අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තුව නිකුත් කරනු ලැබීය.
මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.










