• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙච්ච ප්‍රතිචාර එයි කියලා මම හිතුවේ නැහැ! Sri Lanka Latest News

May 12, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මෙච්ච ප්‍රතිචාර එයි කියලා මම හිතුවේ නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්බුදු තෙමඟුල සමරන වෙසක් දිනය උදාවෙන්න තව තියෙන්නේ පැය කීපයයි. ඉතින් මඟ තොටේ හැම තැනම වැඩිපුරම ඇහෙන්නේ බුදුගුණ ගී. ඒ ගී අතර මේ දවස්වල නිතර ඇහෙන ගීයක් තමයි, ‘මටත් පැවිදි දිවි ගෙවන්නට වරම් දෙනු මැන බුදු පියේ….’ කියන ගීතය. එය ගායනා කරන්නේ තක්ෂිලා සෙව්වන්දි. ‘අප්පච්චි’ ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට පිවිසුණු තක්ෂිලා රිදී තිරයේත් දැකගන්න ලැබුණා. රංගනය, ගායනය කියන කලා ක්ෂේත්‍ර රැසක දස්කම් දක්වපු තක්ෂිලා එක්ක අද අපි ‘හාට්’ කියවන ඔබ වෙනුවෙන් කතාබහ කරන්න හිතුවා. Sri Lanka Latest News

ඔබේ අලුත්ම බොදු බැති ගීයට ලැබෙන ප්‍රතිචාර කොහොමද තක්ෂිලා?
ඇත්තටම ඒ ගැන නම් කියන්න වචන නැති තරම්. මගේ සින්දුවට පුදුම ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ තරම් ප්‍රතිචාර ගලාගෙන එයි කියලා මම හිතුවේ නෑ. රැයක් දවාලක් නැතුව මට දුරකතනයෙන් රසික රසිකාවියන් සුබ පතනවා. ඉතින් ගොඩක් සතුටුයි මගේ පළමු සින්දුවට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබුණු එක ගැන. විශේෂයෙන්ම ස්වාමින්වහන්සේලා, මෙහෙණින් වහන්සේලා වගේම තරුණ පිරිසත් මගේ ගීතය වැලඳගෙන තියෙනවා. ඒ වගේම එය මේ දවස්වල මාධ්‍ය හරහා වැඩි වශයෙන් ප්‍රචාරය වෙනවා. වෙසක් කලාපවලත් නිතරම ප්‍රචාරය වෙනවා.

ඇයි තක්ෂිලා මේ වගේ බෞද්ධ ගීයක් ගායනා කරන්න හිතුවේ?
මම පුංචි කාලේ ඉඳලම මෙහෙණින් වහන්සේලාට පුදුමාකාර ආදරයක් ගෞරවයක් දක්වන කෙනෙක්. මෙහෙණින් වහන්සේලාව මම ගොඩක් ළඟින් ඇසුරු කරන නිසා මම හිතුවා උන්වහන්සේලා ගැන ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින්වහන්සේට ඒ අදහස කිව්වා. ඒ අනුව උන්වහන්සේ මට මුලින්ම ලියලා දුන්නා තෙමඟුල සම්බන්ධ ගීයක්. නමුත් මගේ ආශාව තිබුණේ මෙහෙණින් වහන්සේලා සම්බන්ධ ගීයක් ගයන්න. ඊට පසුව උන්වහන්සේ ඒ අදහස කැටිකරලා ලස්සන පද මාලාවක් රචනා කරලා දුන්නා. ඒ විදියට තමයි ‘තෙරණි සසුනේ’ ගීතය බිහිවුණේ.

‘තෙරණි සසුනේ’ ගීතයෙන් සමාජයට යම් පණිවුඩයක් දෙන්න ඔබ අදහස් කළාද?
ඇත්තටම ඔව්. අපේ රටේ මෙහෙණින් වහන්සේලාට තියෙන්නේ ටිකක් අඩු පිළිගැනීමක්. උන්වහන්සේලා ගැන කතාබහ කරන්නේ ඉතා අඩුවෙන්. අද සමාජයේ බොහෝ තරුණියන් ආදරය අහිමි වීම නිසා සියදිවි හානි කරගන්නවා අපි දකිනවා. නමුත් මේ ගීතය හරියට තේරුම් ගත්තොත් එවැනි කඩාවැටීම් තියෙන තරුණියන්ට ලොකු සහනයක් ඉන් ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා.

ඔබත් යම් දවසක මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වේවිද?
අදහසක් තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මගේ ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම ආදරය කළා. ඒ වගේම ආදරයෙන් පීඩා වින්දා. කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙක ඇයි අපි මෙහෙමයි කියලා බදාගෙන ඉන්නේ? මම උත්සාහ කරන්නෙත් බැඳීම් නැති, බලාපොරොත්තු නැති සරල ජීවිතයක් ගතකරන්න. හැම දේම තේරුම් අරගෙන මම පිනක් දහමක් කරගෙන ඉන්නවා.

ඔබේ ඉදිරි රංගන කටයුතු මොනවද?
මම වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාව කියන අංශ තුනටම සම්බන්ධ වුණා. රැලිය, කොමඩි ගී සැඳෑව හරහා මට රටවල් 10ක විතර සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. මගේම කියලා ගීතයක් මම ගායනා කරනවා. බලමු ඉතින් මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් හැම අංශයකින්ම මම කලාවට සම්බන්ධ වෙනවා.

‘තෙරණි සසුනේ’ ගීතයෙන් පසු ඔබ තවත් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවද?
මම හිතුවේ නැහැ මට සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මට මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම අලුත් පියවරක් ඉදිරියට තියලා කියලා හිතෙනවා. දැනටමත් මට මෙහෙණින් වහන්සේලා රචනා කරපු ගීත පහක් විතර ලැබිලා තියෙනවා. ඒ නිර්මාණවලට උපරිම සාධාරණයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ කුලුඳුල් ගීතයට අත්වැලක් වුණු පිරිසකුත් ඇති නේද?
ඔව්. ඒ සියලු දෙනාගෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ, හාල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ, මාඉන්නලුවේ ධම්මශාන්ති මෙහෙණින් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරනවා. මේ ගීතයට සංගීතය මුසුකළේ ඉඳුනිල් දැරණියගල. රූප රචනා කළේ චතුර ප්‍රභාත් සහ දිලිනි පතිරණගේ. ඒ පිරිස වගේම මගේ මේ ගීතය සාර්ථක කරගැනීමට ශක්තිය දුන්න සියලු දෙනාටම මගේ හද පිරි ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඩීල් දාලා සල්ලිවලට කවුරුවත් ගන්නේ නෑ! ඒ වුණාට වෙනත් කණ්ඩායම්වලින් ඉල්ලලා දිනපු අය අරන් කොළඹ නගර සභාව මාලිමාව හදනවලු! VIDEO I Sri Lanka Latest News

Next Post

කලින් කිව්වේ අනිත් පක්ෂවල ඉන්නෙ හොරු කියලා! දැන් ඒ පක්ෂවල මන්ත්‍රීවරු අරන් පළාත් පාලන ආයතන පිහිටුවන්න හදනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.