බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පොලිසිය පවසයි.Sri Lanka Latest News
පොලිසියට පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ සිව් දෙනකුද පොලිස් භාරයට ගෙන තිබේ.
බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී තිබේ.
එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සදහන් වේ.
එහිදී පිරිස පාලනය කිරීමට පොලිසිය උණ්ඩ දෙකක් අහසට වෙඩි තබා ඇති බව පොලිසිය කීය.










