• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාවංශයෙන් ලජ්ජතිස්ස රජ්ජුරුවන්ව හංගලා දැම්මේ කව්ද?

January 17, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
මහාවංශයෙන් ලජ්ජතිස්ස රජ්ජුරුවන්ව හංගලා දැම්මේ කව්ද?
Share on WhatsAppShare on Facebook

පසුගිය සති කිහිපය පුරාවට අප ඓතිහාසික රජගල පුරාවිද්‍යා පරිශ්‍රය පිළිබඳ බොහෝ දේ කතා කළෙමු. ඒ හරහා මෙතෙක් කලක් බොහෝ දෙනකු නොදැන සිටි අපේ ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් පිළිබඳ සැඟවුණු තොරතුරු රාශියක් කතා කිරීමට හැකි වූ බව අපේ විශ්වාසයය. රජගල පුරාවිද්‍යා පරිශ්‍රය පුරා දක්නට ඇත්තේ ඕනෑම කෙනකු පුදුමයෙන් පුදුමයට පත් කරවන විස්මයකි. රජගල පිළිබඳ කියවූ ඔබ යම් දිනක එහි සංචාරය කළහොත් එය වඩාත් හොඳින් තේරුම් ගනු ඇත.

රජගල විස්මයෙන් මත්වන ඕනෑම කෙනකුගේ සිත නිසැකවම දිව යන්නේ එහි නිර්මාණකරුවා කවුරුන්ද යන්න සොයා බැලීම කෙරෙහිය. එහි ආරම්භකයා වන්නේ දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජුගේ පුතණුවන් වන ලජ්ජතිස්ස රජුය. ඒ බව රජගල ගමන ආරම්භයේදීම අපි ඔබට පැවසූවෙමු. නමුත් ගමන ආරම්භයේදී දැනෙනවාට වඩා රජගල ගමන අවසානයේදී ලජ්ජතිස්ස නැමැති මේ සුවිශේෂී නිර්මාණකරුවා පිළිබඳ දැනෙන හැඟීම ඉතා වෙනස් එකකි. මේ සංචාරය අවසානයේදී ලජ්ජතිස්ස රජු පිළිබඳ ඉමහත් ගෞරවයක් සිතේ ඇතිවන්නේ නිරායාසයෙනි. එමෙන්ම මෙතෙක් කලක් ඔහුට ඉතිහාසයේ නිසි තැන හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිවන්නේ කනගාටුවකි.

ලජ්ජතිස්ස රජු සම්බන්ධයෙන් ඉතිහාසයේ වැඩිදුර කතාබහට ලක් නොවීමට හේතුව ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වන රජගල වසර දහස් ගණනක් පුරා සැඟව පැවතීම යැයි යමෙකුට තර්ක කළ හැක. ඉංග්‍රීසි පාලන සමයේදී පැරැණි අනුරාධපුර නගරය සොයා ගැනීමෙන් පසු දුටුගැමුණු රජුගේ වික්‍රමයන් දෑසින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. ඒ හරහා වංශකතාවල ඔහු පිළිබඳව සඳහන් කරුණු කාරණා ජනතාව අතර ප්‍රචලිත විය. එම කරුණු හරහා විවිධ ජනප්‍රවාදයන්ද නිර්මාණය විය. පොළොන්නරුව සොයා ගැනීමෙන් පසු මහා පරාක්‍රමබාහු රජුගේ වික්‍රමයන් ඉතිහාසය හරහා මතුවිය. සීගිරි කාශ්‍යප රජු සම්බන්ධයෙන්ද එසේමය. ඕනෑම කෙනකු පුදුමයට පත් කරවන සීගිරි බලකොටුව සොයා ගැනීමෙන් පසු වංශකතාවල සඳහන් කාශ්‍යප රජුගේ පුරාවෘත සොයා යෑමට සැම දෙනාම උත්සුක වූහ. එබැවින් ලජ්ජතිස්ස රජු ඉතිහාසයෙන් සැඟව ගියේ රජගල සොයා නොගැනීම හේතුවෙන් යැයි නැඟෙන තර්කයට පැහැදිලි පදනමක් ඇත.

