පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී මුහුණදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ පවසනවා.Sri Lanka Latest News
මේ අතර අයහපත් කාලගුණය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරු 8.30ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියේ දැක්වුණේ දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.










