• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උන් මගේ ඇඳුම් ගලවලා මාව පුටුවක ඉන්දවලා මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා! මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා! මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා! උන් මට බොන්න දුන්නේ සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර! මම කුටියේ ඉන්නකොට ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා! ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහම දූෂණය වුණා! මමත් හිටියෙ බාගෙට මැරිලා! රස්සාවකට ගිහින් මියන්මාර ත්‍රස්තවාදීන්ට හසුවී කප්පම් ගෙවා බේරී යළි ලංකාවට පැමිණි ‘රවි’ කතා කරයි! I Sri Lanka Latest News

April 13, 2024
in Exclusive
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

අවවාදය යි: ඇතැම් පාඨකයින්‌ට පීඩාකාරී විය හැකි ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට අදාළ තොරතුරු මෙහි ඇතුළත් විය හැකි ය. මේ සඳහා සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නම – රවී – ලෙස වෙනස් කර තිබේ.Sri Lanka Latest News

“උන් මගේ ඇඳුම් ගලවලා, මාව පුටුවක ඉන්දවලා, මගේ කකුලට කරන්ට් එක ඇල්ලුවා. මට හිතුණෙ ඒක මගේ ජීවිතේ අවසානය කියලා.”

රවී, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට තායිලන්තයට ගොස් තිබූ නමුත් බැංකොක්හි දැවැන්ත කාර්යාල ගොඩනැගිල්ලක වාඩි වී සිටිනවා වෙනුවට 24 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා මියන්මාරයේ අඳුරු ස්ථානයක සිරවී සිටියේ ය.

ඔහු පැහැරගෙන ගොස් තායිලන්ත දේශ සීමාවේ පිහිටි නගරයක් වන මේ සොට් (Mae Sot) ආසන්නයේ ඇති ගංගාව හරහා ගෙන ගොස් මිනිස් ජාවාරමකට හසු කරගෙන තිබිණි.

එහිදී, ඔහු පවසන පරිදි, ඔන්ලයින් වංචා පවත්වාගෙන යන චීන බස කතා කරන කල්ලි විසින් මෙහෙයවන ලද කඳවුරු ගණනාවකින් එක් කල්ලියකට ඔහු විකුණා තිබිණි. ඔවුහු ජාවාරම්වලට ලක්වන රවී වැනි පුද්ගලයින්ව, ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා භාවිත කරමින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අමෙරිකාවේ සහ යුරෝපයේ හුදෙකලා පිරිමින් රැවටීම සඳහා දීර්ඝ පැය ගණනක සේවයේ යොදවති.

ඉක්මනින් ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ඔවුහු, ව්‍යාජ ඔන්ලයින් වෙළෙඳ වේදිකාවල විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට ඉලක්කගත පුද්ගලයින් පොළඹවති‍.

රවීගේ “සයිබර් වහල්” කඳවුර මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටත් නොවන ප්‍රදේශයක් වන මියාවඩ්ඩිහි කැලෑබද ප්‍රදේශයකි.

ජාත්‍යන්තර පොලිසියට අනුව, ආසියාව, නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ බටහිර යුරෝපයේ තරුණ තරුණියන් දහස් ගණනකට පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම සයිබර් අපරාධ කඳවුරුවල සේවය කිරීමට සලස්වා තිබේ.

අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නන්ට පහර දීම, වදහිංසා කිරීම හෝ ලිංගික වශයෙන් දූෂණයට ලක් කිරීම සිදු කෙරේ.

“ඔවුන්ට කීකරු නොවුණ නිසා මට දවස් 16ක් පුංචි කුටියක් ඇතුළෙ ඉන්න වුණා. උන් මට බොන්න දුන්නේ, සිගරට් කොට සහ අළු මිශ්‍ර වෙච්ච වතුර විතර යි,” රවී බීබීසී පුවත් සේවයට පැවසීය.

“පස් වෙනි හෝ හය වෙනි දවසේ මම කුටියේ ඉන්නකොට, ළඟ තිබුණ තවත් කුටියකට ගෑනු ළමයි දෙන්නෙක් ගෙනාවා. ඒ දෙන්නාව පිරිමි 17 දෙනෙක් අතින් මගේ ඇස් ඉස්සරහ ම දූෂණය වුණා,” ඔහු පැවසීය.

“ඒ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් පිලිපීන ජාතිකයෙක්. අනික් කෙනා මොන රටේ ද කියලා මට කියන්න අමාරු යි.”

