රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුළන් හත්දෙනකු මිය යෑම සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.Sri Lanka Latest News
සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.
රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුලන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුන්ව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන් වේ.









