ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිට පසුව අධිකරණයේ විශේෂ තීන්දුවක් මත නිදහස ලැබූ යාපනයේ තිල්ලයිම්බලම් සුදේන්ද්‍රරාජා ( ශාන්තන්ගේ ) දේහය අද (3) සවස යාපනයට රැගෙන ආවේය. (Sri Lanka Latest News)
ඉන්දියාවේ සිට යාපනයේ සිය මව බැලීමට වසර 32කට පසුව යාපනයට පැමිණීමට සූදානමින් සිටියදී ශාන්තන් හදිසියේ රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසුව එහිදී මියගියේය.
ඔහුගේ දේහය ගුවනින් කොළඹට රැගෙනවිත් එතැන් සිට රිය පෙරහැරකින් යාපනය දක්වා රැගෙන ඒමට ශාන්තන්ගේ අවමංගල්‍ය කටයුතු සංවිධාන කළ පිරිස පියවර ගෙන තිබිණි.
අතර මගදී ශාන්තන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටීමත්, වවුනියාවේ සිට යාපනය දක්වා ස්ථාන කිහිපයකදීම දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට සිදුවීමත් නිසා දේහය කොළඹ සිට හාපනයට රැගෙන ඒමට දින දෙකක කාලයක් ගතවිය.
ශාන්තන්ගේ අවසන් කටයුතු හෙට (04) පස්වරුවේ යාපනය එල්ලංගකුලම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
lankasara








