කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දින 5 තුළ පුද්ගලයින් අටදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 264 කි.
ඉකුත් 13, 14 සහ 15 යන දිනවලදී එක් මරණය බැගින්ද, 16 වැනිදා මරණ 2 ක්ද, 17 වැනිදා මරණ 3 ක්ද වාර්තා වී තිබේ.
මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු අද (17) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදි හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 749 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 49,274 ක් වාර්තා වී තිබේ.










