ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
දීපවාලී උත්සවය සඳහා බඩුබාහිරාදිය මිලදී ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල දහස් සංඛ්‍යාත ජනතාව තලවකැලේ නගරයට පැමිණෙමින් සිටි .Sri Lanka Latest News
ජාතික දීපවාලී උත්සවය නුවර එළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් හැටන් නගරයේ පැවැත්වෙන පසුබිමක තලවකැලේ ළිඳුන නගර සභාව විසින් සංවිධානය කර තිබෙන වෙළඳ ප්‍රදර්ශනය සඳහා දහස් සංඛ්‍යාත වූ පාරිභෝගික ජනතාව තලවකැලේ නගරයට පැමිණෙමින් තිබෙන ආකාරයක් අපට දක්නට ලැබිණ ,
මෙම වෙළඳඳ ප්‍රදර්ශනය පසුගිය පහළොස්වන දින ආරම්භ කර ඇති අතර එළඹෙන 23 වන දින දක්වා අඛණ්ඩව පැවැත්වීමට තලවකැලේ ළිඳුන නගර සභාව කටයුතු කරයි ,
වෙළඳ ප්‍රදර්ශනය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පිළියම් යොදා ඇති බව හා ඒ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ භාජන ප්රචාරක සේවයක් තලවකැලේ ලිදුල නගර සභාව හා පොලිසිය එක්ව ක්‍රියාත්මක කිරීමට විශේෂත්වයකි .














