දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි පොල් තෙල් සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමින් යුත් පොල් තෙල් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදී ව්‍යාපාරිකයකුට කළ වංචාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි ඇප මත මුදා හැර ඇති මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (10) වරෙන්තු නිකුත් කළේය.Sri Lanka Latest News
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නමැති ව්‍යාපාරිකයෙකු 2022 හා 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි කීපයකට අදාළ නඩු 4ක් විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර එම නඩු සඳහා සැකකාර ඌවතැන්නේ සුමන හිමියන් පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම සැකකාර හිමිනමට එරෙහිව 2022 වසරේ එක් පැමිණිල්ලක් හා 2023 වසරේදී පැමිණිලි 4ක් අධිකරණය හමුවේ මෙලෙස කැඳවිණි.
Òබ්රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්Ó නමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පෙනී සිටිමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල් තෙල් කිලෝ 84,240ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 8ක් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම නඩුව කැඳවිණි.
පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුෙව් වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.










