ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
2025.07.04 දින මහනුවර දිගන ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් ශාරිරික අභ්‍යාස ක්‍රීඩා උළෙල පැවැත්වුණා. එහිදී සම තෙවන ස්ථානය ලබාගත් ලිඳුල සිංහල මහා විද්‍යාලය සමස්ත ලංකා ක්‍රීඩා උළෙල සුදුසුකම් ලබාගත් බව එම නිලධාරීන් පවසා සිටියා .Sri Lanka Latest News
සමස්ත ලංකා තරග සඳහා සූදානම් වීමේ අරමුණින් දරුවන් නොකඩවා පුහුණුවීම් කළ අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා භෞතික පහසුකම් ද සපයා ගත්තා.නමුත් අවසානයේදී සමස්ත ලංකා තරග සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා නොදීමට තීරණය වී තිබෙනවා.
දුෂ්කර පාසලක් වුවත් දක්ෂ ළමුන් පිරිසක් සිටින ලිඳුලු සිංහල මහා විද්‍යාලය ළමුන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ නිසි බලධාරීන් සොයා බලන ලෙස ඉල්ලා එම විදුහලේ දෙමාපියන් ඊයේ.(24) එම පාසල ඉදිරිපිටදී විරෝධතාවයක් ප්‍රකාශ කළා.
2025.08.29,30 දෙදින පැවැත්වෙන සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දෙන මෙන් අදාළ ඉහළ බලධාරීන්ගෙන් එම දෙමාපියන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.