The countries involved in online scam hubs in Southeast Asia include Myanmar, Laos, Cambodia, the Philippines, Malaysia, Thailand, and Vietnam.

මිනිස් ජාවාරම්වලට ගොදුරු වන්නෝ කවරහු ද?

2023 අගෝස්තු මාසයේදී, මියන්මාරයේ 120,000කට අධික පිරිසක් සහ කාම්බෝජයේ තවත් 100,000කට අධික පිරිසක් නීතිවිරෝධී සූදුවේ සිට ක්‍රිප්ටොකරන්සි මුදල් වංචා දක්වා මෙවැනි සහ වෙනත් මාර්ගගත වංචා වෙනුවෙන් වැඩ කිරීමට බලපෑම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක් මගින් ලාඕසය, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අවම වශයෙන් වශයෙන් වියට්නාමය යන රටවල ඉන්ටර්නෙට් වංචා සඳහා තවත් කේන්ද්‍රස්ථාන සොයාගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, මෙම ප්‍රවණතාව කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා වර්ධනය වී ඇති අතර තවත් බොහෝ රටවල් වංචනික මධ්‍යස්ථාන, සංක්‍රමණ මාර්ග හෝ ජාවාරමට ගොදුරු වූවන් පැමිණෙන රටවල් වශයෙන් සම්බන්ධ වී ඇති බව ය.

මේ මස මුලදී, කාම්බෝජයට ප්‍රවාහනය කරන ලද සිය පුරවැසියන් 250 දෙනෙකු මුදාගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කළ අතර, මාර්තු මාසයේදී චීනය ප්‍රකාශ කළේ, මියන්මාරයේ වංචා මධ්‍යස්ථානවලින් සිය පුරවැසියන් සිය ගණනක් ආපසු ගෙන්වා ගත් බව ය.

මෙම මධ්‍යස්ථාන වසා දමන ලෙස මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවට සහ සන්නද්ධ කන්ඩායම් යන දෙපාර්ශවයට ම චීනය දැඩි පීඩනයක් එල්ල කර තිබේ.

මියන්මාරයේ ස්ථාන හතරක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් අවම වශයෙන් 56 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් දන්නා අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර බීබීසීයට ප්‍රකාශ කළේ, ඔවුන්ගෙන් අට දෙනෙකු මියන්මාර බලධාරීන්ගේ සහය ඇතිව මෑතකදී බේරා ගත් බව ය.

කඳවුරු පවත්වාගෙන යන්නන්ට, ඉලක්කගත සංක්‍රමණික සේවකයින් සොයා ගැනීම ස්ථාවර තත්ත්වයක පවතී.

The countries hosting scam centres, serving as transit routes, or originating trafficked victims, according to the Interpol.

සෑම වසරක ම, දකුණු ආසියාවේ සිට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ රැකියා සොයා විදේශයන් වෙත සංක්‍රමණය වෙති.

පරිගණක විශේෂඥයෙකු වන රවී බැංකොක්හි දත්ත ඇතුළත් කිරීමේ රැකියා ලබා දෙන රැකියා සපයන්නෙකු පිළිබඳව දැන ගත් අවස්ථාවේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ ශ්‍රී ලංකාව හැර යාමට අපේක්ෂා කළේ ය.

ඩුබායිහි පාර්ශවකරුවෙකු සමග සිටි එම රැකියා සපයන්නා, ඔහුට තහවුරු කර තිබුණේ, රුපියල් 370,000ක මූලික වැටුපක් හිමි වන බව ය.

මෑතකදී විවාහ වී සිටි රවී සහ ඔහුගේ බිරිඳ මෙම නව රැකියාව මගින් ඔවුන්ට නිවසක් ඉදිකිරීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි සිහින මැවූ අතර, දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම සඳහා විවිධාකාරයෙන් ණය ලබා ගත්හ.

තායිලන්තයේ සිට මියන්මාරය දක්වා

2023 වසර මුලදී, රවී සහ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පළමුව බැංකොක් වෙත යවා ඇති අතර, පසුව තායිලන්තයේ බටහිර දිගින් පිහිටි මේ සොට් නගරය වෙත ගෙන ගියහ.

“අපිව හෝටලයකට අරන් ගියා. ඒත් ටික වෙලාවකින් අපිව තුවක්කුකරුවන් දෙන්නෙකුට භාර දුන්නා. ඔවුන් ගඟක් හරහා අපිව මියන්මාරයට අරන් ගියා,” රවී පැවසීය.

