• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඌරන්ට මොන සෞඛ්‍යද? Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘කෝකිලයාගේ කූඩුව උඩින් ඉගිළුණු එකා’ නමින් චිත්‍රපටයක් 1975 දී ආවේය. කෝකිලයා මහජන සන්තානයේ චිරාත් කාලයක් තිස්සේ පැලපදියම්ව සුජීවත් වන පක්‍ෂියෙකි. කතාව කුමක් වුවත් බොහෝ දෙනා එය උනන්දුවෙන් නැරඹුවේ උගේ කටහඬ ඒ තරම්ම ආකර්ෂණීය නිසාය. (Sri Lanka Latest News)

ඒ පක්‍ෂියාගේ හෙවත් කුරුල්ලාගේ කූඩුව උඩින් ඉගිළුණේ මොන අසම්මජ්ජාති එකාදැයි දැනගනු රිසින් මා ඔය සිද්ධිය මගේ යහළුවකු සමග කතාකරමින් සිටි අතර, අපේ ඒ සාකච්ඡාව අසා සිටි මගේ සීයා කීවේ ඔය වගේ අවජාතක වැඩ මතු මත්තේ දී ගනං පදං නැතිව සිද්ධ විය හැකිවා පමණක් නොව, එවිට අපට රෙද්දක් ඇඳං පාරක තොටක යන්නට පවා නොහැකි යුගයක්ද උදාවෙන බවය.

ඒ සඳහා හෙතෙම ඉතිහාස ප්‍රවෘත්ති ගණනාවක් ද කියා දුන්නේය. “කෝකිලයාගේ කූඩුව උඩින් ඉගිළුණු එකා” යන කතාව සිංහල එකක් නොව ඉංගිරිසියෙන් ඇවිත් තියෙන One flew over the Cuckoo’s nest බව සීයාට තෝරා දෙන්නට මා නොගියේ බුලත් කොටන ඇනේ මගේ ඔළුවට එවතැයි යන සහතිකය නිසාවෙන් ඔහු කියන්නක්ම අසා සිටියෙමු.

මුගටින් පස්සේ නාගයන් අඹා යන අන්දම පමණක් නොව සිංහයන් පස්සේ හිවලුන් අඹා යාහැකි බවද හෙතෙම කීය. සිංහයන් පසුපස නරින් එළවීම නම් අපට කිසිසේත්ම පිළිගැනීමට නොහැකිව තවත් කට වසාගෙන සිටිය නොහැකි නිසා මා තර්ක කරන්නට ගත්විට “මුනුපුරේ උඹත් දැන් අපේ නොසණ්ඩාල රංගයාටත් (රංගනාදන්) එහා පිස්සු කෙළින්ට පටන් අරන් නේදැයි කියමින් හෙතෙම හකහක ගා ඔලොක්කුවට සිනා සෙමින්ම එසේ වන්නේ සිංහයා බලු වූ දාටත් වඩා සිංහයා බලුකළ විට යැයි අපට පහදා විශ්ණු ෂර්මන් පඬිවරයාගේ පංචතන්ත්‍රයේ කතා කීපයක්ද උපුටා දැක්වූවේය. මම පයාගල යන පුංචි මහත්තයකුගේ මට්ටමට වැටුණෙමි.

“සිංහ කොඩිය ගෙන අතේ
පෙරට තබමු පය අපේ
ධීර වීර හෙළ පුතේ
නියම සිංහයෝ වගේ” කිය කියා යුගයෙන් යුගය බැබළවූ අපේ උන් නිවට නියාලු තත්ත්වයට හෙළා පාගා දැමුවා පමණක් නොව, තාන්න මාන්නවලට අපේ උන් අපවම පාවාදුන්නෙන් සිංහයා බලු වූවේ යැයි හෙතෙම කීයේය.

