මේ දිනවල දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.Sri Lanka Latest News
උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස යන රෝග ලක්ෂණ සමග දරුවන් අතර දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතී නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරු වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසයට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමකුත් මේ දිනවල පවතින නිසා ඒ පිළිබඳවද සැලකිලිමත් වන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ පවතින වෙනත් වයිරස් උණ පවතින නිසා කැස්ස, සෙම, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වමනය ඇත්නම් රුධිර පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියා.










