• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

81යි! හැබැයි තවම හැඩයි! Sri Lanka Latest News

June 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
81යි! හැබැයි තවම හැඩයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ විචිත්‍රවත් මංසලකුණු තියාපු ලස්සනම නිළියෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ලස්සන විතරක් නෙවෙයි. මේ දෙන්නම හුඟක් දක්ෂ, චරිතාංග නිළියෝ. දෙන්නම සම්මානනීයයි. මේ ප්‍රවීණ කලාකාරියන් දෙන්නව හඳුනාගන්න නම ගම සටහන් කරන්න ඕනෙ නැහැ. ඒත් මේ ලියවිල්ලට ඕනෙ නිසා නමත් එක්කම දෙන්නගෙ සුන්දර පැටිකිරියත් ලියමු. එක්කෙනෙක් ශ්‍රියානි අමරසේන. අනිත් නිළිය සෝනියා දිසා. එහෙම නැත්නම් දිසානායක. Sri Lanka Latest News

ඇයි මේ හිටි ගමන් ශ්‍රියානි අමරසේනයි සෝනියා දිසයි ගැන ලියන්න හිතුණේ?
ඒක නම් අහන්න ඕනෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද මේ දෙන්නා ගැන පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල වගේම මුහුණු පොතේත් දිගට හරහට හැඩකාර හෑලි ලියලා පෝස්ට් දාලා තිබුණා. හේතුව මේ ප්‍රවීණ ලස්සන ජනප්‍රිය නිළියෝ දෙන්නගෙම උපන් දිනේ වැටිලා තියෙන්නේ ජුනි මාසේ. දෙන්නම ඉපදිලා තියෙන්නෙත් එක්දහස් නවසිය හතළිස් හතරේ. ශ්‍රියානි අමරසේන ජුනි 14. සෝනියා දිසා ජුනි 07 වැනිදා. එතකොට දෙන්නම එකම වයසේ. ඒ කියන්නේ දෙන්නටම අවුරුදු 81යි.

කියන්න බැහැ නේද?
ඔව්. 81යි කියලා කියන්න බැහැ. දෙන්නම තවම තරුණ පාටයි. ඒ වගේම හැඩයි. දෙන්නා සිනමාවට ආවෙත් එකම කාලවකවානුවකයි. ශ්‍රියානි මුලින්ම සිනමා රසය උරගා බලන්න ආවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත ෆිල්ම් එක හරහායි. ‘දම්මි’ට හරියන මුහුණ හොයන්න ලෙස්ටර් මහත්තයා තියපු ඔඩිෂන් එකට ලස්සන මුහුණක් තියෙන ශ්‍රියානි අමරසේනත් ආවා. ඒත් ඔහු හොයාපු දම්මිගේ රූපේ ඇයට තිබුණේ නැහැ. හැබැයි ඈ හිස් අතින් ගෙදර ගියෙත් නැහැ. සුගත්ගේ නෑනාගේ චරිතයට ඈව තෝරාගත්තා. ඉන් පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ප්‍රවීණ නිර්මාණකරුවා වාගෙම ඔහුගේ බිරිය වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගෙත් බොහෝ නිර්මාණවල ශ්‍රියානි රඟපෑවා.

සෝනියා දිසා හැට ගණන්වලින් ආරම්භ කරපු සිනමා රංගනය තුළ හැත්තෑවේ ඉඳන්ම අසූව දශකය වෙන තුරුම විවිධ ආකාරයේ විශිෂ්ට චරිත නිරූපණයක නියැළුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරාගේ චිත්‍රපට අතර සෝනියා දිසාට හැමදාමත් වාගේ ප්‍රධාන චරිතයක් ලැබුණා. බොක්ස් ඔෆිස් වාර්තා රැසක්ම බිහිකරපු ජනක සහ මංජු ඒ අතර විශේෂයි. ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකට ‘ඔබගේ රුව මාගේමයි’ සින්දුවට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක්ක ඈ තාල තියලා රැඟූ රැඟිල්ල රසික සිත් උන්මාදනීය බවින් ඔකඳ කළා. තරමක් නපුරු ආවේගශීලී චරිතවලට බොහෝ නිර්මාණකරුවන් ඈව කොටු කළාට ඇගේ ජනප්‍රියත්වයට එය බාධාවක් වුණේ නැහැ.

එකම අවුරුද්දේ ඉපදුණු මේ ප්‍රවීණ කලාකාරියො දෙන්නම රංගනයෙන් පසු හෝ ඊට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයටත් අත තිබ්බා. ඒ නිර්මාණ කාර්යය තුළත් දෙන්නම කතාබහට ලක්වුණා. සෝනියාගේ ‘ජය අපටයි’, ‘මමයි රජා’ නිෂ්පාදනයන් බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා.

ඉතින් මේ සුරූපී සිනමා තාරකාවන් දෙන්නා ගැන තව ලියන්න බොහෝ දෑ තියෙනවා. මේ වාගේ පොඩි ඉඩක නෙවෙයි. පත්තර පිටු ගානක් ඒවා ලියන්න පුළුවන්. ඒ තරමට ශ්‍රියානි අමරසේනයි සෝනියා දිසායි කියන්නේ ඒ තරමට සිංහල සිනමා කෙත හරිම චමත්කාරජනකව අස්වැද්දූ ප්‍රවීණ නිළියන් දෙදෙනෙක්. වාණිජ වගේම සම්භාව්‍ය සිනමා රැල්ල තුළත් නම තැබූ දෙන්නෙක්. අදටත් රසික සිත්වල මතකයෙන් බැහැරව නොයන දෙන්නෙක්.

‘සුබ උපන්දිනක් වේවා…’ කියන්න කාලය ඉකුත්ව ගියත් අපි නිරෝගී සුවය පිරි සුබදායී හෙට දවසක් ශ්‍රියානි අමරසේනටත් සෝනියා දිසාටත් ප්‍රාර්ථනා කරමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ඕලු ලස්සන වෙන රහස! Sri Lanka Latest News

Next Post

හම්බන්තොට නගර සභාවේ බලය සජබයෙන් අල්ලයි! ඡන්දයෙන් මාලිමා අපේක්ෂකයා පරාදයි!  I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.