අධිවේගී මාර්ග සෑදීම සදහා ගත ණය පියවීමට තවත් වසර 160 ක පමණ කාලයක් ගතවනු ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.Sri Lanka Latest News
අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා රජය රුපියල් බිලියන 800 ක පමණ ණය ලබාගෙන තිබේ.
වාර්ෂිකව අධිවේගී මාර්ගවලින් උපයා තිබෙන ලාබය රුපියල් බිලියන පහකි.
ඒ අනුව, ගණන් බැලීමේ දී අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා ලබාගෙන තිබෙන ණය ගෙවා අවසන් කිරීමට තවත් වසර 160 ක් ගතවනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.
මේ ණය ඇතුළු අනෙකුත් සියළු ණය ගෙවා පියවීම සදහාත් ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සදහාත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ලංකාව සම්බන්ධයෙන් යෝජනා කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා යා යුතුව ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.









