ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
රජයෙන් අඩු ආදායම්ලාභී හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සිටින පවුල් සඳහා ලබා දෙන අස්වැසුම සුභසාධන ගෙවීමේ බැංකු ගිණුම් මාරු කිරීමේ ආකෘති පත්‍ර ලබා ගැනීම සඳහා සුබසාධන ප්‍රතිලාභීන් විශාල පිරිසක් 18 වන සඳුදා දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටා රැස් වී සිටියහ ,Sri Lanka Latest News
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුමේ සිට දියසිරිගම ජලාශ ප්‍රදේශය දක්වා ප්‍රතිලාභීන්ගේ දිගු පෝලිමක් දක්නට ලැබුණි.
අස්වැසුම්ස් ප්‍රතිලාභීන් 17 වන ඉරිදා රාත්‍රියේ සිට එම අයදුම්පත ලබා ගැනීමේ අරමුණින් අද උදෑසන කාර්යාලය විවෘත කරනතුරු මෙලෙස දිගු පෝලිම්වල රැඳී සිටීමක් අවධානයට ලක් විය .
දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටි නමුත් තමන්ට අවශ්‍ය අයදුම්පත් ලබා ගැනීමට දහවල් කාලය පසු වුවත් ලබා ගැනීමට නොහැකි වූ බව ප්‍රතිලාභීන් වැසිවිලි නගති ,
අද උදෑසන සිට සුබසාධන ගෙවීම් ලබා ගැනීම සඳහා ප්‍රතිලාභීන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියද ප්‍රතිලාභීන් 800 දෙනෙකුට පමණක් ප්‍රමුඛතාවය ලබා දීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූබව බව ප්‍රතිලාභීන් පවසති.
මෙම තත්ත්වය හේතුවෙන් මහජනතාව දැඩි ලෙස නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් නොවුන් ප්‍රාදේශීය ඒකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පොලිසිය එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කර තිබිණ ,
මේ අතර පසුගිය සිකුරාදා ටෝකන් නිකුත් කළ ප්‍රතිලාභීන් 600 දෙනා ද අද ප්‍රතිලාභ ලබා ගැනීමට පැමිණ තිබුණු අතර ඔවුන්ට එහිදී මූලිකත්වය හිමිව තිබිණ ,
මෙම ක්‍රමවේදයට අමතර තවත් සුදුසු ක්‍රමවේදයක් යොදා මෙම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර දෙන ලෙස ප්‍රදේශවාසීන් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති .















