ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ශ්‍රී පාදස්ථාන පුදබිම පරිශ්‍රයේ ගව මස් කඩයක් විවෘත කිරීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති නමුත් මහජනතාව එයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා නම් එයට විරුද්ධව හඬ නගනවා නම් ඒ ගැන වැඩි සැලකිල්ලක් ලබාදී විශේෂයෙන් අවධානයක් යොමුකොට කටයුතු කරන්නට හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ජුල සුරවීර ආරච්චි පවසයි.Sri Lanka Latest News
2025.08.18. දික්ඔය නගර සභා ශාලාවේ සඳුදා පැවති නෝර්වුඩ් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ඔහු මෙම ප්‍රකාශය කළේය.
තවද සිරිපාද පුදබිම ආශ්‍රිත ප්‍රදේශයේ ගව මස් අලෙවිසැලක් විවෘත කිරීමට නියමිත බවට මස්කෙළිය ප්‍රාදේශීය සභාව හරහා පැමිණිල්ල සම්බන්ධයෙන් පෙරමුණ ගෙන අධීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව සම්බන්ධ කර ගන්නා ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට උපදෙස් දුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම රැස්වීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලයිචෙල්වි නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් ආර්. සම්පත් හැටන් පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී. ප්‍රදීප් වීරසේකර පොලිස් ස්ථානාධිපතිවරුන් ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සංවර්ධන නිලධාරීන් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූහ.













