• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් නොලැබුණු රන්ජන්ගේ ‘අවසන් පැය 24’ මුල සිට අගට…

January 17, 2021
in Exclusive
Reading Time: 19 mins read
A A
චන්ද්‍රිකාගෙන් රන්ජන්ට ලියුමක්: විජය කියපු කතාවකුත් මතක් කරලා
Share on WhatsAppShare on Facebook

රන්ජන් රාමනායකගේ චරිතය ආන්දෝලනාත්මකය. කෙනකුට හෙතෙම වීරයෙකි. තවත් කෙනකුට ඔහු දුරදිග නොබලා වැඩ කරන්නෙකි. මොනවා වුවත් රන්ජා ලෙසින් සාමාන්‍ය මිනිසුන්ගේ මිනිසෙකු වූ “වන්ෂොට්” අපූරු මානව හිතවාදියෙකි.

ආන්දෝලනාත්මක රන්ජන්ගේ සිරගතවීමද ආන්දෝලනාත්මකය. ඔහුගේ වචනයෙන්ම කියන්නේ නම් මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ පිල්ලෙයාන් චන්ද්‍රකාන්තන් නිදහස් වෙද්දී තමා ඇතුළට ගියේය. තමන් කළ වරද තිත්ත ඇත්ත කතාකිරීමය. ඔහු සියල්ල කළේ භීතියෙන් තොර නිර්ව්‍යාජත්වයෙනි.

බරපතළ වැඩ ඇතිව සිව් වසරක සිර දඬුවමක් හිමි වූ රන්ජා නොහොත් පොදු මිනිහාගේ වන් ෂොට් මාංචු පිටින් බන්ධනාගාර රථයට ගොඩ කරවද්දී ඔහුගෙන් මාධ්‍යවේදියකු “බය නැත් දැයි” ඇසුවේය.

“පිස්සුද මල්ලි, මගෙ මූණෙ බය ගෑවිලාවත් තියෙනවද?” ඔහු පෙරළා ප්‍රශ්න කෙළේය.

‘හිරේට නියමවූ බොහෝ දෙනා ළතෝනි දුන්නාහු වෙත්. ඇතම්හු සිහිසුන්වද වැටුණෝය. එහෙත් මරණ දඬුවම නියම වූවන් අතරින් ඇතැම් අයෙක් රැස්වූවන්ට අත්වනා ආචාර කර සිනහවෙමින් පෝරකයට ගියෝය.

සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ රාමනායකද බන්ධනාගාරයට ගියේ අන්න ඒ අන්දමින් සිනහවෙමින් අත් වනවනා සියල්ලන්ටම ආචාර කරමිනි.

‘මේ ඔහු බන්ධනාගාර ගතකිරීමට පෙර පැය විසිහතර (24) ගතකළ අන්දමයි.

“ඒයි. ශ්‍රියාකාන්ත උඹ තාම බුදිද බං, මට උදෙන්ම පැලවත්තට යන්න ඕනෑ” රන්ජන් රාමනායක සඳුදා (11දා) උදේ හතට පමණ අවදිවූයේ ඒ අන්දමිනි. ගෙයක් දොරක් නැති ඔහු පදිංචිව සිටින්නේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණයේ අංක 5 නිල නිවසේය.

දෙ මහල් ගොඩනැල්ලේ රන්ජන් රාමනායකගේ “ලැගුම” (කුටිය) උඩුමහලේය. එය දේවාලයක් බඳුය. ඒ කාමරයට රන්ජන්ගේ කැඳවීමකින් තොරව කාර්ය මණ්ඩලයේ ඉතාම සමීප නිලධාරියකුට පවා යා නො හැකිය. ඒ කාමරයේ ඇත්තේ නිදන ඇඳත් කණ්ණාඩි මේසයත් පමණි. ඊට යාබද කාමරයේ අල්මාරි කීපයකි. ඒවායේ කිසි දිනෙක ඇඳපු නැති කලිසම් කමිස ටී ෂර්ට් එමටය. අඩුම තරමින් ඇඳුම් කට්ටල හාර පන්සියයක් නම් “ෂුවර්ය”.

