• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්! අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක්! සුපිරි සාප්පු සංකීර්ණයක්! City of Dreams Sri Lanka අගෝස්තු 2 විවෘත වෙනවා! ෂාරුක් ඛානුත් එනවා! I Sri Lanka Latest News

July 4, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ලංකාවේ කැසිනෝ ප්‍රවර්ධනය කරන්න ෂාරුක් ඛාන් ලංකාවට එනවා! ෂාරුක්ගේ ගාස්තුව විතරක් ඩොලර් මිලියනයක්? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ‍ ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. Sri Lanka Latest News

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන එයි.

විශේෂාංග

  • 2024 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරන ලද Cinnamon Life හි කාමර 687 ක් සහ මෙල්කෝ හි Nüwa සන්නාමය යටතේ අධි සුඛෝපභෝගී කාමර 113 ක් ඇතුළුව කාමර හා සුඛෝපභෝගී කාමර 800 ක්.
  • MICE කාණ්ඩය සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩ පහසුකම්.
  • මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක් සහ විනෝදාස්වාද කලාපයක්.
  • ලෝක ප්‍රසිද්ධ සූපවේදීන් විසින් මෙහෙයවනු ලබන අවන්හල්.
  • ජාත්‍යන්තර සංදර්ශන සහ සංස්කෘතික ප්‍රසංග සඳහා විනෝදාස්වාදය සපයනු ලබන ස්ථාන.

COD එහි වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිහිටීම භාවිත කරමින් සංචාරක ක්ෂේත්‍රය තුළ අසමසම සංචාරක අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙයි. තවද මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සහ කලාපයෙන් සහ ඉන් ඔබ්බට වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

විශේෂ සටහන්:

  • සංචාරක ප්‍රවර්ධනය: මෙම ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ඉන්දියාවෙන් සහ දකුණු ආසියාවෙන් ජාත්‍යන්තර සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) සහ සම්මන්ත්‍රණ සඳහා කොළඹ ප්‍රධාන ගමනාන්තයක් බවට පත් කිරීම.
  • තිරසාර සංවර්ධනය: මෙම අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය පරිසර හිතකාමී තාක්‍ෂණය භාවිතා කරයි. තවද එය දේශීය සංස්කෘතිය, කලාව සහ ප්‍රජා සංවර්ධනයට සහාය වනු ඇති අතර එමගින් වගකිවයුතු සංචාරක ව්‍යාපාරය සඳහා දැඩි කැපවීම පෙන්නුම් කරයි.

නායකත්ව අදහස්

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අදහස් දක්වමින් පැවසුවේ “මීට වසර 10කට පෙර සංකල්පයක් ලෙස ඉදිරිපත් වූ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු කොළඹ නාගරික පරිසරය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා වඩාත් ගැලපෙන සංචාරක නවාතැනයි. එය උසස් ජීවන රටාව. සාප්පු සවාරි හා විනෝදාස්වාද අවස්ථාවන් රැසක් උදා කර දෙන අසමසම සංචාරක ව්‍යාපාරයක් ලෙසද සඳහන් කළ හැකිය. විශිෂ්ට සංචාරක හෝටල් පහසුකමකට අවැසි සියලු අංගවලින් පරිපූර්ණ දකුණු ආසියාවේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘතියක් වන ඒ තුළින් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වන අතරම විදේශ විනිමය ඉපයීමේදී හා රැකියා උත්පාදනයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Melco Resorts & Entertainment හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Lawrence Ho මහතා සඳහන් කර සිටියේ:

“ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට මෙන්ම ජෝන් කීල්ස් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ශ්‍රී ලංකාවට ඇති හැකියාවන් ඉතා විශාලයි. මෙම ව්‍යාපෘතිය එම හැකියාවන් රැසක් විදහා දැක්වීමට සමත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ක්‍ස City of Dreams Sri Lanka තුලින් විශාල පිටිවහලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එමෙන්ම ජාත්‍යන්තර සංචාරක කලාපයන් හා සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති  සංචාරක හා විනෝදාස්වාද සංකීර්ණයක් ලෙසද මෙම ව්‍යාපෘතිය සඳහන් කළ හැකියි.’’

JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.

Melco Resorts & Entertainment Limited පිළිබදව

Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන අතර ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස Melco Resorts & Entertainment Limited හඳුන්වා දිය හැකිය. ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ. එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Entertainment Limited මඟින් සිදු වේ. යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.

හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho මහතා එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

SendShareShare
Previous Post

සජිත් කෑගැහුවට ආණ්ඩුව බය නෑ! අපි ගන්න තීරණ වෙනස් කරන්නෙත් නෑ! ආණ්ඩුවෙන් විපක්ෂ නායකට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සීගිරියට ලොකු සුද්දයක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.