• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

June 9, 2026
in Business
Reading Time: 7 mins read
A A
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල වශයෙන් විවෘත කළ අතර, එය සමාගමේ වර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ශ්‍රී ලංකාව, ආසියානු කලාපය සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරික ප්‍රජාවට දිගුකාලීනව සහාය ලබාදීමේ කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය.Sri Lanka Latest News

මෙම විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික සහ සංවර්ධන ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා සහ වැඩබලන තානාපතිවරයා වන ඉවාන් රට්ජන්ස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්විය. එමෙන්ම යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO), Market Development Facility (MDF) Australia ඇතුළු සංවිධානවල නියෝජිතයින් ද, කර්මාන්ත හවුල්කරුවන්, සේවාදායකයින් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පීටර්සන් සොලියුෂන්ස් යනු 1920 වසර දක්වා දිව යන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, ගෝලීය වශයෙන් පිළිගත් බහුජාතික සමාගමක් වන Peterson Control Union (PCU) සමූහයේ උපදේශන අංශයයි. සියවසකට අධික කාලයක් පුරා එම සමූහය රටවල් 80කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වෙමින්, රටවල් 120කට වැඩි ප්‍රමාණයක ව්‍යාපෘති සිදු කරමින් සහ 6,500කට අධික වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජාලයක් හරහා සේවාදායකයින් 40,000කට වැඩි සංඛ්‍යාවකට සේවා සපයමින් විශ්වාසනීය ජාත්‍යන්තර හවුල්කරුවෙකු ලෙස වර්ධනය වී ඇත.

විශ්වාසනීයත්වය, තාක්ෂණික විශේෂඥතාව සහ ප්‍රායෝගික ව්‍යාපාරික විසඳුම් මත ගොඩනැගුණු පීටර්සන් සොලියුෂන්ස් සමාගම, තිරසාරභාවය, අනුකූලතාවය, සැපයුම් දාම කළමනාකරණය, සහතිකකරණය, කෘෂිකාර්මික සංවර්ධනය සහ තාක්ෂණික නවෝත්පාදන සම්බන්ධ අභියෝග ජය ගැනීම සඳහා ආයතනවලට අවශ්‍ය සහාය ලබාදෙමින් කීර්තිමත් නාමයක් දිනාගෙන ඇති සමාගමකි.

වර්තමානයේ පීටර්සන් සොලියුෂන්ස් සමාගම පහත සඳහන් සේවාවන් විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් සඳහා සපයනු ලබයි:

සහතිකකරණ සහාය සේවා (Certification Support Services),
තිරසාර සැපයුම් දාම විසඳුම් (Sustainable Sourcing Solutions),
තිරසාරභාවය සහ ESG උපදේශන සේවා (Sustainability & ESG Services),
තාක්ෂණික සහ ඩිජිටල් විසඳුම්, (Technology & Digital Solutions)
Peterson Academy හරහා පුහුණු සහ ධාරිතා සංවර්ධන සේවා, (Training and Capacity Building Services)
ජාත්‍යන්තර බෝග උපදේශන සේවා, (International Crop Consultancy Services) පීටර්සන් සොලියුෂන්ස් සමූහයට අනුබද්ධ ඩෙල්ෆි (Delphy) ආයතනය මගින් සපයනු ලබයි.

පීටර්සන් සොලියුෂන්ස් සමාගම කෘෂිකර්මාන්තය, ආහාර හා පාන, ඇඟලුම් හා රෙදිපිළි, ධීවර, සංචාරක, නිෂ්පාදන, සිල්ලර වෙළඳාම, තොරතුරු තාක්ෂණය, ලොජිස්ටික්ස් සහ අපනයන ආශ්‍රිත කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් වෙත සේවා සපයයි. සමාගමේ බහුවිධ ප්‍රවේශය හරහා තාක්ෂණික විශේෂඥතාව, තිරසාරභාවය පිළිබඳ දැනුම, කෘෂිකාර්මික උපදේශන සේවා, ඩිජිටල් නවෝත්පාදන සහ සහතිකකරණ විසඳුම් එකම වේදිකාවක් යටතේ ලබාදීමට හැකියාව ලැබී ඇත.

ආසියා-පැසිෆික් කලාපය තුළ පීටර්සන් සොලියුෂන්ස් ආයතනය ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, තායිවානය, පැපුවා නිව් ගිනියාව, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් 14 ක කාර්යාල ජාලයක් හරහා ක්‍රියාත්මක වේ. මෙම කලාපීය ජාලය මගින් දේශීය වෙළඳපොළ පිළිබඳ අවබෝධය ජාත්‍යන්තර විශේෂඥතාව හා යහපත් භාවිතයන් සමඟ ඒකාබද්ධ කරමින් සේවා සැපයීමට ආයතනයට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකාව තුළ පීටර්සන් සොලියුෂන්ස් ආයතනය 2023 වසරේදී කොළඹ 03 ප්‍රදේශයේ පිහිටි කාර්යාලයකින් සිය මෙහෙයුම් ආරම්භ කළ අතර, කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ සේවාදායකයින් 170කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීය හවුල්කරුවෙකු බවට පත්වීමට සමත් විය. එමෙන්ම මාලදිවයින, කාම්බෝජය සහ මියන්මාරය ඇතුළු රටවල ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් කලාපීය වශයෙන් සිය සේවා පුළුල් කර ඇත.

ඔරියන් සිටි වෙත රැගෙන ආ මෙම නව කාර්යාලය සමාගමේ අඛණ්ඩ වර්ධනය, උපදේශක කණ්ඩායමේ පුළුල්වීම සහ කලාපය පුරා වැඩිවෙමින් පවතින අගය එකතු කරන සේවාවන් සඳහා ඇති ඉල්ලුම පිළිබිඹු කරයි. තිරසාරභාවය සහ සහතිකකරණ සේවාවන්ට අමතරව, බෝග උපදේශන, තිරසාර කෘෂිකර්මාන්තය, දත්ත මත පදනම් වූ තිරසාරභාවය කළමනාකරණය, තාක්ෂණික විසඳුම් යන ක්ෂේත්‍රවලද පීටර්සන් සොලියුෂන්ස් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර ඇත.

Barista, Pelwatte Dairy Industries, Ethimale Plantations, Sysco LABS, INSEE Ecocycle, Ceylon Tobacco Company, Prima සහ Ansell ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සමඟ පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටී.

ඔරියන් සිටි හි නව ප්‍රධාන ආයතනික කාර්යාලය විවෘත කිරීම ශ්‍රී ලංකාව තුළ පීටර්සන් සොලියුෂන්ස් ආයතනයේ වර්ධන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළ අතර, එය සහයෝගීතාවය, නව්‍යකරණය සහ ශ්‍රී ලංකාව තුළත් ඉන් ඔබ්බටත් ව්‍යාපාරික ප්‍රජාවට වටිනාකම් සහගත හා ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ වැඩබලන තානාපතිවරයා වන ඉවාන් රට්ජන්ස් මහතා සහ පීටර්සන් සොලියුෂන්ස් හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු ආචාර්ය රුක්ෂාන් ගුණතිලක මහතා නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු.

වැඩිදුර තොරතුරු සඳහා

වෙබ් අඩවිය[www.peterson-solutions.com](https://www.peterson-solutions.com)
* *LinkedIn:* Peterson Solutions Sri Lanka ([https://www.linkedin.com/company/peterson-solutions-sri-lanka/](https://www.linkedin.com/company/peterson-solutions-sri-lanka/))
* *විද්‍යුත් තැපෑල:* [email protected]
* *දුරකථන:* +94 76 642 9722

SendShareShare
Previous Post

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.