පහළමාලය කාර්ය මණ්ඩලයටය. අමුත්තන්ටය. ලියන මේසය එක් කොනකය. අනිත් කොනේ ඉහළින් ටෙලිවිෂන් එකය. ඊට යටින් මේසයේ දුරකථනය, ෆැක්ස් මැෂිම සහ පොත්පත්ය. ඉහළමාලයට දිවෙන පඩි පෙළ යට ගබඩාවය. ඊට යාබදව මුළුතැන්ගෙයයි.

නිවසට ගොඩවෙන තැනම ආලින්දයේ රන්ජාගේ ශරීරාභ්‍යාස උපකරණ කට්ටල තොගයයි.

රන්ජන්ගේ අල්ලපු ගෙදර සිටින්නේද ආන්fදාලනාත්මත චරිතයකි. ඒ විමලවීර දිසානායක රාජ්‍ය ඇමතිවරයායි.

ශ්‍රියාකාන්ත රන්ජන් රාමනායකගේ කෝකටත් තෛලය බඳු හිතවත් සේවකයාය. ශ්‍රියාකාන්තගේ කුටිය මුළුතැන් ගෙට යාබදවමය.

රන්ජන්ට ඇත්තේ පළාත දෙවනත් කෙරෙන කට හඬකි. හිනාව මුළු මාදිවෙලටම ඇසෙන තරම්ය. හෙතෙම “නැව ගිලුණත් බෑන් චූන්” වර්ගයේය. “ශ්‍රියාකාන්ත උඹ බුදිද බං” යැයි ඇසුවේ ඒ කටහඬිනි.

“නෑ සර්, සර් ෆාස්ටිං නෙ, මම අනිත් අයට තේ හදනවා ”ශ්‍රියාකාන්ත කීවේය.

“හරි ටක් ගාල ලෑස්ති වෙයං, මට පැලවත්තට යන්න තියෙනවා බ්ලඩ් සාම්පලේ දෙන්න” “හරි සර්” මම ලෑස්ති වෙනව. ලකීත් පොලිස් රාලහාමි තිලකේත් ගමනට එක්වූහ. කුෂාන් වෑන් එක පැදෙව්වේය. පාට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු රන්ජන් පැලවත්තේ පෞද්ගලික ලැබ් එකට ගොස් රුධිර සාම්පලයක් දුන්නේය.

“මට කාමරේට පොඩි මේසයක් ගන්න නුගේගොඩට යන්න ඕනැ, පෞද්ගලික රෝහලේ සිට ආපසු ඒමට වාහනයට නැගුණු රන්ජා කීවේ රියදුරාට ම පමණක් නොවේ. රියදුරා වාහනය “දම්රෝ” එකට ඇල්ලුවේය. ඔහු ඇතුළුවී භාණ්ඩ දෙස බැලුවේය. සේවකයෙක් වහා දිව ආවේය. යුවතියන් කීපදෙනෙක් ද ඒ අවස්ථාවේ එහි වූහ. තම දෙනෙත් තමන්ට ප්‍රමාණවත් නැතැයි යන පරිද්දෙන් ඔවුහු වන්ෂොට් දෙස බලා උන්හ. රන්ජා ඒ භාණ්ඩ දෙසත් බැලුවේය. ඒ මිලදී ගන්නට නොවේ. එහෙත් සුපුරුදු සිනාවෙන් සිනාසුණේය.

“සර් මොකක්ද බැලුවෙ” ඒ අතරේ පැමිණි සේවකයෙක් ඇසුවේය.

“මල්ලි මට පොඩි මේසයක් ගන්න ඕනැ, ඒකයි බැලුවෙ”

“සර්, මේක හොඳ නැද්ද?”

“නෑ මල්ලි, ඕක ලොකු වැඩියි, මට ඕනැ, පොඩි එකක්”

“මොන වාගෙ දේකටද? සර්”

“මට මල්ලි, නිදන කාමරේ ඇඳ ළඟ තියාගන්න. මට හිතුනහම චිත්‍රයක් අඳින්න ඕනෑ. ඔය පොතක් දෙකක් තියාගන්නත් වෙනවා, ඒකටයි බැලුවෙ” සේවකයා මේස දෙක තුනක්ම පෙන්නුවත් ඒවා රන්ජන් ගේ හිතට ඇල්ලුවේ නැත.

“හරි මල්ලි, බලන්නයි ආවෙ, ඕනැ වෙනකොට එන්නම්” රන්ජන් එළියට බැස්සේය. “ඒ මේසවල ලාච්චු නෑ, ඔය මොන මොනව හරි දාගන්න පුංචි ලාච්චු දෙකකුත් තියෙන්න ඕනෑ. ආර්පිකෝ එකේ බලමු.”

