කැකිරාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාගර්ගයේ ඊයේ (12) පෙ.ව.5.20 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ පුබ්බිලිය, හැලඹගහවත්ත අංක 88 යන ස්ථානයේ පදිංචිව සිටි ප්‍රසන්න බංඩාර හේරත් නැමති 32 හැවිරිදි අයෙකි.
මේ පිළිබද කැකිරාව පොලිසිය කරන ලද මුලික විමර්ශන අනුව කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාගයේ බීමත්ව නිදාගෙන සිටි ඔහු පෙ.ව.5.20ට පමණ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබු දුම්රිය පැමිනීමේදී හිස ඔසවා බලනවාත් සමගම දුම්රියේ හිස ගැටී මියගොස් ඇති බවට අණාවරණ වී ඇත
dinamina









