• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ සෙල්ෆි ගහපු කලාකාරයෝ ගැන ඩොලර් ගෙන්වා ගත්ත කලාකාරයෝ ගැන හැම ආණ්ඩුවකම ඉන්න කලාකාරයෝ ගැන කලාකාරයෙක් වෙච්ච ගිහාන් ප්‍රනාන්දු කතාකරයි! Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය සමයේ ගාලුමුවදොර පැවැති අරගල භූමියට කලාකරුවන් පැමිණියේ සැබෑ ලෙසම අරගලයට සිය දායකත්වය ලබාදීමට නොවන බව ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා පවසනවා. රංගන ශිල්පී ජනක කුඹුකගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අරගල භූමියේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ සහ ෆේස්බුක් ඔස්සේ සජීවී වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ අරමුණෙන් එම කලාකරුවන් අරගලය නියෝජනය කළ බවයි. පහත දැක්වෙන්නේ ජනක කුඹුකගේ මහතා සිදුකළ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටස් කිහිපයකි.

පහුගිය අරගල කාලේ කලාකාරයෝ හැමෝම අරගල භූමියට ගියා. ගිහින් මොකක්ද කළේ? එක්කෝ ෆේස්බුක් ලයිව් එකක් දැම්මා. එක්කෝ තමන්ගේ ෆොටෝ එකක් දැම්මා අර සෙනඟ මැද්දේ අරලියගහ මන්දිරය, අරක මේක කියලා. එතකොට ඒ දිහාත් සිනාසිසී බලා සිටීම තමයි මගේ ප්‍රතිපත්තිය. අරගලය සම්බන්ධයෙන් හරි දේශපාලනය ගැන හරි අපි ඕනෙ තරම් අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි අරගල භූමියට අඩියක් නොතියන්න හේතුව තමයි අද වෙනකොට ඒ අරගල භූමියේ හිටපු හැමෝම හෙළිදරව් වෙනවා. ඒ හෙළිදරව් වීමේ ගොඩට ගිහාන් ප්‍රනාන්දු වැටෙනවට මම කැමැති නෑ. ඒ කියන්නේ මම පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් මේ අරගලය වෙනුවෙන් සල්ලි ගෙන්න ගත්තද නැද්ද ඒ මොනවත් අදාළ නෑ. එහෙම Corrupted තැනක අපි හිටියා කියලා දැනගත්තාම අපිවත් ඒ ගොඩට තමයි වැටෙන්නේ. එතකොට ඔය භූමියේ හිටිය රැට්ටලා, කැට්ටලා, මුට්ටලා කවුරුවත් අපි වෙනුවෙන් පෙනීහිටින්නේ නෑ. අද කෝ ඒ අය කොහෙද ගිහින් හිටගෙන තියෙන්නේ? එතකොට ඒ බොරුවට මේ රට රැවැටෙනවා.

මම කියන්නේ On Camera විතරක් රඟපාන්න. Off Cameraරඟපාන්න එපා. ඒක මිනිස්සුන්ව රවට්ටන එකක්. Off Cameraඅඬන්න පුළුවන්, Off Camera දුක්වෙන්න පුළුවන්, ටෝන් වෙනස් වෙන්න පුළුවන්, ‘මගේ රට’ කියන්න පුළුවන්. මේ බොරුව කරන්න එපා. ඒකට මිනිස්සුන්ව රවට්ටන්න එපා කියලයි මම කියන්නේ. ඒක නියම ආටිස්ට් කෙනෙක්ගේ, අපි කලාකාරයෝ කියන්න මම කැමැති නෑ. කලාකාරයෝ කියන්නේ අපිට වඩා බොහොම ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිසකට. ඒ වුණාට අපි මේ ආට්වලින් ජීවත් වෙන මිනිස්සුනේ. ආටිස්ට් කියන කෑල්ලවත් පාවිච්චි කරමුකෝ. ආටිස් කෙනකුට ඒක තරම් නොවේ. ඒකේ ප්‍රතිවිපාක විඳින්න වෙනවාමයි. “Every action has an reaction”.

විහිළුසහගතම කාරණාව තමයි රාජපක්ෂ රෙජීමයෙන් වැඩ කරගත්ත කට්ටියත් අරගල භූමියට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ජීවිත කාලෙම රාජපක්ෂ විරෝධීන් වගේ හැසිරුණු විදියට තමයි මෙතැන හැසිරෙන්නේ. පිටරට ගියාම හරි ලොකු ශ්‍රී ලාංකීය මානසිකත්වයක් එනවනේ. එතකොට මෙහෙ ඉන්න විශ්වාස කරන්න පුළුවන් එවුන්ට ඩොලර් එවනවා තමන්ගේ හෘදසාක්ෂිය මකාගන්න. ‘අපිට එන්න බෑ, හැබැයි උඹලා මේක කරගෙන පලයං. අපේ රට රැකගන්න ඕනේ මල්ලි’ වගේ දේවල් කියනවා. හැබැයි ඒවායිනුත් වාසි ගත්තා මම මේ කියන සමහර ආටිස්ට්ලා. ඒක තක්කඩිකමක්ම තමයි. ඒකට වෙන වචනයක් නෑ. කවුරු හරි අභියෝග කරනවා නම් අරගල භූමියේ හිටපු 1 සිට 25 දක්වා ආටිස්ට්ලා ඇයි එතැන හිටියේ කියලා කියන්න කියලා. මට පුළුවන් ඒක කියන්න. අරගලයේ හිටිය විමුක්තිම කාන්තාව ටෙලිෆෝන් එකෙන් ඡන්දේ ඉල්ලුවොත්?

අනිත් කාරණාව තමයි, අපිට ඒ අයගේ නම් කියන්න බෑ. හැබැයි හැම ආණ්ඩුවේම ඉන්න ආටිස්ට්ලා ඉන්නවනේ මේ රටේ. ඒගොල්ලෝ හැම ආණ්ඩුවෙම ඉන්නවනේ. මොකක් හරි පෙරළියක් වෙලා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවත්, ඒකෙත් ඒගොල්ලෝ ඉන්නවා.

Lines and Beyond යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඇත්ත කිව්වේ ටිරාන්ද? කිරිඇල්ලද? Sri Lanka Latest News

Next Post

පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල කුරිරු ප්‍රහාරයන්ට එරෙහිව සියලු මුස්ලිම් මන්ත්‍රීවරු හා ජනතාව සමග විපක්ෂනායක පාරට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.