ඔහු එතැනට ගියත් හිතට අල්ලන එකක් තිබුණේ නැත.

“අපි වෙන දවසක එමු” යැයි කී ඔහු “ඔරලෝසු සාප්පුවකටත් ගොඩවෙලා යමු, මගේ ඔරලෝසුවෙ පොඩි ලෙඩක් තියෙනවා” යැයිද කීවේය.

“කොයි ඔරලෝසුවද සර්” “ඩුබායිවලින් ගත්තෙ.

ඒක” “ඕක පැත්තකට දාල අලුත් එකක් ගම්මු සර්. මේ පාරම” ඒ ශ්‍රියාකාන්තගේ යෝජනාවය.

“ඔව් ඒක පැත්තකට දානව කියන්නෙ උඹට හම්බ වෙනව කියන එකනෙ” ඔරලෝසු සාප්පුවට ගොඩවෙනවාත් සමගම ඔහුගේ අත්බණුව mobile phone නදදෙන්න වූවේය.

“හලෝ, කියන්ඩ”

ඒ රන්ජා දුරකථනය අමතන සුපුරුදු අන්දමය.

“හරි හරි, මම ඉක්මණටම එනවා” කියමින් අත්බණුව විසන්ධි කළ හෙතෙම “ආපහු පැලවත්තට යමු බ්ලඩ් සාම්පල් එක හරි නැතිලු ආය ගන්න ලැබ් එකට එන්නලු”

ඒ අනුව ඔහු දෙවැනි වරටද රුධිර සාම්පලයක් දීමට ගියේය. රවුම ගසා ආපසු එන විට දවල් එක පසු වී තිබිණි.

මිනිස්සු සල්ලි ඉල්ලලා එවාපු ලියුම් කෝ රන්ජන් කෑම පිළියෙළ කරමින් සිටි ශ්‍රියාකාන්ත ගෙන් ඇසුවේය.

මිනිසුන් සල්ලි ඉල්ලා එවූ ලිපි පුරවා තිබූ ලියුම්ගෝනිය ශ්‍රියාකාන්ත මේසය ළඟට ගෙනැවිත් දී යළිත් මුළුතැන්ගෙට වැදුණේය.

රන්ජන් රාමනායක මිනිසුන් විසින් සල්ලි ඉල්ලා එවන ලද ලිපි තෝරන්නට වූවේය. මුදල් අවශ්‍ය කෙනකු ඇත්නම් දන්වන ලෙසට ඔහු විසින් යූ ටියුබ් එකේ පළකළ නිවේදනයක් නිසා ලියුම් ගෝනි ගණනක් ලැබී තිබිණි.

මහජනයාට බෙදීමට ඒ මුදල් ලැබුණේ මෙසේය.

රන්ජන් රාමනායක පසුගිය යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකු වශයෙන් සිටි සමයේ පාර්ලිමේන්තුවෙන් ගෙවූ පැමිණීමේ දීමනා ගත්තේ නැත. ඒ මහජන මුදල් එසේ ලබා ගැනීම අපරාධයක් වශයෙන් සලකා සෙසු මහජන නියෝජිතයන්ටත් රටටත් ආදර්ශයක් දීම සඳහාය.

“ඕක ඔයා කරන මෝඩ වැඩක් කවුරු හරි කෙනෙක් ඕක ගසා කනවා” පසු ගිය දිනෙක පැමිණි හෙක්ටර් අප්පුහාමි මහතා රන්ජන්ට කීවේය. ගතවූ කාලයට හිමි සමස්ත පැමිණීමේ දීමනාව ඔහු ඒ අනුව ලබා ගත්තේය. මුදල රුපියල් ලක්‍ෂ හතළිහක් (40,00,000) වූවේය.

““මේව මට අයිති සල්ලි නෙමෙයි, මේවා මේ රටේ මහජනයාගෙ සල්ලි ඒ අයට දෙන්න ඕනැ” ඔහු කීවේය.

