ජනාධිපති ලේකම් කාර්යාලයේදී තමන්ට සිදුවූ පහර දීම පිළිබදව දින 10කට පසු පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා යළිත් අදහස් දැක්වීමක නිරත විය.Sri Lanka Latest News
එහිදී ඍජුවම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට චෝදනා කළ ගුණතිලක රාජපක්ෂ මහතා නොසිතූ අයුරින් ඒ මහතා පැමිණ තමන්ට අතින් පයින් ගහගෙන ගහගෙන ගිය බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, තමන් නීතියට අනුව කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කළේය.