නමුත් මෙහිදී අවධානය ලක් විය යුතු තවත් කාරණාවක් ඇත. අප ඉහත සඳහන් කළ රජවරු සියලු දෙනා පිළිබඳව බොහෝ තොරතුරු වංශකතාවලද සඳහන්ව තිබීම එම සුවිශේෂී කාරණාවය. උදාහරණයකට ගතහොත් දුටුගැමුණු රජු පිළිබඳ මහාවංශය ඇතුළු වංශකතා හැම එකකම විශාල ඉඩකඩක් වෙන් වී ඇත. මහා පරාක්‍රමබාහු, කාශ්‍යප වැනි රජවරුන් සම්බන්ධයෙන්ද එසේමය. පීතෘ ඝාතකයෙකු ලෙස හඳුන්වමින් වුවද, කාශ්‍යප රජු පිළිබඳ බොහෝ දේ වංශකතාවල සඳහන්ව ඇත. එම රජවරුන් වර්තමාන කලා නිර්මාණයන්ට පවා පාදක වන්නේ ඒ හේතුව නිසාය. නමුත් ලජ්ජතිස්ස රජුට වංශකතාකරුවන් වෙන් කර ඇත්තේ ඉතාම සුළු ඉඩ කඩකි. ලජ්ජතිස්ස රජු ජනතාව අතර ජනප්‍රිය නොවූයේ රජගල සොයා නොගැනීම හේතුවෙන් බවට වන තර්කය ඒ අනුව බිඳ වැටේ. රජගල නිසි පුරාවිද්‍යා සංරක්ෂණයන් සිදු නොවූවද, මේ විශිෂ්ට පාලකයාගේ තවත් විස්මිත නිර්මාණයක් වූ රිටිගල මීට බොහෝ කාලයකට පෙර නිසි පුරාවිද්‍යා සංරක්ෂණයන්ට ලක් විය. නමුත් ලජ්ජතිස්ස රජු පිළිබඳ සමාජ කතිකාවතක් ඇති වීමට එය හේතු නොවීය. ලජ්ජතිස්ස රජු සඟවා ඇත්තේ වංශකතා ඉතිහාසය තුළින්ම බව පැහැදිලි වන්නේ ඒ අනුවය.

ලජ්ජතිස්ස රජු අනුරාධපුරය පාලනය කර ඇත්තේ ක්‍රි. පූ. 119 සිට ක්‍රි. පූ. 109 දක්වා වූ කාලයේදීය. ලජ්ජතිස්ස රජුට පෙර අනුරාධපුර රාජධානියේ පාලකයන් වූයේ සද්ධාතිස්ස රජු හා දුටුගැමුණු රජතුමාය. අප කලින් සඳහන් කළ පරිදිම දුටුගැමුණු රජු පිළිබඳ වංශකතාකරුවන් බොහෝ දේ කතා කර ඇත. සද්ධාතිස්ස රජු සම්බන්ධයෙන්ද එසේමය. කුඩා කාලයේ සිටම ඔහු පිළිබඳ තොරතුරු රාශියක් වංශකතාවල දක්වා ඇත. ඒ ආශ්‍රයෙන් බිහි වූ ජනප්‍රවාදයන්ද බොහෝය. එමෙන්ම රජකම හිමි නොවූ නමුත් දුටුගැමුණු රජුගේ පුතණුවන් වූ සාලිය කුමරු පිළිබඳවද බොහෝ තොරතුරු වංශකතාවල සඳහන්ව ඇත. ජනප්‍රවාදයන්ද එසේමය. නමුත් ඉතාම නිර්මාණශීලී පාලකයකු වූ ලජ්ජතිස්ස රජු පිළිබඳව ඒ ආකාරයෙන් කතා කිරීමට වංශකතාකරුවන් කටයුතු කර නැත.

