පසුගිය අරගල සමයේ ගිනිබත් වූ, නීත්‍යනුකූලව ඔහුට හිමි නොවූ දේපළක් වෙනුවෙන්, රුපියල් ලක්ෂ අසූ අටක වන්දි මුදලක් ලබා ගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට වන චෝදනාව මත, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි. Sri Lanka Latest News
මෙම සිදුවීම සම්බන්ධයෙන්, ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත අදාල වන්දි වන්දි මුදල මුදා හැරීමට කටයුතු කළ හානිපූරණය සදහා වන කාර්යාලයේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, හානිපූරණය සදහා වන කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ අධ්‍යක්ෂකවරයා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.