පසුව චීන බස කතා කරන මැර කල්ලියක් විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරකට ඔවුන් මාරු කරන ලද අතර, පින්තූර නොගන්නා ලෙස පැහැදිලිව උපදෙස් දී තිබිණි.

“අපි බය වුණා. ශ්‍රී ලාංකිකයන්, පකිස්ථාන වැසියන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ වැසියන් සහ අප්‍රිකානු රටවලින් පැමිණි කාන්තාවන් සහ පිරිමින් 40 දෙනෙක් විතර ඒ කඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන හිටියා,” ඔහු පැවසීය.

A general view of the Myanmar-China border town of Laukkaing on September 8, 2009.
ඡායාරූප ශීර්ෂ වැකිය,බුරුම දේශසීමා නගරයක් වන ලෞකේං, සූදුව, මත්ද්‍රව්‍ය සහ වංචනික මධ්‍යස්ථාන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ඉස්මතුව තිබේ.

උස් බිත්ති සහ කටු කම්බි මෙම කඳුවුරුවලින් ගැලවී යාම වැළැක්වූ බව රවී පැවසූ අතර තුවක්කුකරුවන් සෑම වේලාවක ම දොරටු ආරක්ෂා කළහ.

රවී පවසන පරිදි, ඔහුට සහ සෙසු පිරිසට දිනකට පැය 22ක් වැඩ කිරීමට බල කර ඇති අතර, නිවාඩුවක් ලැබී ඇත්තේ මසකට වරක් පමණි. සෑම දිනක ම අවම වශයෙන් පිරිමින් තුන් දෙනෙකු අල්ලා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන් පැන යාමට නොහැකි වුවහොත්, අකීකරු වන්නන්ට පහරදීම් සහ වදහිංසාවලට පත්වීමට සිදුවනු ඇත.

එය හරියටම කළ එක් පුද්ගලයෙකු වූයේ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 21 හැවිරිදි තරුණයෙකු වන නීල් විජේ නමැත්තෙකු වන අතර, ඔහු 2022 වසරේ අගෝස්තු මාසයේදී තවත් ඉන්දියානු පිරිමින් පස් දෙනෙකු සහ පිලිපීන කාන්තාවන් දෙදෙනෙකු සමග මියන්මාරය වෙත රැගෙන ගොස් තිබිණි.

ඔහුගේ මවගේ ළමා කාලයේ මිතුරෙකු බැංකොක්හි ඇමතුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත්, ඔවුන්ගෙන් ඉන්දීය රුපියල් 150,000 (ඩොලර් 1,800) ක නියෝජිත ගාස්තුවක් අය කළ බවත් ඔහු බීබීසීයට පැවසීය.

“චීන භාෂාව කතා කරන මිනිස්සු කරගෙන යන සමාගම් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම වංචාකාරයෝ. අපිව ඒ සමාගම්වලට විකිණුවා,” නීල් පැවසීය.

“එතනට ළං වෙද්දී මගේ බලාපොරොත්තු සුන්වුණා. මගේ අම්මා කප්පම් සල්ලි උන්ට නොදුන්නා නම් අනිත් අය වගේ මටත් වද විඳින්න වෙනවා.”

නීල් වංචාවට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට ඔහුගේ පවුලේ අය ඉන්දීය රුපියල් 600,000ක් ($7,190) ගෙවා තිබිණි. එහෙත්, ඉලක්ක සැපිරීමට නොහැකි වූ හෝ කප්පම් මුදල් ගෙවිය නොහැකි පුද්ගලයින්ට දෙන කුරිරු දඬුවම් දැකීමට පෙර නිදහස ලැබීමට ඔහුට නොහැකි විය.

ඔහු මුදා හැරීමෙන් පසු, තායිලන්ත බලධාරීහු ඔහුට ආපසු ඉන්දියාවට යාම සඳහා සහය වූහ. ඔහුගේ පවුලේ සාමාජිකයින් දේශීය නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

An Indian man who was trafficked into Myanmar with his passport.
ඡායාරූප ශීර්ෂ වැකිය,තායි බලධාරීන්ගේ සහාය ඇතිව නීල් සති දෙකකටත් අඩු කාලයකදී නැවත ඉන්දියාවට පැමිණියේය.

වින්දිතයින් ඔවුන්ගේ රටවලට යැවීමට සහය වීම සඳහා තායිලන්ත බලධාරීහු අනෙක් රටවල් සමග ක්‍රියා කරමින් සිටිති. කෙසේ වෙතත්, තායිලන්ත අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට කියා සිටියේ අසල්වැසි රටවල ක්‍රියාත්මක කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාවට සාපේක්ෂව මුදාගත් සංඛ්‍යාව ඉතා අඩු බව ය.

