හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.Sri Lanka Latest News
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතය.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනුයේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවය.