උඹල දන්නවද No man is above no man කියන සුද්දගෙ කතාව?
සුද්ද නෙවෙයි, වැද්ද නෙවෙයි පද්ද කීවත් ඒ කතාව ඇත්ත. රටක තියෙන්න ඕනෑ එක නීතියයි. අනුරුද්ධ ලොක්කා රටේ ආරක්‍ෂක ඇමැති වෙලා හිටපු කාලෙ උඩතලවින්නේ දී අල්ලපු අඩව්ව මතකද?

දහයක්ද fදාළහක්ද එක තැනින්ම ස්වර්ගස්ථ කළ හැටි. අමුතුවෙන් කියන්ඩ ඕනෑ නෑනෙ. ලෝන රත්වස්ස කියල වස්සෙකුත් එතැන හිටියලු. ඒ වස්ස කඹේ කඩාන තුවක්කු බටයකුත් ඇන්න පහුගිය කාලෙ බන්ධනාගාරෙකට රිංගුවලු. බන්ධනාගාරෙට යන්නෙ සරණ බන්ධනේකට මිසක් අහවල් කෙංගෙඩියකටය.
ඒකෙ හිටපු උන්නැහේලටවත් බැරිවුණා නොවැ ඒ වස්සට සුදුසු නෑම්බියක් ඇතා හෝ නැතා හෝ කියල සරණ බන්ධනේට ඇතුළත් කරල මොකේකට හරි ගැටගහලා දාන්න. නීතිය කියන එක අර අහවල් ගෑනිගෙ හැට්ටෙ පහළම බොත්තම වාගෙ එක එකාට ඔනෑ ඔනෑ හැටියට හරව ගන්න බෑ.
අරකි අර ගලිබවුසර් ආචිරියාලාගේ පඩික්කංවතී රොටිය රත් කරගෙන….නෑ….නෑ රොටිය නෙමේ කබල, ගිනියං කරගෙන දැඟලුවෙ කොහොමද? අමුතුවෙං කියන්ඩ ඕනැ නෑනෙ. උන්දැට එකක්, අනික් උන්ට වෙනම එකක්. දෙයියො එහෙම දීල නෑ. ඔක්කොම එකයි. අපට ඕනෑ අන්න ඒකෙ පාලනය. සුද්ද ඒකට කියන්නෙ නීතියෙ පාලනය කියලා. Rule of Law කියන එකයි.

අර ප්ලේන් පිට්ටනිය ළඟදී අප්‍රසන්න විදියට රණවීර උන්නැහේ අර අහිංසකයකුගෙ කන පැළෙන්න ගැහුවා.

ඒක නෙමේ, ගල් ඒදණ්ඩ ළඟ, ලියැද්දෙ නියර කක්කුට්ටොද කොහෙද හාරලා උමේකිං වතුර යනව. මම ඒක වහන්ඩ යනව. උඹ දන්න නැති සිද්ධියක් ගැන ඒ කාලෙ පත්තරවල තිබුණු පත්තර කෑල්ලක් දෙඤ්ඤං කියවන්ඩ..’ කී හෙතෙම ඔහුගේ අල්මාරිය ඇද ලිපියක් තිබුණු පත්තර කෑල්ලක් දී මිදුලට බැස්සේය.
ඒ 1983 මැයි මාසයේ තරම් විස්තර තිබූ පත්තර කෑල්ලකි. ඔය සමයේ මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති විමල් බණ්ඩාර රාජගුරු මහතාය. ඒ පළාතට වෙනමම රාජ්‍යයක් බඳු නුවරඑළියද අයත්ය. අවිද්‍යාමාන “දස්හිස්” සේම අචින්ත්‍ය දළ, අනන්ත බල තිබූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් එහි එම්ප්‍රfදා්රු රජ්ජුරුවෝය.

