ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (12) දිනයේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉලක්ක කර පාසල් නිමවීමෙන් පසු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමය පවසයි.Sri Lanka Latest News
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර ඇති බවයි.
අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව කීය.









