යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පස් දෙනෙකුම ක්ෂය රෝගයට ගොදුරු වීමත් සමගම යාපනයේ සෞඛ්‍ය අංශ එම පාසල සම්බන්ධයෙන් තීන්දූ තීරණ රැසක් ගෙන තිබේ. (Sri Lanka Latest News)
සමස්ත පාසලේම සිසුන් ක්ෂය රෝග පරීක්ෂාව සඳහා යොමුකොට ඇති අතර, ඒ සඳහා පාසල තුළ ජංගම සෞඛ්‍ය කඳවුරක්ද පවත්වාගෙන යෑමට පටන්ගෙන තිබේ.
මෙම පාසලේ 14 හැවිරිදි සිසුවකු අසාමාන්‍ය ලෙස බර අඩුවීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ඔහුගේ මවුපියන් රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරු ඔහුට ක්ෂය රෝගය වැලඳී ඇති බව තහවුරු කරගෙන තිබේ.
පසුව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසක් පැමිණ එම සිසුවා සමග එකට සිටින සිසුන් පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමේදී තවත් සිසුන් හතර දෙනකුට ක්ෂය රෝගය වැලඳී ඇති බව තහවුරු වීමෙන් පසුව එම පාසල තුළ සෞඛ්‍ය කඳවුරක් ආරම්භ කොට ඇත.
lankasara