හැටන්, තලවකැලේ, නෝර්වුඩ්, ලිඳුල සහ මස්කෙළිය ඇතුළු කොටගත් ඔහුගේ රාජ්‍යය අතිමහත්ය.
එවකට මස්කෙළිය පොලිස් ස්ථානාධිපති රවි චන්ද්‍රසිංහ මහතාය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ.එම්.එස්. බෝවල (10971) නමැති සැරයන්ය.
1983 කළු ජූලිය ගෙවුණු පසුව එළැඹි පළමු දීපවාලි උත්සවය මහත් උනන්දුවෙන් පැවැත්වීමට හින්දු බැතිමතුන් කටයුතු කරනවා පෙණිනි.
ඒ පිළිබඳ ඇලවුණු ප්‍රචාරක පෝස්ටර්වල මෙවර දීපවාලිය “ශෝක දිනයක් වශයෙන් පැවැත්වෙන බව සඳහන් වීම ගැන විපිළිසර වූ මස්කෙළිය පොලිසිය ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් බව තහවුරු වූ මාරියම්පිල්ලේ පරමේශ්වරම් යන අය අත්අඩංගුවට ගැනුණේය. පෝස්ටර් ඔහුට ලැබී තිබුණේ වව්නියාවෙන් බව අනාවරණ වීමෙන් පසුව පැවරුණු නඩුවෙන් ඔහු හිරේට නියම විය.

ඔය අතරේ ග්ලැනෝර් වත්තේ කසිප්පු විකුණමින් සිටි බව කියන අයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීි අනාවරණ වූයේ තරුණයන් ඉන්දියන් හමුදාවට ගියත් තමාට දරුවන් දමායන්න බැරි නිසා කසිප්පු විකුණන බවය. ඒ පිළිබඳ කෙරුණ පරීක්‍ෂණයෙන් කොටි සංවිධානයේ පුහුණුව ලැබූ පිරිසක් වතුකරයේ සිටින බවත්, අවි ආයුධ එළවළු කොටුවල සඟවා ඇති බවත් අනාවරණය විය.

එසේ පුහුණුව ලද තරුණයන් සොයන්නට පසුවදා උදේම පොලිසිය පටන් ගත්තේය. ඒ අනුව ලිඳුල, තලවකැලේ සහ මස්කෙළියෙන් හයදෙනෙක්ම අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් ඊට එහා යාමට මස්කෙළිය පොලිසියට වරම් ලැබුණේ නැත. පසුදා උදේ පළාතේ සියලු වතුවල ශ්‍රම බළකාය වැඩවරා (STRIKE) සිටියෝය.

ආරක්‍ෂක ඇමැති (එවක) ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති රුද්‍රා රාජසිංහම් මහතාගේ සහභාගිත්වයෙන් නුවරඑළියේ පරසිදු “සෙන්ට් ඇන්ඩෲස්” හෝටලයේ දී ඒ අතරතුරේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබිණි. පළාතේ සියලු වතු අධිකාරිවරුන්, සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති විමල් බණ්ඩාර රාජගුරු මහතා දක්වා වූ සියලු නිලධාරීන් ද ඊට කැඳවනු ලැබිණි.
රැස්වීමේ මාතෘකාව රටේ සාමය ආරක්‍ෂා කිරීමය.

ඇමැති සෞම්‍යමූර්ති තොණ්ඩමාන් වෙනුවට ඔහුගේ ප්‍රබල ආධාරකරුවෙක් කතා කෙළේය. කතාවේ හරය මෙසේය.
“එල්.ටී.ටී.ඊ. සංවිධානෙට බැඳිච්චි කොටි කියල මේ පළාතෙ ඉන්න තරුණ ළමයින් ටික අත්අඩංගුවට ගන්නවා. මේ පළාතෙ කොටි තියා පූසෙක්වත් නෑ. මෙහෙම කරන්නෙ පොලිසියට සල්ලි ටිකක් හොයාගන්න. අත්අඩංගුවට ගත් අහිංසක ළමයින් ටික වහාම නිදහස් කරන්න ඕනෑ”
ඉන්දියාවේ ඌටි කඳවුරේ මාස හයක පුහුණුව ලැබූ දාසය දෙනාගෙන් අත්අඩංගුවට ගැණුනු සයදෙනා ඒ අන්දමින් නිදහස් කිරීමට සිදුවූයේ සියලු කටඋත්තර පොත්පත්වල ලිවීමෙන් ද පසුවය.

