විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යාපනයේ රැදී සිටියදීම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද අද දිනයේදී යාපනයේ සංචාරයක් ආරම්භ කළේය.Sri Lanka Latest News
ඒ අනුව දෙමළ සන්ධාන නායකයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමටද අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබිණ.
එහිදී හෙතෙම කියා සිටියේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජවිපෙද කටයුතු කරන බවත්, පළාත් සභා ක්‍රමය ජවිපෙ විසින් පිළිගෙන ඇති බවත්ය.
කෙසේවෙතත් ඊයේ දින විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාර්ශ්ව කිහිපයක්ම ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කොට තිබූ අතර විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධාන කිරීමටද ඔවුන් සැලසුම් කොට ඇත.