මහාවංශයේ ලජ්ජතිස්ස රජු පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

“සද්ධාතිස්ස මහ රජු දීඝවාපියේ වාසය කරන කල්හි ලජ්ජතිස්ස නම් වැඩිමහල් පුතු ගිරිකුම්බිල නම් වූ රම්‍ය විහාරය කරවන ලද්දේ ය. ඔහුගේ බාල පුතු වූ ථුල්ලත්ථන තෙමේ කන්දර විහාරය කරවූයේ ය. ථුල්ලත්ථන කුමරු සහෝදරයා වූ ගාමණී අභය රජු වෙත එන පියාණන් සමඟම ස්වකීය විහාරය සංඝයාට පරිභෝජනය කරවීම පිණිස ආවේ ය. සද්ධාතිස්ස මහ රජු මරණයට පත් වූ කල සියලු ඇමැතිවරු ථූපාරාමයේ රැස් වී සියලු භික්ෂු සංඝයා රැස් කරවා රට රකිනු පිණිස ථුල්ලත්ථන කුමර තෙමේ සංඝයාගේ අනුමැතියෙන් අභිෂේක කරවන ලද්දේය. එය ඇසූ ලජ්ජතිස්ස තෙමේ මෙහි (අනුරාධපුරයට) පැමිණ ඔහු අල්ලාගෙන තමන් රාජ්‍යය කරවීය. ථුල්ලත්ථන රජ තෙමේ එක් මස් එක් දිනයක් (රාජ්‍යය කළේ) ය. ලජ්ජතිස්ස රජ තෙමේ තුන් අවුරුද්දක් ම සංඝයා කෙරෙහි ගෞරව නැති ව, “වැඩිමහලු පිළිවෙළ නො දන්නෝය.” යැයි ඒ සංඝයා වහන්සේලාට පරිභව කළේය. පසුව රජ තෙමේ සංඝයා කමා කරවා දඬුවම් පිණිස (කහවණු) තුන් ලක්ෂයක් දී මහා සෑයේ සෙල්මුවා මල් ආසන තුනක් කරවීය. (ඒ රජ තෙමේ කහවණු) ලක්ෂයකින්, අතරමැදක පිහිටි ථූපාරාමයද මහා සෑයද (යා වුණ) භූමිය සම කොට උස් කරවන ලද්දේය. උතුම් ථූපාරාම සෑයට සෛලමය කංචුකයක් ද කර වී ය. ථූපාරාමයට නැඟෙනහිරින් ගල් දාගැබද ලජ්ජක (නම් තමා) නමින් භික්ෂු සංඝයාට ආසන ශාලාද කරවන ලද්දේය. (කහවණු) ලක්ෂයක්දී සෑගිරි වෙහෙර කණ්ඨක චෛත්‍යයේ සෛලමය කංචුකයක්ද කරවීය. ගිරිකුම්බිල නම් විහාර පූජාවේ සැට දහසක් භික්ෂූන්ට ඒ රජ තෙමේ තුන් සිවුරු දුන්නේය. රිටිගල විහාරය, එමෙන් ම කන්දරහීනක විහාරය ද කර වී ය. ග්‍රාමවාසී භික්ෂූන්ට බෙහෙත් ඖෂධ දෙන ලද්දේය. කුමක් කැමතිදැයි විචාරා භික්ෂුණීන් වහන්සේලාට කැමති දේද සහල්ද දුන්නේය. ඒ රජ තෙමේ මෙහි නව අවුරුදු අට මසක් රජකම් කළේය. ලජ්ජතිස්ස රජු මරණයට පත් වූ කල්හි ඔහුගේ මලණු වූ ඛල්ලාටනාග නම් රජු සය අවුරුද්දක් ම රජකම් කළේ ය.”

එම කුඩා ඉඩකඩේදී සඳහන්ව ඇති ආකාරයට ලජ්ජතිස්ස රජු කර ඇති වික්‍රමයන් බොහෝය.

ගිරිකුම්භිල විහාරය හෙවත් රජගල මෙන්ම රිටිගල විහාරයද අපේ ඉතිහාසයේ ඉදි වූ විශ්වකර්ම නිර්මාණයන්ය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ කඳු මුදුනක් මත හෝ ගිරි ශිඛරයක් මත ඉදි වූ පළමු ආරාම සංකීර්ණය රජගල වන අතර දෙවැනි ආරාම සංකීර්ණය වන්නේ රිටිගලය. සීගිරි කාශ්‍යප රජු විසින් ඉදි කරවා ඇත්තේ සීගිරිය පමණකි. ඒ ඊට වසර 400කට පමණ පසුවය. නමුත් ලජ්ජතිස්ස රජු විසින් ලොවම පුදුම කරවන නිර්මාණ ද්විත්වයක් කරවා ඇත. ලජ්ජතිස්ස රජු කරවූයේ යැයි කියන කන්දරහීනක විහාරය තවම නිශ්චිතව හඳුනා ගෙන නැතත් මිහින්තලයේ කණ්ඨක ස්ථූපයද එතුමා විසින් කරවූවක් බව තහවුරු කර ගෙන ඇත. එබැවින් එවැනි මහා නිර්මාණයන් රැසක් සිදු කළ රජ කෙනකු පිළිබඳ වංශකතාවල මෙතරම් කුඩා ඉඩකඩක් වෙන් වුණේ මන්දැයි යන්න සැබවින්ම පුදුමයට කරුණකි.

