ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් සහ පදිංචි වීම් 124 ක් ඉවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සඳහන් කළා. Sri Lanka Latest News
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය යුනෙස්කෝ ප්‍රමිතීන්ටද අන්තර්ගත බවයි.
එමෙන්ම අධික ලෙස සංචාරකයින් පැමිණීම නිසා සීගිරිය පර්වතයේ, ගල් පඩි ගෙවෙමින් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඔහු කියා සිටියේ, ඊට විකල්ප ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි.
මේ අතර, සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් නොමැති වුවත් මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට යම් තර්ජනයක් එල්ලකරනු ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් අද කොළඹ පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.










