2105 සිට 2024 දක්වා කාලය තුළ තේ මණ්ඩලයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවන් සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 2015-2024 කාලය තුළ ලංකාවේ තේ ලොව වටා ප්‍රචලිත කිරීම සදහා යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින් එක්තරා දැන්වීම් සමාගමකට රුපියල් මිලියන 1765ක් වියදම් කොට ඇති බවය.
එසේ වුවත් එවැනි දැන්වීම් ලොව කිසිදු නාලිකාවක විකාශය වී නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම තේ මණ්ඩලයට අදාළ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා ඩොලර් ලක්ෂයක් වියදම් කොට ඇති බව කී අමාත්‍යවරයා එය භාෂා 6කට පරිවර්තනය කිරීම සදහා ඩොලර් ලක්ෂය බැගින් තවත් ඩොලර් ලක්ෂ 6ක් වියදම් කොට ඇති බවද කීය.










