දකුණු ඉන්දීය කර්නාටක සුපිරි ගායිකා නිත්‍යාශ්‍රී මහාදේවන් යාපනයේ පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහා පෙරේදා (10) යාපනයට පැමිණියාය. (Sri Lanka Latest News)
දකුණු ඉන්දීය චිත්‍රපට රාශිකට පසුබිම් ගායනයෙන් සහායවී ඇති නිත්‍යා ප්‍රසංග වේදිකාවේ ද ගී ගයන දකුණු ඉන්දීය සුපිරි ගායිකාවකි. ඇය භක්ති ගී ගායනයට සුවිශේෂ හැකියාවක් දක්වන අතර, මෙවර යාපනයේ කෝවිල්වල පැවැත්වෙන ප්‍රසංග කිහිපයකදීම ඇය භක්ති ගීත ගායනා කිරීමට ද නියමිතය.
යාපනයට පැමිණි නිත්‍යා ශ්‍රී මහාදේවන් ඇතුළු පිරිස පලාලි ගුවන්තොටුපොළේදී ප්‍රධාන ගණකාධිකාරී අඛිලන්, ආගමන හා විගමන නිලධාරී රාජ්කුමාර්, සංගීත ප්‍රසංගයේ අනුශාසක නේතාජි තෙන්මෝෂි මහත්ම මහත්මීන් සහ ජයන්ති දිවාකර් විසින් පිළිගනු ලැබීය.
dinamina









