• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චෙම්මනි සමූහ මිනීවළ ගැන උතුරේ ප්‍රබලම පක්ෂය වෙච්ච ITAK එකෙන් ජනාධිපති අනුරට තීරණාත්මක ලියුමක්! වසර 26කට පෙර ගොඩගත් සිරුරුවල නඩුවත් අලුත් නඩුවට එකතු කරන්න! ග්ලාස්ගෝවලට අරන් ගිහින් තියෙන සිරුරු වහා ගේන්න!  I Sri Lanka Latest News

July 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
චෙම්මනි සමූහ මිනීවළ ගැන උතුරේ ප්‍රබලම පක්ෂය වෙච්ච ITAK එකෙන් ජනාධිපති අනුරට තීරණාත්මක ලියුමක්! වසර 26කට පෙර ගොඩගත් සිරුරුවල නඩුවත් අලුත් නඩුවට එකතු කරන්න! ග්ලාස්ගෝවලට අරන් ගිහින් තියෙන සිරුරු වහා ගේන්න!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විසි හය වසකරට ඉහත දී චෙම්මනි ප්‍රදේශයෙන් ගොඩ ගන්නා ලද මිනිස් සිරුරු සහ දැනට ගොඩ ගනිමින් පවතින සිරුරු වලට අදාල නඩු ඒකාබද්ධ කරන ලෙස උතුරේ ප්‍රමුඛතම දෙමළ දේශපාලන පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකත්වය අවධාරණය කර ඇත්තේ චෙම්මනි ප්‍රදේශයෙන් 1999 වසරේදී ගොඩගත් සිරුරු 15  මේ වන විට ගොඩ ගනිමින් සිටින සිරුරු සම්බන්ධයෙන් පවතින අපරාධමය තත්වයන් සමග සෘජුවම සම්බන්ධ බව පෙනෙන්නට ඇති බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ බහා තබා ඇති නඩුව සහ මේ වන විට සිදු කරමින් පවතින විමර්ශන ඒකාබද්ධ කිරීමක් සිදු කිරීමකින් තොරව අර්ථාන්විත වගවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පවසන්නේ.

අපරාධ ස්ථානයක් ලෙස වර්ග කර තිබෙන චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ  2025 වසරේ මැයි මස මැද සිට  කරන ලද කැනීම්වලින් ජුනි 10 වන විට ගොඩ ගෙන ඇති කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි ගණන 65 කි.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය 1996 සැප්තැම්බර් 07 දා  දූෂණය කර ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් සාමාජිකයන් සිව් දෙනකු සමඟ වරදකරු වී මරණ දඬුවම නියම වීමෙන් අනතුරුව සෝමරත්න රාජපක්ෂ කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා තිබුනේ චෙම්මනි ප්‍රදේශයේ තුන් හාරසියයක් වලදැමු සමූහ මිනීවළවල් ඇති බවයි.

මරණ දඬුවම පනවන තුරු ඔහු එම හෙළිදරව්ව කළේවත් හෝ පොලිස් පරීක්ෂණ වලින් ඒ තොරතුරු අනාවරණය කර තිබුනේ වත් නැත.

එම භූමියෙන් 1999 දී ගොඩගන්නා ලද සිරුරු 15කින් දෙකක් 1996 දී අතුරුදහන් වූ තරුණයන්ගේ බව හඳුනාගෙන තිබුණි. ඉතිරි 13 දෙනා සම්බන්ධ පරීක්ෂණ සිදුවී නැත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයන් වන  සී.වී.කේ සිවඥානම් ගේ හා එම්.ඒ සුමන්දිරන් ගේ අත්සනින් යුතුව ජුලි 11 වැනිදා අනුර කුමාර ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ 1999 සහ 2025 වල දා තිබූ මල සිරුරු ගොඩ ගැනීමට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග කොළඹ සහ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ යටතේ, තනි අධිකරණ පරීක්ෂණයක් බවට ඒකාබද්ධ කිරීම ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසයි.

