• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නයෝමිගෙ මල් බිස්නස් එක! Sri Lanka Latest News

May 12, 2025
in Heart
Reading Time: 2 mins read
A A
නයෝමිගෙ මල් බිස්නස් එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර නෙල්ලිකුලම ගමෙන් බිහිවුණු අපේ ලස්සන ටෙලි නිළිය නයෝමි තක්ෂිලා අලුත් වැඩකට අතගහලයි කියලා පොඩි ආරංචියක් ආවා.
නයෝමි ටෙලියක්වත් අධ්‍යක්ෂණය කරන්න යනවද?

එහෙම එකක් නම් නෙවෙයි. ඔට්ටුයි කාටවත් අනුමාන කරන්න බැරිවෙයි ඔන්න. ඔට්ටු දාලා අතින් කයිට් වෙන්නේ මොකටද? ඔන්න ඔහේ නයෝමිගෙන්ම අහලා බලමු අපි.

ඉතින් නයෝමි කොහොමද වාස දේසෙ?
වරදක් නැහැ. සුපුරුදු විදියට දවස ගෙවනවා. ෂූටින්, ඩබින්, චැට් ෂෝ, අවුරුදු දවස්වල ප්‍රෝග්‍රෑම් කීපයකටම සහභාගි වුණා. ඒ ටික තමයි ඉතින් ඔය ප්‍රශ්නේ අහපුවාම කියන්න තියෙන්නේ.
ෂූටින් යන්නේ අලුතෙන් භාරගත්ත ටෙලිවලද?
අලුතෙන් භාරගත්ත ඒවත් තියෙනවා. විකාශය වන ටෙලිවලත් ෂූටින්වලට යනවා.
‘රාග’ ගැන හැමෝම වැඩිපුර කතාකරනවා නේද?
ඔව්. ප්‍රතිචාර බොහොමයි. හිතට සතුටුයි. ඇත්තටම හැමෝම ඒ ගැන කතාබහ කරනකොට.
සමහරු දොස් කියනවා ඒ චරිතය බාරගත්තට?
චරිතාංග නිළියකට බැහැ චරිත තෝරන්න බේරන්න. චරිත රිජෙක්ට් කරන්න අවස්ථාව තියෙනවා. ඒත් ‘රාග’ නාට්‍යයේ චරිතයේ රිජෙක්ට් කරන්න දෙයක් නැහැ. මොකද එහි කාවවත් ස්පා කරන සීන් එකක්වත් පෙන්නන්නේ නැහැනේ නේද?
නයෝමි අලුත් වැඩක් පටන් අරන් කියලා පොඩි ආරංචියක් ආවා?
ඔව්. ඒ ගැන මම කතා කරන්නම තමයි හිතාගෙනහිටියේ. හොඳයි ඒ ප්‍රශ්නය අහපු එක. විස්තරය සරලව කියන්නම්. මම පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක නිල් මානෙල් මල් වවලා පිටරට යවන වැඩක්. අනුරාධපුරේ අපේ ගමේ අපේම තැනක තමයි වහාව කරන්නේ. ඉඩම අක්කර දහයක එකක්. මුළුමනින්ම නිල් මානෙල් හිටවලයි තියෙන්නේ.
බලන්න ඇස් දහයක් ඕනෑ ඇති නේද?
ඇත්තමයි. අක්කර ගානක එහෙම මල් පිපුණාම මාරම ලස්සනයි. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිත හුඟක් සන්සුන් වෙනවා.
මල් ව්‍යාපාරය ගමේ පටන් ගත්තේ ඇයි?
අපේම කියලා ඉඩකඩම් ඔක්කොම තියෙන්නේ ගමේ. ඉතින් ගමේ පටන් නොගෙන කොහොමද?
නිතර යනවද ඉතින් මල් ව්‍යාපාරය බලන්න?
අම්මයි තාත්තයි තමයි ඒකට වෙහෙසෙන්නේ. මමත් ඉඩක් ලැබුණු ගමන් එහෙ ගිහින් දවසක් දෙකක් ඉඳලා තමා එන්නේ.
කලා කටයුතු මඟහැරෙන්නේ නැද්ද එතකොට?
අපොයි නැහැ. ගානට හැමදේම බැලන්ස් කරගෙන යනවා. වැඩ නැති දවස් බලලා තමයි යන්නේ.
ව්‍යාපාරයෙන් ලාභයක් තියෙනවද නයෝමි?
මෙහෙමයි. මල් ව්‍යාපාරය දියුණු වෙන්න නම් අපි කම්පැනිවලට මල් බෙදාහරින්න ඕනේ. දැනට අපි ඒක හෙමින් හෙමින් කරගෙන යනවා. ඉස්සරහට තව පුළුල්ව කරන්න බලාපොරොත්තු වෙනවා.
වන්දනාවේ යන එන අයට මල් නොමිලේ දෙනවා කියලත් ආරංචියි?
ඔව්. වන්දනාවේ යන එන අයට වගේම පන්සල්වලට, දන්සල්වලට, පින්කම්වලටත් අපි මල් නොමිලේ දෙනවා. හරිම සතුටින් මම විශේෂයෙන්ම ඒක කරන්නේ.
මල් ව්‍යාපාරය හොඳට දියුණු වුණාම රඟපෑම අතහැරලා දානවද?
කවදාවත් නැහැ. රංගනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. මගේ රඟපෑම දිහා බලලා සතුටු වෙනවා වගේම මල් පූදින දිහා බලලත් මම සතුටු වෙනවා.
නිළි කලාවයි මල් කලාවයි කියන්නෙත් සුන්දර අත්දැකීමක් නේද?
ඔව්. නිළියක් විදියට මම විවිධ චරිතවලට මුහුණ දෙනවා. ගමට ගියාම අක්කර ගානක් දිගට තියෙන මල් වගාව පුරාම ඇවිදලා වචනෙන් කියන්න බැරි ආශ්වාදයක් අත්විඳිනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

කලින් කිව්වේ අනිත් පක්ෂවල ඉන්නෙ හොරු කියලා! දැන් ඒ පක්ෂවල මන්ත්‍රීවරු අරන් පළාත් පාලන ආයතන පිහිටුවන්න හදනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුවට ජනතාව රතු එළි දල්වලා! කුමන්ත්‍රණ කරලා වෙනත් අයත් එක්ක ගනුදෙනු කරලා බලය අල්ලනවානම් ඒක දේශපාලන සදාචාරයට විරුද්ධයි! අපි කාටවත් සහාය දෙන්නේ නෑ! ජවිපෙන් කැඩුණු පෙරටුගාමී ස්ථාවරය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.