“මේ අපරාධ කල්ලි ගැන ජනතාව දැනුවත් කරමින් ලෝකය සමග සන්නිවේදනය කරන්න අපි මීට වඩා පියවර ගත යුතු යි. එහෙම කළොත් ඔවුන්ට මේ ජාවාරම්වලට ගොදුරු නොවී ඉන්න හැකි වෙයි,” තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පියා රක්සාකුල් පැවසීය.

මිනිස් ජාවාරම්කරුවන් බොහෝ විට මෙම කලාපය තුළ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස බැංකොක් භාවිත කරනුයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පුද්ගලයින්ට බැංකොක් වෙත පැමිණීමෙන් පසු වීසා බලපත්‍රයක් ලබාගෙන තායිලන්තයට ඇතුළු විය හැකි නිසා බව ඔහු පවසයි. “ඒ නිසා, අපරාධකාරයෝ මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ජාවාරම්කාරයෝ ඔවුන්ට වැඩ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය

සොරකම් කරන ලද දුරකතන අංක, සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා භාවිත කරමින් ප්‍රේම සබඳතා ගොඩනගා ගනිමින්, විශේෂයෙන් බටහිර රටවල ධනවතුන් ඉලක්ක කර ගැනීමට තමාව යොමු කළ බව රවී හෙළි කළේ ය.

ඔවුන් වින්දිතයන් ඍජුව ම සම්බන්ධ කර ගත් අතර, සාමාන්‍යයෙන් පළමු පණිවිඩය – බොහෝ විට සරල “හායි” යන ආමන්ත්‍රණය – වැරදීමකින් යවන ලද බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරවයි.

ඇතැම් පුද්ගලයින් එවැනි පණිවුඩ ගැන තැකීමක් නොකරන බව රවී පවසයි. එහෙත්, හුදෙකලා වී සිටින්නන් හෝ ලිංගික ආශ්‍රයකට කැමැත්තෙන් පසුවන්නෝ නිරන්තරයෙන් මෙම ඇමට බිලි වෙති.

ඔවුන් එසේ කළ විට, කඳවුරේ සිටි තරුණියන් පිරිසකට සිය ඉලක්කගත පුද්ගලයා තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි පින්තූර ගැනීමට බල කෙරිණි.

An image of crossing a river with a victim rescued by Thai authorities.
ඡායාරූප ශීර්ෂ වැකිය,තායිලන්ත බලධාරීන් විසින් මෙහි වින්දිතයෙකු වූ ඉන්දියානුවෙකු වන නීල් ගඟෙන් එගොඩ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගියේය.

දින කිහිපයකින් පණිවිඩ සිය ගණනක් හුවමාරු කර ගැනීමෙන් පසු, වංචාකරුවන් මෙම පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගන්නා අතර ව්‍යාජ ඉන්ටර්නෙට් වෙළෙඳ වේදිකාවල විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔවුන්ව පොළඹවනු ඇත.

පසුව, ව්‍යාජ ඇප් ව්‍යාජ ආයෝජන සහ ප්‍රතිලාභ තොරතුරු පෙන්වයි.

“එක් කෙනෙක් ඩොලර් 100000ක් එව්වොත්, එයාගේ ලාභය කියලා ඒකෙන් ඩොලර් 50000ක් ආපසු යවනවා. ඒ හරහා ඔවුන් සතුව ඩොලර් 150000ක් ඇති බවට ඔවුන් තුළ හැඟීමක් ඇති වෙනවා. ඒත් ඇත්තට ම සිද්ධ වෙන්නෙ ඔවුන්ගේ ආයෝජන මුදලෙන් භාගයක් විතරයි ඔවුන්ට ලැබෙන්නේ, ඉතිරි ටික ඔවුන් ගන්නවා,” රවී පැහැදිලි කළේ ය.

වින්දිතයින්ගෙන් ගැනීමට හැකි සියල්ල ගැනීමෙන් පසු, පණිවුඩ යැවූ ගිණුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් අතුරුදන් කෙරේ.

මෙම ක්‍රියාකාරකමේ පරිමාණය ඇස්තමේන්තු කිරීම අපහසු ය. එහෙත්, ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය සිය 2023 ඉන්ටර්නෙට් අපරාධ වාර්තාවෙන් සොයා ගත්තේ, අමෙරිකාවේ විශ්වාසය හෝ ආදර වංචා පිළිබඳ පැමිණිලි 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවත් පාඩුව ඩොලර් මිලියන 652ක් වූ බවත් ය.

