සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා අද (20)පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන අතර හෙට දිනයේ දී සැමෝවා රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.
දිවයිනට පැමිණෙන සියෙරා ලියෝන් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතව තිබේ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව හෙට (21) සිට ලබන 26 වැනිදා දක්වා සැමෝවා හි දී පැවැත්වීමට නියමිතය.









