ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් තරු දෙකක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය ප්‍රසිද්ධියේම එකිනෙකොට චෝදනා කර ගනිමින් මාධ්‍ය සටනක නිරත වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
පසුගිය දිනෙක ජාතික කණ්ඩායමෙන් ඉවත් අමෙරිකාව බලා ගිය ෂෙහාන් ජයසූරිය සහ ක්‍රිකට් නායක තිසර පෙරේරා මෙසේ එකිනෙකාට බැනවැද ගැනීමට පටන්ගෙන තිබේ.
පළමුව ෂෙහාන් ජයසූරිය අමෙරිකාවට ගොස් මෙරට පුවත්පතකට සාකච්ජාවක් දෙමින් කියා සිටියේ තිසර පෙරේරා හේතුවෙන් තමන් ක්‍රිකට් නැවැත්වීමට තීරණය කළ බවකි.
එහිදී ඔහු කියා තිබුණේ මෙවැන්නකි.
ලංකාවේ ක්‍රිකට් එපාවෙන්න මොනවද අනිත් කාරණා ?
කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරියත් තව හේතුවක් වුණා. කෙළින්ම කියන්නම් ඒ තිසර පෙරේරයි, එයාගෙ බිරිඳයි.
මොකක්ද ඒ කතාව?
වතාවක් කණ්ඩායම ඒත් එක්ක ඩුබායි ගිය වෙලාවක මමයි, දසුන් ශානකයි, කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලාට කිව්වා. මට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජෙලෝ මැතිව්ස්වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා.
එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මොනවද කළේ ?
ඔහුත් බිරිඳගේ පැත්ත තමයි ගන්න ඇත්තේ. එල්.පී.එල්. ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. එල්.පී.එල්. එක ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට තහනම් කරලයි තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලා තිබුණේ නෑ. විදේශ ගුවන්ගමන් බලපත් තියෙන අයට පුළුවන් කිව්වා. මගේ බිරියට අමෙරිකානු ගුවන්ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම බිරිය එක්කරගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිය ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියේවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරියකට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙන්නට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා.
ඇයි මේ ක්‍රීඩකයයි එයාගේ බිරියියි ඔබ පසුපස එළව එළවා පළිගත්තේ ?
ඒක මම අදටත් දන්නෙ නෑ.
ෂෙහාන් ජයසූරියගේ මෙම කතාවට තිසර පෙරේරා සිය ෆේස්බුක් පිටවේ ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ සදහන් කොට ඇත.
මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිලිබද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කලා.
ඔහු සදහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිලිබදව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිලිගත් සම්ප්‍රදාය නොවුනත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබදව සත්‍ය ප්‍රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.
2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහූගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.
එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලෙමි. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි
(Discipline). කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී . . . මා එදා එයට එකගවූවේ නම් සහය අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුල තබා ගැනීමට ඉඩ දීම ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි.
මේ කතාවේ සත්‍ය මෙපමණයි.
කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුල තිබුය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කන්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.
හැමදේම දක්ශතාවය මත පමණක්ම තීරනය නොවේ. මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි.
අපගේ ඡේෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම ; බිරිද , දරුවන් හැර වෙනත් පිටස්තරයින් සoචාරයක් තුල හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනිය.
ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට( Players’ Dressing Room) ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කලමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි. මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන් හට පැවසූවාද නැද්ද යන්න හොදම පිලිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලගයි.
ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.
එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්‍රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි .
මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණකි. නමුත් එය කිසීසේත් එලෙස සිදු නොවූවකි.
කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
– තිසර පෙරේරා FB










