හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි,, චන්න ජය සුමන, සහ කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුවූ දූෂණ මහා වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම විගණනය කරුණු විමසන නමුත් අදාළ කරුණු ලබාදීමට වර්තමාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකරන බවට නවතම විගණන වාර්තාව අනුව ප්‍රකාශ වී ඇති බැවින් ඒ සම්බන්ධ වහාම විමර්ශනයක් පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News
කොවිඩ් එන්නත් ලක්ෂ හැත්තෑවක් පමණ සීමාව ඉක්මවා මිලදී ගැනීමෙන් රජයට ඩොලර් මිලියන 70කට අධික පාඩුවක් සිදුවීම සම්බන්ධව විගණකාධිපතිවරයා දිගින් දිගටම කරුණු විමසන්න නමුත් වර්තමාන සෞඛ්‍ය බලධාරීන් අදාළ කරුණු වසන් කරන බවට නවතම විගණන වාර්තාව සඳහන් කොට ඇත. මෙම කාල සීමා දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිලතල දරන ලද වර්තමාන සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සහ වෛද්‍ය අසීල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් මේ අන්දමට තොරතුරු ලබා නොදී සිටීම හරහා පසුගිය කාල සීමාවෙදි සිදුවූ බොහෝ දූෂණ යටපත් විය හැකි බැවින් මෙම සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විදේශ ඒවා නියුක්ති කාර්යාංශය මගින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 900ට ආසන්න මුදලක් අවභාවිතා වී ඇති බවට විගණනය මගින් පෙන්වා දෙන කරැණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්යා ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ඒකකය හා දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් 25ක දූෂණ සම්බන්ධව නවතම විගණන වාර්තාවෙන් පෙන්නුම් කරුණු සම්බන්ධයෙන් ිසි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයාද කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මෙම දූෂිත නිලධාරීන් සමග සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගිය නොහැකි බව ජනාධිපතිවලට අවබෝධ වන බවත් වෛද්‍ය චමල් සංචිව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.