වංශකතාකරුවන් හිතාමතාම ලජ්ජතිස්ස රජුට හිමි විය යුතු තැන ලබා නොදුන්නේදැයි යන සැකයද මෙහිදී මතු විය හැක. එම සැකයට තුඩු දෙන ප්‍රධාන කාරණයක් මහාවංශයේ සඳහන් කරුණු හරහාද සොයා ගත හැක. එනම් තම සොහොයුරාට රජකම ලබා දීම සම්බන්ධයෙන් වසර තුනක කාලයක් ලජ්ජතිස්ස රජු භික්ෂුන් වහන්සේ සමඟ අමනාපයෙන් පසු වීමය. ඉතිහාසය පුරා භික්ෂූන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ පාලකයන්ට වැඩි ඉඩක් වෙන් වද්දී, එලෙස කටයුතු නොකළ පාලකයන්ට වෙනත් ප්‍රතිරූප මවා තිබෙන ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇත. ඉතිහාසයට පමණක් නොව වර්තමානයටද එය එක සේ අදාළය. එබැවින් ලජ්ජතිස්ස රජුට වංශකතාවල නිසි තැන නොලැබීමට භික්ෂූන් සමඟ වූ අමනාපය හේතුවක් වීද යන්න විමසා බැලිය යුතුය.

මේ අතර පසුගිය වසර කිහිපය පුරාම රජගල මෙන්ම රිටිගල සම්බන්ධයෙනුත් ප්‍රචලිත වූ වෙනත් මතවාද කිහිපයක්ද දැක ගත හැකි විය. මේ විශ්වකර්ම නිර්මාණ ද්විත්වයම රාවණා රජු විසින් කරවූ බවට වන මතවාදය ඒ අතරින් ප්‍රධානය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු වුණා යැයි පවසන පිරිස්ද, තම මතවාදය සනාථ කිරීම සඳහා රජගල මෙන්ම රිටිගලද ඈඳා ගෙන ඇති ආකාරය දක්නට ඇත. එම මතවාදයන්හි සත්‍ය අසත්‍යතාව සොයා යෑම වෙනත් කාරණයකි. නමුත් ඒ ආකාරයෙන් වෙනත් මතවාද මේ සුවිශේෂී නිර්මාණයන් සම්බන්ධයෙන් ඇති වූයේ ඒවායේ සැබෑ ඉතිහාසය සැඟවී තිබීම හේතුවෙනි. බොහෝ දෙනකු ඒ පිළිබඳ නොදන්නා බැවිනි. මෙතරම් විස්මයක් සිදු කිරීමට අපි ඉගෙන ගත් ඉතිහාසයේ රජෙකු නොසිටි බවටත්, එය වංශකතාවල සඳහන් නොවන ඊට පෙර කාලයක් ජීවත් වූ මහා රජෙකුගේ වික්‍රමයක් බවටත් සමාජ මතයක් ඇති වන්නේ ඒ අනුවය. පුරාවිද්‍යා සාක්ෂි සහිතව තහවුරු වූ ලජ්ජතිස්ස රජුගේ නම ඉතිහාසයේ සැඟව යද්දී, මීට වසර දෙදහසකට පමණ පෙර ඉදිකළාදැයි අදහාගත නොහැකි තරමේ උසස් නිර්මාණයන්හි අයිතිය නොදන්නා බලවතෙකුගේ නමට පැවරීම කනගාටුවට කාරණයකි. එබැවින් අනාගතයේදීවත් ලජ්ජතිස්ස නැමැති සුවිශේෂී නිර්මාණකරුවාට ඉතිහාසයේ හිමි විය යුතු නිසි තැන ලබා දීම අපේ යුතුකමකි. රජගල ගමන පුරාවට අපේ හිතේ ඇතිවූ ඒ හැඟීම වචන කිරීමට මෙලෙස ඉඩ කඩ වෙන් කළේද ඒ නිසාය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සියලු දෙමළ පක්ෂ-සංවිධාන එකතු වෙයි: ලංකාවට එරෙහිව ලෝකෙටම එක ලියුමක්

Next Post

කාටවත් නොලැබුණු රන්ජන්ගේ ‘අවසන් පැය 24’ මුල සිට අගට…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.