• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමතැනින්ම මළ සිරුරු හමුවෙනවා! හැමතැනම වෙඩි තියනවා! මිනීමරනවා! කෝ රටේ ආරක්ෂාවක්? මෙහෙමද අපරාධ මැඩලන්නේ? මෙහෙමද ජනතාවට ආරක්ෂාව දෙන්නේ? ආණ්ඩුවට මේ කිසිම දේකට උත්තර නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 3, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
හැමතැනින්ම මළ සිරුරු හමුවෙනවා! හැමතැනම වෙඩි තියනවා! මිනීමරනවා! කෝ රටේ ආරක්ෂාවක්? මෙහෙමද අපරාධ මැඩලන්නේ? මෙහෙමද ජනතාවට ආරක්ෂාව දෙන්නේ? ආණ්ඩුවට මේ කිසිම දේකට උත්තර නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ රෑ වන විට ගල්කිස්ස වෙරළතීරයට මෘතශරීරයක් ගොඩ ගසා ඇති බවත් ඊට අමතරව කදාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ජීවිතයක් අහිමි වී ඇති බවත් කාලයක් පුරාවටම අප රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මේ පිළිබඳ රජයෙන් ප්‍රශ්න කර දැනුවත් කළත් ආණ්ඩුවට මේ ගැන උත්තර නොමැති බවත් රටේ නීතිය හා සාමය, අපරාධ මැඩලීම ගැන රජයට අදහසක් නොමැති බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්නට, මහජනතාවගේ ආරක්ෂාව ස්ථාපිත කරන්න වැඩපිළිවෙළක් දර්ශනයක් නොමැති රජයක් අද රටේ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි උපසම්පදා විනය කර්ම වැඩපිළිවෙළ යටතේ 400කට වැඩි ගෞරවනීය සාමනේරයන් වහන්සේලා පිරිසක් අනුරාධපුර දී උපසම්පදා කිරීමේ අවස්ථාව සදහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මනුෂ්‍ය ඝාතන අඛණ්ඩව සිදුවන බවත් මැරකල්ලි, පාතාල කල්ලි, කුඩු ජාවාරම්කාර කල්ලි, විවිධ මර්ධනකාරී කල්ලි, නාදුනන තුවක්කුකරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරට මිනිස් ඝාතන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සමාජය තුළ ජීවත් වීමේ අයිතිය නොමැති බවත් ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද ජාතික ආරක්ෂාව අනතුරේ

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු මැති ඇමතිවරු අද නොහැකියාවෙන් පෙළෙන රජයට මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගන්න බැරිව මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් මේ සමූල ඝාතන සිදුවන විට මිනිස් ඝාතන වෙඩි තැබීම් සිදුවන විට මේවා ජාතික ආරක්ෂාව බල නොපාන බවට රජය කියමින් යන බවත් නිවසේදී මහමගදී වැඩ බිමේ දී අධිකරණයේ දී පවා වෙඩි තබන තැනට රට පත්ව ඇති බවත් මේවා නතර කිරිමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය නැති වී මැරකල්ලිවල මිනිමරු සංස්කෘතියේ ආධිපත්‍ය ගොඩනැගී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නීතිය හා සාමය ස්ථාපිත කරන්න

අද රටේ ජනතාව ජිවත් වන්නේ බියෙන් සැකයෙන් බවත් ලොකු තිගැස්මකට ලක්ව බවත් මේ කරුණු ගැන රජයට කිසිදු පැහැදිලි පියවරක් ගත නොහැකි බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක් බවත් පොරොන්දු පවා කඩ කළ මේ ආණ්ඩුවට නීතිය සාමය සදාචාරය ආරක්ෂා කර ගන්න නොහැකි වී ඇති බවත් එම නිසා නිදිමරගාතේ නොසිට නීතිය හා සාමය ස්ථාපිත කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද ගොවියා අනාථයි

ඊට අමතරව ගොවියාට කිසිදු සහනයක් නොමැති බවත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කර ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර වත්මන් රජය පත් කර ගත්තත් අද වන විට මේ රජය ගොවියා නන්නත්තාර කර ඇති බවත් ප්‍රමිතියෙන් ඉහළ බීජ පවා නොලැබෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර පවා නොලැබෙන බවත් කෘෂි උපකරණ සදහා වැය කරන මුදල පවා ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා රජකරවීම කෙසේ වෙතත් වදුරන් ගනින්නනම් රජය දක්ෂයි

වී සදහා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් ඒ සදහා පනතක් ගෙන එනවා කිව්වත් කෘෂිකර්මාන්ත විෂය බාර අමාත්‍යවරු වදුරෝ පස්සේ යන බවත් විශාල මුදලක් වෙන් කර ව්‍යාජ සමීක්ෂණ සිදු කළත් ගොවියා වෙනුවෙන් කිසිත් කර නොමැති බවත් පොහොර පවා සාධාරණ මිලකට ලබා දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හාල් ගේන්නෑ කියලා දැන් රටින් හාලුත් ගේනවා

පිටරටින් සහල් ගෙන්නේ නෑ කියා මැතිවරණ සමයේ කෑමොර දුන් රජය පිටරටින් සහල් ගේන තැනට පත් වී ඇති බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අද මෙටික් ටොන් 40000ක් පමණ සහල් ගෙන්වන බවත් ලුණු සහල් ආදී සෑම ගැටලුවක දීම මේ රජය අපොහොසත් වී ජනතාවගේ ජන ජීවිත පහතට දමා ඇති බවත් හැමදාම සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් හඩ නැගූ බවත් ඉදිරියටත් එසේ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්‍ය ජය ගන්නවා

රටේ ජනතාව සත්‍ය යථාර්ථය අවබෝධ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු පත් කිරීමේ දී බලපෑම් එල්ල වී ඇති තැන් ගැන ජනතාවට අවබෝධ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීති පියවර ගන්නා බවත් එබැවින් සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

යුරෝ මිලියන 30කට එකඟ වෙයි! හංගේරියාව එක්ක ලංකාව ගිවිසුමක් අත්සන් කරයි! I Sri Lanka Latest News

Next Post

එක දවසට වෙඩි තැබීම් 3යි! රාගම බටුවත්තේදී ‘ආමි උපුල්’ මරා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.