• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 9, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ ක්ෂේත්‍රයට ඇගිලි ගසා අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කරන්නටත් මාධ්‍ය නිදහස සීමාසහිත කිරීමටත් කටයුතු කර ඇති බවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත උපයෝගී කර ගෙන මාධ්‍ය නිදහස පදුලු කරනවා සේම ජනතාවගේ මූලික අයිතිය සේම ආර්ථික, සමාජයී, සංස්කෘතික හා ආගමික අයිතිය පවා පලුදු කර ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි ආකාරයට උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇති මේ යුගයේ දීර්ඝ කාලීනව පවතින සිවිල් සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව ඇති බවත් එය ප්‍රජාත්නත්‍රවාදී ව්‍යුහයේ සංවරණ හා තුලන මනාව ඉටු කළ හැකි සිවිල් සාමාජ ව්‍යාපාරයක් බවට පත් කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරමුණ සාක්ෂාත් කරන දැවැන්තම සිවිල් සමාජ ව්‍යාපාරය බිහි කිරීමේ අරමුණින් විපක්ෂ නායක කාර්යාලයේ දී සිවිල් සමාජ රැසක නියෝජිත පිරිසක් සමඟ පැවැති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

2015, 2019 සහ 2024 මැතිවරණවල දී ජනතාවගේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සාධනීය බලපෑමක් සිදු කළ වැදගත් පාර්ශ්වයක් ලෙස සිවිල් සංවිධාන ව්‍යාපාරය හැඳින්විය හැකි බවත් මේ සිවිල් සංවිධාන ව්‍යාපාරවල ආයු කාලය ඉතාම සීමිත වූ බවත් මැතිවරණ ජයගැනීම අවසන් වූ පසු මේ සිවිල් සංවිධාන තුට්ටු දෙකට මායිම් නොකර තත්ත්වයකට පත්වූ බවත් යහපාලන රජය බිහි කරන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවන්න සිවිල් සංවිධාන ව්‍යාපාරය සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නත් ජයග්‍රහණයෙන් පසුව සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට පෙරට ආ ඒ ව්‍යාපාරය දැවැන්ත කළකිරීමකට පත්වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ මැතිවරණ ජයග්‍රහණය පමණක් නොව ඇති කර ගත් සමාජ ගිවිසුම සක්‍රීය කිරීමයි

සිවිල් සමාජ ව්‍යාපාර මඟින් ජනතාවට යම් තොරතුරු ප්‍රමාණයක් ලබා දී ආණ්ඩු පත් කලත් පශ්චාත් මැතිවරණ සමයේ ජනතා අපේක්ෂා ඉටු නොවන විට බලයට පත් කණ්ඩායම් විසින් මේ සිවිල් සමාජ ව්‍යාපාරය විනාශ කර දමන්නට කටයුතු කළ බවත් සමගි ජන බලවේගය නිර්මාණය කරන සිවිල් සමාජ ව්‍යාපාරය යනු ජාතික න්‍යාය පත්‍රයක් සකස් කිරීමම නොව එම ගිවිසුම ජනතාව ඉදිරියට ගෙන ගොස් සමාජ ගිවිසුමක් සකස් කිරීම තුළ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කිරීම තුළ මැතිවරණ ජයග්‍රහණය පමණක් නොව පශ්චාත් මැතිවරණ සමයේ පොදුජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම සක්‍රීය කිරීමේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරන නව ව්‍යාපාරයක් ගොඩනැගීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අගනුවර පමණක් නොව සෑම කුඩා ගමකටම මෙය විහිදිය යුතුයි

අගනුවර කේන්ද්‍රීය ප්‍රභූ කොටසකට පමණක් සීමා නොවී පළාත් 9ම දිස්ත්‍රික් 25ම සෑම ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම සම්බන්ධ වී දැවැන්ත සිවිල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් එය ලක්ෂ 220 ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමථාර්ථ මුදුන්පත් කිරීමට කටයුතු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජන වරම ආරක්ෂා කරන සිවිල් සමාජ ව්‍යාපාරයක් තමයි රටට අවශ්‍ය

දූෂණ විරෝධි ක්‍රියාදාමය, කුසලතා මත පදනම් වූ ක්‍රමවේදය, ජීවත් වීමේ අයිතිය ලබා දීම, ප්‍රතිගාමී බදු ක්‍රමය තුළ අසහනයට පීඩනයට පත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදී අරමුණු පෙරටු කර ගත් මේ සිවිල් සමාජ ව්‍යාපාරයේ ආරම්භක කමිටුව ලබන මාසයේ පැවැත්වීමට අදහස් කරන බවත් මෙය ද පසුගිය කාලයේ නිර්මාණය වූ සිවිල් සමාජ ව්‍යාපාරවලට වඩා වෙනස් බවත් මේ ජනතා නියෝජනත්වය තමන් පත්වන වරම ආරක්ෂා වන ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ කරපිටින් බලයට පැමිණි අය අද ඔහු අමතක කරලා

ලසන්ත වික්‍රමතුංග මහතාට කදුලු හෙලු ලක්ෂ ගණනක් ජනතාව රටේ ඇති බවත් ඔහුගේ මරණය උපයෝගී කර ගෙන බලය ලබා ගත් සෑම අයකුම ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා නොබැලූ බවත් මේවා ගැන සෙව්වේ නැති වූවාට ලබා ගත් වරම නම් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් සමගි ජන බලවේගය නිර්මාණය කරන සිවිල් සමාජ ව්‍යාපාරය තුළින් ජන වරම පාවා නොදෙන බවත් ලක්ෂ 220 ජනතාව සමඟ අත්සන් කරන සමාජ ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කරන නෛතික කටයුත්තක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අදත් ඇත්තේ ජන වරම අමු අමුවේ උල්ලංඝනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික ඒකාධිපති පාලනයක්

අවස්ථා ගණනාවකදීම රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වූයේ ජන වරම උල්ලංඝනය කළ පාලනයන්ට බවත් අදත් ඇත්තේ ජන වරම අමු අමුවේ උල්ලංඝනය කළ ජනතා අයිතිය විනාශ කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික ඒකාධිපති පාලනයක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Next Post

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.