ඒ අනුව මුදල් අවශ්‍ය අය ඉදිරිපත් වන ලෙසට නිවේදනයක් නිකුත් කෙරිණි. ඉල්ලුම්කරුවන් පිරිසකට රුපියල් විසි ලක්‍ෂයක් (20,00,000) ජනවාරි එකොළොස් (11) වැනිදා වන විට බෙදා දුන්නේය. ඉතුරු අයටද මුදල් දීමට ඔහු එකොළොස් වැනිදා සවස් වරුවේ ලියුම් තෝරන්නට විය.

දවල් දෙක, දෙක හමාර වන විට දවල් ආහාරය ආලින්දයේ ලියන මේසය උඩට ආවේය. නිවෙසේ කෑම වෙලාවේ සිටින සෑම සියලු දෙනාටම කෑම සැපයීම සිරිතකි. කෑමේදී රන්ජන් “කොටි පවුලේ සාමාජිකයෙකි” මන්ද? ඔහුට සෑම ආහාර වේලකටම නොවැරදීම මස් හෝ මාළු හෝ නැතුවම බැරි හෙයිනි. එසේම මැල්ලුමක් හෝ සලාදයක් හෝ ඉතාම අවශ්‍යය. ඒ දෙවර්ගයට අමතරව එක එළවළුවක් හොඳටම ප්‍රමාණවත්ය. එකොළොස් වැනිදා (11) සඳුදා දාවල් ආහාරයට තිබුණේ කුකුළු මසුත්, බෝංචිත් සමග ගොටුකොළ සම්බෝලයකි.

“ඒයි, හෙට උදේම කෝට්ස් (අධිකරණයට) යන්න තියනවා, ලකියා, කුෂාන් අද කල් ඇතුව ගෙදර යන්න” එදා හැන්දැවේ කාර්ය මණ්ඩලයට පවසා රාත්‍රි අට නමය වන විටම ඔවුහු පිටත් කරනු ලැබූහ.

මේ අතරේ නිවසේ දුරකථනය හඬ දුන්නේය. ඊට පිළිතුරු දීම රාජකාරියේ සිටින පොලිස් නිලධාරියාගේ කටයුත්තකි. ඇමතුම පාර්ලිමේන්තු සංකීරණයේ පොලිස් මුරපොලෙනි.

“සර්ගෙ යාළුවො දෙන්නෙක් ඇවිල්ල ඉන්නව, එවන්නද අහනවා” රාලහාමි ඇසුවේය.

“හරි, හරි, ඒ දෙන්නට මම එන්න කීව. එන්න කියන්න.”

අමුත්තන් දෙදෙනාගේ මොටෝ රථය නිවසේ දොරටු ආසන්නයේම රැඳිණ.

“එන්ඩ එන්ඩ, ඉඳගන්ඩ” ඉහළමාලයේ සිට පැමිණි ඔහු ලියන මේසය අසල ඉඳ ගත්තේය. ඒ ඉදිරියේ බිත්තියට සමාන්තරව පුටුවල ඒ දෙදෙනා ඉඳ ගත්හ. ඔවුන් දෙදෙනා අසුන් ගත් තැනට උඩින් විවෘත ලෙස සවි කර තිබූ රාක්ක තට්ටුවේ රන්ජා හොඳම නළුවා වශයෙන් සෑම වර්ෂයකම එක පෙළට දිනා ගෙන තිබූ සම්මාන තබා ඇත. ඒ සංඛ්‍යාව දහ අටකි.

“ඉතින් මොනවද තොරතුරු” ලෙසින් “ආවුසෝවාදයෙන්” (හිතවත්කමෙන්) ආරම්භවූ කතාවට අනම්මනම් බොහාමයක් අඩංගු විය. ශ්‍රියාකාන්ත උණු උණු තේ දෙකක් ගෙනාවේය.

“හෙට නඩුවෙ තීන්දුව දෙයිද?” එක් මිතුරෙක් ඇසුවේය.

“පිස්සුද? හෙට තියෙන්නෙ ක්ලැරිෆිකේෂන්. තවත් දවසක් දෙකක් නඩුව කල්යයි.

“එදා ඔයා පස් වැනිදා (5) පාර්ලිමේන්තුවෙදි කීවනේද?දොළොස්වැනිදා (12) ඇතුළට දානවා කියල”

“ඒ වුණාට, නඩුව කල්යනවා. නඩුවෙ ලෝයර් (ඇම්.ඒ. සුමන්දිරන්) එන්නෙත් නෑ. කොරා්නාද මොකක්ද කියල. එයාගෙ ඇසිස්ටන් තම්බයියා නෝනා මට කතාකරල කීව.”