අධිකරණ ඒකාග්‍රතාව සහ මහජන විශ්වාසය සහතික කරමින්, විමර්ශනයේ සියලුම අදියරයන් අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන, ජාත්‍යන්තර පරිමානයෙන් සම්මානයට පාත්‍රව සිටින අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සම්බන්ධ කර ගන්නා ලෙසත් එම ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

“සමූහ මිනීවල සම්බන්ධයෙන්  කළ යුතු දෙය වන්නේ, සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණ මගින් තමන්ගේ ආදරණීයයන් අතුරුදහන් වූ පවුල්වල සාමාජිකයන්ගේ වේදනාවට හා දුකට අවසානයක් ලබා දීමයි,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය අසල දී කළ ප්‍රකාශයක වීඩියෝවක් පල කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය දිවයිනේ සියලු සමූහ මිනීවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව අවධාරණය කර තිබුණි.

“විමර්ශන පැවැත්විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව අපක්ෂපාතී හා පරිපූර්ණ අයුරිනි.  රටපුරා සමූහ මිනීවළවල් ගණනාවක් සොයාගෙන තිබේ,” යි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකත්වය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින්නේ සියලුම අතුරු සහ අවසාන අධිකරණ වෛද්‍ය වාර්තා, DNA පැතිකඩයන් සහ අනන්‍යතා හඳුනාගැනීමේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලෙසයි. වින්දිතයින්ගේ පවුල්, සිවිල් සමාජ ක්‍රියාධරයන්ට සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් සඳහා මේ ප්‍රතිපල වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

1999 දී කැණීම් කරන ලද, දැනට ග්ලාස්ගෝ හි රඳවා තබා ඇති බවට විශ්වාස කරන දේහයන් නැවත මව් බිමට ගෙන ඒම සදහා පැවැති කිසිදු රජයක් අර්ථාන්විත පියවරක් ගෙන නොමැති බව පෙන්වා දෙන ඉලංගෙයි තමිල් අරසු කච්චි ඒවා නැවත මව් බිමට ගෙන එන ලෙසත් එවිට ඒවා නිසි චාරිත්‍රවිධි යටතේ පරීක්ෂා කර ගෞරවාන්විතව ඔවුන්ගේ පවුල් වෙත ආපසු ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයාට තව දුරටත්  දැනුම් දී තිබේ.

වත්මන් කැණීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සහතික කිරීම සඳහා සැලකිය යුතු ලෙස වර්ධනය කළ මූල්‍ය සැපයුම් වෙන් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ඉලංගෙයි තමිල් අරසු කච්චි ජනාධිපති අනුර කුමාර දිසානායකට තව දුරටත් දැනුම් දී ඇත්තේ  පවුල් සිය ගණනක් දිගින් දිගටම සිය අතුරුදහස් වූ ආදරණීයයන් පිළිබඳව විමසමින් සිටින බවයි.

“සත්‍ය සොයා ගැනීම සහ වගවීම නොමැතිව, සංහිඳියාව පවතින්නේ ව්‍යාජ මුහුණතක් ලෙස පමණයි. මෙම දරුණු අපරාධ සඳහා වගකිව යුතු අයට එරෙහිව නඩු පැවරීමට ඒ සමඟම පියවර ගන්න. එය ජාතිය සුවපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ ක්‍රියාවලියකි.” එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ සිව්වැනි තැන ගන්නා යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා ජුලි 10 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව නතර කර තිබුනි.  

කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටි නීතිඥ රනිතා ඥානරාජා  මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ එදින හමුවූ පොලිතීන් වලින් එතූ අස්ථි පොදිය සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ වෛද්‍ය කණ්ඩායමට ඒ ඒ ආනන්දරාජා මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද බවයි.

SendShareShare
Previous Post

නම්ගම් නැති ජරා කලවම් තෙල් හැමතැනම! මීටපස්සේ ලූස් පොල්තෙල් විකුණන්න බෑ? දැනටමත් කැබිනට් පේපර් එක දාලා! I Sri Lanka Latest News

Next Post

එහේ බහිනවා..! මෙහේ නගිනවා..! තෙල්.. තෙල්.. ලාබයි තෙල්! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.