ත්‍රිවිධ හමුදා සේවය අතහැර ගොස් සැඟවී සිටින හමුදා සාමාජිකයන්ට තමන් සේවය කළ හමුදා කඳවුරුවලට භාරවීමට ලබාදී ඇති පොදු සමා කාලය තුළදී පසුගිය බ්‍රහස්පතින්දා වන විට භාරවී ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 13,206ක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ඒකකයේ කර්නල් නලින් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම දිනය වනවිට යුද හමුදාවේ පමණක් භාරවී ඇති සංඛ්‍යාව 11,394ක් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පැවැසුවේ.
නාවික හමුදාවෙන් පලාගොස් සිටි 1,049 දෙනකු සහ ගුවන් හමුදාවෙන් පලාගොස් සිටි 763 දෙනකු ඔවුන් සේවය කළ හමුදා කඳවුරුවලට භාරවී ඇතැයි කර්නල් නලින් හේරත් මහතා පැවැසීය.
මෙසේ භාරවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සලසාදී තිබේ.
පසුගිය අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක එම පොදු සමා කාලය මැයි 20 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ප්‍රේමලාල් විජේතරත්න