මානසික සහ ශාරීරික කැළැල්

මාසයක කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු, රවී පවසන්නේ, ඔහු මුලින් සේවය කළ “සමාගම” “බංකොලොත්” වූ නිසා වෙනත් කල්ලියකට විකුණා තිබූ බව ය. – ඔහු මියන්මාරයේ කොටු වී සිටි මාස හය තුළ විවිධ කල්ලි තුනකට මාරු කරන ලදී.

තමන්ට තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි බව ඔහු සිය නව කල්ලියේ නායකයින්ට පවසා, යළි ශ්‍රී ලංකාවට යාමට අවසර ඉල්ලා තිබිණි.

දිනක් කණ්ඩායම් නායකයා සමග පැවති හමුවක් ගැටුමකට හැරුණු අතර රවී කුඩා කුටියකට ගෙන ගොස් දින 16ක් තිස්සේ වධ හිංසා පමුණුවා තිබිණි.

අවසානයේ “චීන ප්‍රධානියා” රවී හමුවීමට පැමිණ ඔහුට නැවත වැඩ කිරීමට “අවසාන වරට එක් අවස්ථාවක්” ලබා දුන්නේය – එය පරිගණක මෘදුකාංග පිළිබඳ ඔහු තුළ පැවති ප්‍රවීණත්වය නිසා ලබා දුන් අවස්ථාවක් විය.

“මට කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ. ඒ වෙනකොට මගේ ශරීරයෙන් භාගයක් අඩපණ වෙලා තිබුණෙ,” ඔහු පැවසීය.

A view out of a car windscreen shows a dirt track running through cornfields
ඡායාරූප ශීර්ෂ වැකිය,මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරකින් නිදහස් වූ වින්දිතයෙකු ඔවුන් දේශසීමාව දෙසට යන විට මෙම ඡායාරූපය ගෙන තිබේ.

තවත් මාස 4ක කාලයකදී, රවී VPN, කෘත්‍රිම බුද්ධි යෙදුම් සහ ත්‍රිමාණ වීඩියෝ කැමරා යොදාගෙන ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යාමට සමත් විය.

මේ අතරතුර, සිය රෝගී මව බැලීමට ශ්‍රී ලංකාවට යාම සදහා රවී අයාචනා කළේ ය.

රුපියල් 600,000ක කප්පම් මුදලක් සහ ගංගාව තරණය කර තායිලන්තයට ඇතුළු වීම වෙනුවෙන් තවත් අතිරේක රුපියල් 200,000ක් ගෙවා දැමිය හැකි නම් රවීට ඉන් පිටව යාමට අවසර දීමට කල්ලි නායකයා එකඟ විය.

ඔහුගේ දෙමාපියන් ඔවුන්ගේ නිවස ඇපයට තබා ණය මුදලක් ලබාගෙන රවී වෙත යැවීය. රවී ආපසු මේ සොට් වෙත රැගෙන යන ලදී.

වීසා නොමැති වීම හේතුවෙන් ඔහුට තායි බාත් 20,000ක දඩ මුදලක් නියම වූ පසු, රවීගේ දෙමාපියන්ට තවත් ණය ලබා ගැනීමට සිදු විය.

“මම ලංකාවට එනකොට, රුපියල් 1,850,000ක් ණය වෙලා තිබුණා,” ඔහු පැවසීය.

ඔහු ආපසු නිවසට පැමිණ සිටිය ද, රවීට සිය නව මනාලිය දැක ගත හැක්කේ කලාතුරකිනි.

“මේ ණය පියවන්න ඕන නිසා දිවා රාත්‍රී මම ගරාජ් එකක වැඩ කරනවා. ණය පොළිය ගෙවන්න අපි දෙන්නාගෙ ම මගුල් මුදු උකස් තියල තියෙන්නෙ,” ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.

සුනෙත් පෙරේරා සහ ඉසරියා ප්‍රායිතොන්ගයෙම්

බීබීසී ලෝක සේවය

SendShareShare
Previous Post

දවස් දෙකක්ම පිට පිට මිලිමීටර් 100 ඉක්මවලා නාකපන වැස්සක් වැස්සා! අදත් වහිනවා! බක්මහ අකුණුත් ගහනවා! I Sri Lanka Latest News

Next Post

කැකිරාවේදී දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට! Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.