“ඔයා දොළොස් වැනිදා ඇතුළට යනව කීවාම, ඒකට පිළිතුරු දුන්න ලොහාන් රත්වත්තෙ මහත්තය කීව නේද එයා ආවාම හොඳට බලා ගන්නවා කියල”

“මම උඩතලවින්නෙ සිද්ධිය ගැන කතා කළ එකට වෙන්න ඇති එයා එහෙම කියන්න ඇත්තෙ ”රන්ජන් සිනහ වෙමින් පවසා “මේපාර වැලන්ටෛන් ඩේ එක හොඳට සෙලිබ්‍රේට් කරමු” යැයිද කීවේය.

“හරි හොඳටම පරක්කුත් වුණා, හෙට නඩුවට යන්නත් තියෙන හින්ද, ඔයා නිදාගන්න අපි යන්නම්”

“පිස්සුද? මම එහෙම නිදා ගන්නෙ නෑ. මම නිදාගන්නකොට පාන්දර දෙක තුන වෙනවා. මම කැමති ටෙලි නාට්‍ය සීඩී දෙකක් ගෙනාව. එකක් බලලයි නිදාගන්නෙ”

“මොනවද? ගෙනාවෙ”

“එකක් මැණික් නදිය ගලා බසී. අනික සාගරය පරදා. මට කියන්න බැරි වුණා. ඔය සාගරයක් පරදා කියන එක මගේ ජීවිතේට සම්බන්ධයි වාගෙ කතාවක් ඒක ඕගොල්ලො ගෙනිහින් බලන්න. මම බලන්නෙ මැණික් නදිය ගලාබසී.”
“හරි, අපි යන්නම්, කෝකටත් පරිස්සමෙන්. ගෝඩ් බ්ලෙස්”

“ගෝඩ් බ්ලෙස් මල්ලි” කී හෙතෙම “රැල්ලට බය නං, රන්ජා වැල්ලට බහින්නෙ නෑ මල්ලිලා” යැයි කීවේය.
තීරණාත්මක දිනයක් වුවත් නැතත් පසුදා (12) උදේ හත අට වනවිට රන්ජන් අවදිවූවේය.

ඒ වනවිට දුරකථන ඇමතුම් හත අටක් රන්ජන්ට ලැබුණි.

ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙනි. “ප්‍රශ්නයක් නෑ දින දානවා. මේ කොරෝනා වෙලවෙ ඇවිල්ල කාලය නාස්ති කර ගන්න ඕනැ නෑ” සියල්ලන්ටම පාහේ දුන් පිළිතුරේ පොදු සාධකය එසේ වූවේය.

වෙනදා අත් දිග කමිස ඇඳ අධිකරණයට යන රන්ජන් මෙදින කෝට් (බ්ලේසර්) එකකින් සැරසීයාමට තීරණය කෙළේය. ඒ සඳහා ඔහු කට්ටල තුනක් තෝරා ගත්තේය. නිදන ඇඳ මත දැමූ ඒ කට්ටල අතරින් හෙතෙම වැඩි කැමැත්තක් දැක්වූවේ ක්‍රීම් පාට එකටය. ඔහු එය අතට ගත්තේය. එහෙත් එහි වම් අතේ කිසියම් පැල්ලම් ගතියක් ඔහු දුටුවේය. කාලයක් තිස්සේ එළියට නොගත් නිසා පැල්ලම ඇති වී තිබුණේය. දියෙන් තෙමූ ලේන්සුවකින් පැල්ලම පිස දමා එය වේලෙන්නට කෝට් එක විදුලි පංකාව යට පුටුව උඩ විහිදා දැම්මේය.

උදේ ආහාරයට කිරිබත් තිබුණේය. ලුණු මිරිසටත් සීනි සම්බෝලයටත් යන දෙකටම නෑ සම්බන්ධතාවක් ඇති කුමක්දෝ එකක් කිරිබත් කෑම සඳහා තිබිණි. රන්ජන් කියන හැටියට ඒවා ශ්‍රියාකාන්තටම ආවේණික මේඩින් වේ. “මගෙ දණ හිස ඇදුම් දෙනව” දණහිස අල්ලා ගෙන කීවේය. කවුරුදෝ වේදනා නාශකයක් ඇතිල්ලුවේය. පැනඩෝල් පෙති දෙකක්ද ඔහු ඉල්ලා ගෙන බීවේය.

