ව්‍යායාමවලින් තොරව ජංගම දුරකතනවලට පමණක් සීමා වෙමින් කෙටි ආහාර සහ පැණි බීමවලට ඇබ්බැහි වී තරබාරුවී බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් දරුවන් බේරාගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. (Sri Lanka Latest News)
එළවළු පලතුරු ඇතුළු සමතුලිත ආහාර පානවලට පමණක් තම දරුවන් යොමුකරවා ගැනීමට දැන් සිටම මවුපියන් උනන්දු වුවහොත් බෝ නොවන රෝගවලට ගොදුරු නොවී තම දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි ඔහු පවසන්නේ.
තෙල් සහ පිටි සීනි සහිත ආහාර වැඩි වශයෙන් ගැනීමට කුඩා කාලයේ සිටම ඇබ්බැහි වීමෙන් දරුවන් කුඩා අවධියේ සිටම බෝ නොවන විවිධ රෝගාබාධවලට ගොදුරු වීමෙන් ඔවුන්ගේ අනාගතය අඳුරු වීමට ඉඩ ඇති බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ජාත්‍යන්තර වශයෙන්ද බෝ නොවන රෝගවලට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව පෙන්වා දෙන වෛද්‍ය දීපාල් පෙරේරා මහතා එම අවදානමෙන් දරුවන් ගලවා ගැනීමට මවුපියන් උනන්දු විය යුතු බවද අවධාරණය කළේය.
ප්‍රේමලාල් විජේතරත්න








