනවා. මට කාගේවත් මුදල් අවශ්‍ය නැහැ මේ ව්‍යාපාර දුවවන්න. ඒක මම පැහැදිලිවම කිව යුතුයි. මේකට තමයි කැත, අසික්කිත දේශපාලනය කියලා කියන්නේ. මේ ජඩ දේශපාලනය කෙදිනක හෝ මේ රටෙන් තුරන් වෙන්නට ඕනෑ. අවසානයක් දකින්නට ඕනෑ.

ඔවුන් ඔබට පහර දෙන විට ඔබ ශක්තිමත් ගැහැනියක් වන්නට පුළුවන්. එහෙත් ඔබ මනුෂ්‍යයෙක් නේද? ඔබ එම තත්ත්වය දරාගත්තාද?
අද සමාජයේදී අපි හැම දෙනෙක්ම මෙම ජරා, කැත දේශපාලනයට මුහුණදී සිටිනවා. මේ පිරිස් මා භාවිත කරන්නේ මගේ සැමියාට පහරදීමේ චේතනාව මත පමණයි. එයට මා මැදිවී තිබෙනවා. දේශපාලනයට සම්බන්ධ නැති බිරින්දෑවරුන් ඇයි මේ දේශපාලන පීඨිකාවට ගෙන එන්නේ? මොවුන් මේ සියලු චෝදනාවන් ගෙන එන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමිනුයි. ඒ නිසා එයට එරෙහිව සිදුකරන්න කිසිම දෙයක් නැහැ. නීතියක්වත් නැහැ.

ඔබගේ ස්වාමියාගේ දේශපාලන ගමනේදී ඔබ බොහෝ ශක්තිමත්ව ඔහුට දායක වෙනවා. මේ දායකත්වය ඉදිරියට ඇතිවන්නේ කෙසේද?
මගේ ස්වාමියා සජිත් ප්‍රේමදාස මෙරට දේශපාලනයේ විශාල කාර්යභාරයක් සිදුකළ කෙනෙක්. මම ඔහුත් සමඟ මේ ජීවිතයේ දැනට වසර 22ක් ගතකර තිබෙනවා. ඔහු මෙරට දේශපාලනයේ සිදුකළ මෙහෙවර මම හොඳින්ම දැක තිබෙනවා. ඒ නිසා මම ඔහුව විශ්වාස කරනවා. ඔහු කවරදාක හෝ මේ රටේ නායකයකු බවට පත්වෙනවා.

මේ ලෝකයේ යමක් වෙනස් කිරීමට අවස්ථාව ඔබට ලැබෙනවා නම් එය කුමක් වේද?
එකම දෙය තමයි දේශපාලනය. තවත් අතකින් කියනවා නම් කැත දේශපාලනය. මේ ජරාජීර්ණ දේශපාලනයේ අවසානයක් අපි දකින්න ඕනෑ. සෑම ශ්‍රී ලාංකිකයකුම මෙයට එකතු වෙන්නටද ඕනෑ. ලෝකයේ අන් තැනකත් මේ වගේ ජරා, කැත දේශපාලනය තිබෙනවා නම් ඒ රටවලදීද එලෙසම සිදුවෙන්නට ඕනෑ. මේ ගැන ජනතාව ඒකරාශී වී කතා කරන්න අවශ්‍යයයි. ඔබ කියන ලෙස මේ ලෝකයේ යමක් වෙනස් කිරීමට ලැබෙනවා නම් මාගේ ක්‍රියාවත්, ප්‍රාර්ථනයත් එයයි.

මම ‘හදවතින් – හදවතට’ කතාබහේදී අවසාන වශයෙන් ඔබගෙන් විමසා සිටින්නේ දේශපාලන ලෝකයට සම්බන්ධ නැති පැනයක්. ඔබ මෙම සියලු කටයුතුවලින් මිදී විවේක වේලාවකදී ගතකරන්නේ කෙසේද?
නිදහස්, විවේක වේලාවක් සොයා ගැනීමට හැකිනම් මම එයට සතුටු වෙනවා. එහෙත් මට එවැනි අවස්ථාවක් ලැබෙනවා නම් මම චිත්‍රපට නැරැඹීමට ප්‍රිය කරනවා.

මම අසා තිබෙනවා ඔබ බොහෝ විවේක අවස්ථාවලදී යාල වනෝද්‍යානයට යෑමට කටයුතු කරනවා කියලා.
ඔව්. එය සත්‍යයක්. මම එවැනි බොහෝ අවස්ථාවලදී සජිත් සමඟ යාලට ගොස් දින කිහිපයක් ගතකරනවා. සජිත් යාලට ඉතාමත්ම ප්‍රිය කරන කෙනෙක්. අපි වසර ගණනාවක සිටම අවස්ථා රැසකදී යාලට ගොස් තිබෙනවා. මේ කර්කශ පරිසරයෙන් මිදී එහි ගතකිරීම ඉතාමත්ම සුන්දරයි. එය සැබෑ ලෙසම වෙනම ලෝකයක් ලෙසයි සිතෙන්නේ.

පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

18ට වැඩි නම් හමුදා පුහුණුවක්!

Next Post

චන්ද්‍රසිරි බණ්ඩාර යළිත් පරළ වෙයි: දෙරණෙ හසිතට කුණුහරුපෙන් බනී

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.