• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

June 9, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු බවත් IMF එකඟතා රාමුවක් තුළ රජය පූර්ණ ලෙසම ආර්ථිකය මෙහෙයවන බව පැවසුවත් බාහිර හා අභ්‍යන්තර ආර්ථික හා දේශපාලන විචනයන් හමුවේ වඩා අවදානම් සහිත වෙනස් වීම් පෙන්වන අප රටේ ආර්ථික පීඩනය වඩාත් දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය මත පදනම්වන බව රජය පිළිගන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වර්තමානයේ ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙවලම් ඉදිරිපත් කරන ලෙසත් එහි ඉලක්ක සහ එම ඉලක්ක කරා ළගා වීමට වගකීමක් ඇති ආයතන ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් කමිටුවේදී අහිමි වූ ඩොලර් මි. 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි පරස්පර කතා කියන්නේ ඇයි?

ඊයේ මුදල් කමිටුව රැස් වූ අවස්ථාවේ දී රටට අහිමි වූ ඇ. ඩොලර් ලක්ෂ 25 සිදුවීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහ බැංකුව සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන භාණ්ඩාගාරය අතර බරපතල අර්බුධයක් ඇති වූ බවත් රජයේ මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති යම්කිසි ඒකාග්‍රතාවකින් ක්‍රියාත්මක විය යුතු මොහොතක මහබැංකුව මහා භාණ්ඩාගාරයේ අර්ථකථන සහ මහා භාණ්ඩාගාරය මහ බැංකුවේ අර්ථකථන ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් නොවිය යුතු බවත් එය රටේ ආර්ථික ප්‍රතිපත්තියට බරපතල හානියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අහිමි වූ ඇ. ඩො. මි. 2.5 ගැන භාණ්ඩාගාර වාර්තාව සභාගත කරන්න

එසේම ඇ. ඩොලර් ලක්ෂ 25 අහිමි වීම සම්බන්ධ භාණ්ඩාගාරය ලබා දුන් වාර්තාව සභාගත නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන්න

IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ සෙසු ජාත්‍යන්තර ආයතන අතර ඇති එකගතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලපා ඇති ආකාරය ඉදිරිපත් කරන ලෙසත් ප්‍රාථමික ශේෂය රාජ්‍ය ආදායම් ඉලක්ක ගැන අසන්න ලැබෙන නිසා මේ කරුණු සමඟ මෙය බද්ධවන ආකාරය ඉදිරිපත් කරන ලෙසත් රටේ ආර්ථික ස්ථායිභාවය සහ වර්ධනය සදහා මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති වෙන් වෙන් වශයෙන් හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රජයේ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති නිසා ජනතාවට වූ බලපෑම ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන්න

වර්තමානයේ සාර්ථක මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධා අවධානම් හා ව්‍යුහාත්මක ගැටලු ඉදිරිපත් කරන ලෙසත් එම අවදානම් අවම කර ආර්ථික ස්ථායිභාවය තහවුරු කිරීමට රජය ගෙන ඇති හෝ ගෙන යාමට අපේක්ෂිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් පසුගිය වසර 2 තුළ රජය අනුගමනය කළ මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය, විනිමය අනුපාතය, පොලි අනුපාතය, ආයෝජන, රැකියා හා ජන ජිවිතයේ වියදම් මත ඇති වූ ප්‍රතිඵල ගැන රජයේ ඇගයීමක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

‍කොහොමද රු. 17000කින් මාසයක් ජිවත් වෙන්නේ?

අප්‍රේල් මාසයේ එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වීමට රු.17000ක් ප්‍රමාණවත් බවට රජය පවසන බවත් රු. 17000කින් පුද්ගලයකුට දින 30ක් ආහාර හා ආහාර නොවන වියදම් ආවරණය කර ගත හැකි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික පීඩනය අවම කරන්න රජය ගෙන ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න

බදු බර ඉහළ යාම,රාජ්‍ය වියදම් සීමා කිරීම සහ පොලි අනුපාත ප්‍රතිපත්ති නිසා මධ්‍යම පන්තිය, වෘත්තීයවේදීන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර, ගොවියන්, ධීවරයන්, අඩුආදායම්ලාභීන් මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරිමට ගෙන ඇති විශේෂිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රි ලංකාවේ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තු අධීක්ෂණය සහ මහජන වගකීම තවදුරටත් ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.