ඔය අතරේ එක් දවසක රාත්‍රී එකහමාරත් දෙකත් අතර කාලයේ අත පය මුහුණේ මෙන්ම වැල් ගැහුණු හමුදා ඇඳුමේද ලේ තවරාගත් සෙබළෙක් “හැතිංමුනිං”දාඩිය දාගෙන (ඉතා වෙහෙසකින්) මස්කෙළිය පොලිසියට දුවගෙන ආවේය. දිනය හරියටම 1984 නොවැම්බර් 11 වැනිදාට එළිවෙන පාන්දර ජාමයේය.
“ටවර් එකට (පිදුරුතලාගල සන්නිවේදන කුලුනට) කොටි ගහනවා”

සිද්ධිය පිදුරුතලාගල කන්දේ ස්ථාපිත රූපවාහිනී (සන්නිවේදන) කුලුනට පහරදීමේ කොටි අරමුණ දිවයින පුරා ක්‍රියාත්මක සමස්ත සන්නිවේදන ජාලයම විනාශකර දැමීමය. මේ සඳහා කොළඹ, වව්නියාව වැනි දුරබැහැර ප්‍රදේශවලින් ද සාමාජිකයෝ 16ක් පැමිණ ඇත්තාහ.
පරීක්‍ෂණයෙන් අනාවරණ වූ කරුණු මෙසේය.

කුලුනේ ආරක්‍ෂාවට ඒ ආසන්නයේ ස්ථාපනය කර තිබූ හමුදා මුරපොළට පහරදීම ත්‍රස්තයන්ගේ පළමු කටයුත්තය. ඒ මුරපොළට පහරදීමේ තීරණාත්මක දිනයේ ඒ අවස්ථාවේ රැක්මේ රාජකාරි කළේ කෝප්‍රල් ගුණතිලකය. සෙසු නිලධාරීහු අසල විශ්‍රාම (විවේකාගාරයේ) ගනිමින් උන්හ.
අක්කර 1500ක් තරම් විශාල කඳපොළ කෝට් ලොජ්වත්ත, (නෝනා වත්ත) හරහා හෙමින් සීරුවේ මුර කුටිය අසලට පැමිණි ත්‍රස්තයකක් යතුර මුදා හරිමින් අත්බෝම්බයක් (Hand Grenade) ඒ ඇතුළට දැම්මේය.

සෙසු ත්‍රස්තයෝ හමුදා මුර කුටියට වෙඩි තබන්නට වූහ.
අත් බෝම්බ ප්‍රහාරයෙන් කෝප්‍රල් ගුණතිලක විරුවා රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කෙළේය.
නුවරඑළිය හමුදා කඳවුරේද සහාය ඇතිව ආයුධ සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
අවි ආයුධ එළවළු කොටුවල වළලා තිබුණි.

ජෙලිග්නයිට් ගෝනි 3ක්, ඩෙටොනේටර්ස් තොගයක්, එස්.එම්.ජී. මැෂින් ගන් (Sub Machine Gun) 12ක්, එස්.එල්.ආර්. (Self Loading Riffle) හයක්, උණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක්, අත්බෝම්බ (Hand Grenade) පහළොවක් ඒ අනුව සොයාගනු ලැබිණි.
පිදුරුතලාගල සම්ප්‍රේෂණාගාරයට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකරුවන් වශයෙන් සයදෙනකු අත්අඩංගුවට ගැණිනි. මුත්තුසාමි කාලිමුත්තු නොහොත් ගාන්ධි, කුමාරන් සුබ්‍රමානියම් පෙරුමාල් ක්‍රිෂ්ණමූර්ති, වෙන්ගන් සින්නයියා, දොරයිසාමි රවිචන්ද්‍රන් සහ රාමයියා විජේන්ද්‍රන් ඒ හයදෙනාය.
ඔය අතීත කතාවලින් එකකි.

