මේ වනවිට රජයේ ආධිපත්‍ය බිඳවැටෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
මරණ තුනක් අපට පෙනි පෙනී දෙවැනි වතාවටත් බංකොලොත් වීමේ අවදානම තියෙනවා. දැන් රුපියල තරම් වේගයෙන් අවප්‍රමාණය වෙන ලෝකේ තවත් මුදල් ඒකකයක් තියෙනව කියලා මම හිතන්නේ නෑ. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා, තත්ත්වයන් වෙනස් වෙනකොට වෙනස් වී ඉන්නට පුළුවන් වෙන්න ඕනෙලු. ඒ කියන්නේ දැන් දන්නවා වැඩේ කරන්නේ න්‍යායට සම්පූර්ණ පිටුපාලා, තමන් පිළිගත්ත වූ මතවාදයට පස්ස හරවලා, සම්පූර්ණ වාම ලිබරල්වාදයේ ගිලිලා යන ගමනක්. හිත ඇතුළෙන් ඒකට එනවා පීඩනයක්. එතකොට යනවා, න්‍යාය ටොන් ගානකට වඩා භාවිතාව වටිනවා කියලා. ඊළඟට කියනවා, තත්ත්වයන් අලුත් වෙනකොට අලුත් වෙන්න පුළුවන් වෙන්න ඕනලු. ඕක මීට කලින් කිව්වා නම් අර මැරිච්ච 60,000ක් විතර සහ ඒගොල්ලොන්ගෙන් අගතියක් වෙච්ච අනික් මිනිස්සු ටිකත් ඔක්කොම බේරෙනවා. එහෙමනම් ටිල්වින් සිල්වාට අර ගිනිඅවි ටික ගෝනියක දාගෙන ආයුධ ටිකත් අරන් ගිහිල්ලා, ආමි එක ආපු ගමන් ගෝනිය බිමින් තියලා අත් දෙක උස්සලා යටත් වෙන්න වෙන්නෙත් නෑ. ඒ මනුස්සයාට එහෙම වෙන්නෙත් නෑ අර හෝටලේ රස්සාව කරගෙන තාම එහෙනම් හොඳට ඉන්නවා.
මේ ළඟදි, මම හිතන්නේ සංචාරක නියෝජ්‍ය ඇමැති කිව්වා, එයාර්පෝර්ට් එකේ ඉඩ මදි, ඒ නිසා ඉතුරු ගාන ආවේ නෑ ටාගට් එකේ කියලා. ඒ කියන්නේ සංචාරකයෝ මෙහේ ටිකට් බුක් කරන්නේ එයාර්පෝර්ට් එකේ වර්ග අඩි ප්‍රමාණය බලලා. මරු මොළනේ. හඳුන්නෙත්තිගේ අර රතු සීනි කඩේ ඒ වගේ තමයි. මරු මොළ. උන්දැලා හිතන්නේ උන්දැලා වගේ අපි ඔක්කොම කියලා. ඒකයි මේකේ තියෙන නරක දේ. අර එල්ලපු තණකොළ ඕගොල්ලෝ කෑවාට මිනිස්සු කන්නේ නෑ. දැන් ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ එල්ලනවා, රටේ ජනයා ගිහිල්ලා ඒවා කනවා කියලා. මේ ශිෂ්ටසම්පන්න බව ගැන කප් ගහන ටෝක්ස් දීපු කට්ටිය. මේ විරෝධතා රැස්වීමක්වත් ඉවසගන්න බෑ. තණකොළ එල්ලනවා හතර වටේ. ගතිය මකන්න බෑ. ඒකයි ප්‍රශ්නේ.
එක පැත්තක කියනවා පොඩි හනුමලු. පොඩි හනුමට මොකටද හත් වලාමෙ ඔහොම හින්ට් ගහන්නේ….? ඉන්න පොඩි හනුමෙකුට ඉන්න දෙන්න එපැයි. රටේ ජනාධිපති ඇයි ඒ තැනට වැටෙන්නේ? දැන් ආධිපත්‍ය බිඳ වැටෙනවා. ෆේක් එකවුන්ට්වලින් ගැහුවට වැඩක් නෑ. ඊට වඩා ඔරිජිනල් එකවුන්ට්වලින් ප්‍රහාරය වැඩිවෙලා තියෙනවා.
ජගත් පෙරේරා