“හොඳටම පරක්කුයි” මිදුලේ (මිදුල යනු නිවස ඉදිරිය් පොදු පාරය) සිට තිලකේ (පොලිස් රාලහාමි) උස් හඬින් කියනු ඇසුණේය.

“කීයද? වෙලාව” ඒ හඬ උඩු මහලෙනි.

“නමයයි සර්”

සාමාන්‍යයෙන් සෑම දිනකම ඇඳ පැළඳ රාජකාරි සඳහා කාමරයෙන් එළියට බසිද්දී රජන්ජන් නොකඩවා කරන එක්තරා සිරිතක් තිබේ. ඒ තමන්ගේ කාමරයේ ලොකු අකුරින් අලවා ඇති එක්තරා වාක්‍යයක් හඬනඟා පැවසීමය.

‘How to be happy. Decide every morning that you are in a good mood…’’ යන්න ඒ වචනකිහිපයයි. ඒ අනුව එදිනද රන්ජන් කාමරයෙන් එළියට බසින විට මේ වචන කිහිපය හඬනඟා පැවැසුවේය.

‘කොහොමද සතුටින් ඉන්නේ. සෑම උදෑසනකම සතුටින් ඉන්න විදිහ ගැන තීන්දු කරන්න’ යන්න එහි සිංහල අදහසයි.

පසුව ඔහු වාහනය ළඟට ආවේය. කුෂාන් රියදුරු අසුණේය. (කුෂාන් නැති වෙලාවට ලකීය.) වාහනය ස්ටාර්ට් එකේය. ඉදිරියේ වම් පස දොර ඇරුණු ගමන්ය. ඒ අසල තිලකේ (පොලිස් රාලහාමි) ඇලට් එකේ හිටගෙනය. ශ්‍රීයාකාන්ත පිටුපස අසුණේය. මුදල් ලියුම් කියුම් අඩංඟු අත්මල්ල ඔහුගේ අතේය.

ගමන බොහෝ පරක්කු වී තිබුණත් මොනතරම් හදිස්සි එකක් වුවත් රන්ජන් නිවෙසින් එළියට ආ විගසම වාහනයට නගින්නේ නැත. ඔහු වාහනය ළඟට එයි. “හරි යමු කියයි” එසේ කියන ගමන් රියේ දොර කණ්ණාඩියෙන් බලා හිස හදයි. එසේ කර ඒ අසල පාරේ අනිත පැත්තේ අඹ ගස යටට ගොස් උඩු කය ඇඳුම (ටීෂර්ට් එක හෝ කමිසය හෝ කෝට් එක) සකසයි. වරක් උගුර පාදයි. ඉන් පසු අවුත් “හරි යමු”යැයි පවසා වාහනයේ ඉඳගනියි.

ඔන්න ඔය කියන චරියාව අඟහරුවාදා (12) උදේද පිළිවෙළටම කෙරිණි. ඒ යන ගමන් පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණ පොලිස් මුරපොළේ නිලධාරීන්ට සුහද වචනයක් පැවසීමද රන්ජන්ගේ චරියා ධර්මයකි.

‘අධිකරණ සංකීර්ණයේද සුපුරුදු පරිදි රන්ජන් එන තුරු රැක සිටින මාධ්‍ය සහෘදයන්ට ඔහු සුහද සිනා පෑවේය. මේ අතර තුරේ මයන්ත දිසානායක, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් දුරකථන ඇමතුම් ලැබිණි.

සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම නියම වූ පසුව ඔහු හැසිරුණේ ද කිසිදු චකිතයක් හෝ තැති ගැන්මක් හෝ නැතිවය. ඒ බැව් මාධ්‍ය මගින් පැහැදිලිවම ප්‍රකට විය.

දඬුවම් නියමවීමෙන් අනතුරුව රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයට ගෙනයනු ලැබිණි. ජම්පරයක්ද ඇන්දවීමෙන් පසු දින දාහතරක (14) කාලසීමාවකට නිරෝධායනය සඳහා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයනු ලැබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහාවංශයෙන් ලජ්ජතිස්ස රජ්ජුරුවන්ව හංගලා දැම්මේ කව්ද?

Next Post

ඉස්සර හැම එකක්ම කළා… දැන් එහෙම බෑනේ ඉතින්

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.