අපේ පැරැණි කවි පොත් බොහොමයක් උපදේශාත්මකය. රටට ගුණගරුක සමාජයක් පරපුරක් නිර්මාණය කරන්නය. ඒ බුදුන් උපන් කාලයේ ධර්මයය. ඒ කෝපි කාලයේය. දැන් තේ කාලයත් නොව, නෙස්කැෆේ කාලයයි.
මළ ගෙදරකට ගිය ගමං එන්නේ නෝස්කැපේය. නෝස්කැපේ ටිකක්වත් හොඳ යැයි සිතා හිත හදාගත හැකිය. එහෙත් මේ යන ගමන නෝස් කැපී නවතින පාටක් පේන්නට නැත. සිද්ධ වෙන්නේ බෙල්ලම කැපී නවතින එකය.

‘වනේ ගිජිඳාය දුටුවොත් වනසායඳා
ළිඳේ පණිඳාය වැටුනොත් ඌ කාය
අතකින් කරවළෙකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’

ඒ මනුස්සයා නං පැණිවත් කෑවේය. අපට මොනවද? සමහර අයට දවසකට 1700ක් දෙන්න වත් ලොක්කා පොරොන්දු වූවේය. තවත් කට්ටියකට හාල් කිලෝ විස්ස බැගින්ය. තවත් අයකුට කාර්ය. තවත් අයට බාර්ය. තවත් අයට අපේ රටෙන් කෑලි කෑලි ඉඩංය. මේ දහංගැට ඔක්කොම ගහන්නේත් අපට තවත් අවුරුදු කීපයක් සුරසැප දෙන්නටය. තමන්ගේ පැවැත්මට මහජන මුදල් විනාශ කරන හැටි දෙයියන්ටවත් නොපෙනෙන එක අපේ කරුමයය.
ඔය අතරේ පෙළක් (පංගුවක්) උන්ට කාලා තෙලේය. නැත්තං විසේය. උං අංතට්ටු පටලවා ගනිති. පාර්ලිමේන්තු පඩිපෙළේදී පවා ගුටි ඇනගනිති. තැනක් නොතැනක් ඉවක් බවක් නැත. කර ආඹන්න සුදුසු කාලෙ ආ විට ඒ කටයුත්ත කළ යුතුය. පූජාවලියේ ඒ කාරණේට කියන්නේ බීජෝද්ධරණය යන පදයයි. අලින්ගේ ඔය කාලයට කම්මුල් තෙමෙනවා යැයි කියති. ඒ කාලයට උන් අල්ලා ගස් බඳිනු ලබන්නේය. මේ අලි ගස් බැන්දත් වැඩක් නැත. සුදුසුම ප්‍රතිකාරය වස්ති කිරීමය.

කොල්ලන් අරගලය පටන්ගත්තේ අපට නොව මේ උන්නැහේලාට සුර සැප දෙන්නටය. ඒකෙ කොතැනක හෝ තැනක වැරැදීමක් නම් සිදුවී තිබේ. ඒ වුණාට අපට හැමදාම වරදින්න විදිහක් නෑ නේද?කොල්ලනේ, කොකාට වාරයක් නං තිත්තයාටත් වාරයක් තියෙන්න ඕනෑමය. මහජනයා නිර්වින්දනය වූ දේශයක, මහජනයා නිර්වින්දනය කළ දේශයක ඌරන්ට මොන සෞඛ්‍යද?

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කේමදාසගේ දුවට බෝගොල්ලාගම මෙහෙම කැත වැඩක් කළේ ඇයි? මොහුව වහාම කැඳවිය යුතු නැද්ද? Sri Lanka Latest News

Next Post

ඡන්ද කල්දාන්න රනිල් හදන්නේ IMF එකේ ආශීර්වාදයෙන්ද? Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.