• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකෝ ගහගන්නද? ඔයා පොරක්ද? ඇඟිල්ල දික්කරගෙන එන්න එපා! ඔය ත්‍රෙට්වලට අපි බය නෑ! අමු ගවයෙක්! හරීන් – චමුදිත TV වලිය! I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive, News
Reading Time: 25 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේම කොටසක්’ බව සඳහන් කරනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සමාජය තුළ මතුවෙමින් තිබෙන පසුබිමක පසුගිය 26 වැනිදා රාත්‍රියේ හිරු ටීවී රූපවාහිනී නාලිකාව මගින් විකාශය වූ ‘සලකුණ’ දේශපාලන සංවාදයට හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි කරවා ගැනීමට එම නාලිකාව කටයුතු යොදා තිබිණි.(Sri Lanka Latest News) එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අමාත්‍යවරයාගෙන් දැඩිව ප්‍රශ්න කළ අතර, අමාත්‍යවරයාද ඉතා ආවේගශීලීව ඊට ප්‍රතිචාර දක්වන අයුරු දැකගත හැකි විය. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර හටගත් එම උණුසුම් සංවාදය පහත පළවේ.

හරීන් ප්‍රනාන්දු – We are part of india කිව්වම ඒක විකෘතියක්.

චමුදිත සමරවික්‍රම – ඔබනේ ඒක කියන්නේ?

හරීන් ප්‍රනාන්දු – ඒක විකෘතියක් විදියට ගන්න පුළුවන්. ඔබතුමා කියන වචනයක් මට කොච්චර විදියකට හරවන්න පුළුවන්ද? මම මේ ළඟදී දවසක දැක්කා කවුරු හරි දේශපාලකයෙක් කියන දෙයක්. මම හිතුවේ ඒක අපට ඕනෙ නම් කප කප, හරව හරව ගන්න පුළුවන්. මගේ දේශපාලනය තුළ ඒ වගේ පහත් පටු දේශපාලනයක් කරන්නේ නෑ. මම දන්නවා මිනිහෙක් කියන අර්ථය මොකක්ද කියලා. හැබැයි දේශපාලන වශයෙන් ඕනෙ කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ රටේ බුද්ධිමත් ජනතා කොට්ඨාසයක් ඉන්නවා නම් මොළයක් තියෙන මිනිස්සු ඉන්නවා නම්…

චමුදිත සමරවික්‍රම – ඔබම කිව්වා මේක වෙන කෙනෙක්ට ඕනෙ නම් හරවන්න පුළුවන් කියලා. ලංකාවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරු කිව්වොත් Sri Lanka is a part of Saudi Arabia ඒගොල්ලෝ කැමැති වෙයි ඔබේ ප්‍රකාශයත් එක්ක? මොකද ප්‍රභාකරන් එක පැත්තකින් වඩුක්කොඩේ සම්මුතිය අනිත් පැත්තෙන් තිම්පෝ සම්මුතිය මේ හරහා කිව්වොත් ඔය ස්වයං නිර්ණ අයිතිය ස්වයං පාලනය ඔය කාරණාමයි කිව්වේ?

හරීන් ප්‍රනාන්දු – මම ස්වයං පාලනය ගැන කිව්වද? මොනවද ඔය කියන අමු බොරු? ඔන්න ඔන්න කැත වැඩක් කරන්න හදනවා.

චමුදිත සමරවික්‍රම – ඉන්න ඉන්න…

හරීන් ප්‍රනාන්දු – ඉන්න ඉන්න කියන්න එපා. ඔයා ඉන්න කියනකං මට ඉන්න බෑ. පොඩ්ඩක් අහගන්න. දැන් ඔය මොකක්ද කරන්නේ? ප්‍රභාකරන්ට සමාන කළා. ඔන්න චමුදිතගේ නිරුවත එළියට එනවා. කෝට් එකක් ඇඳගෙන හිටියට ඇතුළේ අමු හෙලුවැල්ලෙන් ඉන්නේ. ඔබතුමා අමු හෙලුවැල්ලෙන් ඉන්නේ.

චමුදිත සමරවික්‍රම – ඔබතුමා ඇඳුමක් ඇඳගෙනනේ ඉන්නේ. හරි කමක් නෑ.

හරීන් ප්‍රනාන්දු – මිනිස්සු හොඳටම දන්නවා ඔබතුමා ගැන. ඒ නිසා එතෙන්ට වැටෙන්න එපා. ඔබතුමා කරපු චෝදනාවට මම අනිවාර්යයෙන් නඩු දානවා. ඔබතුමා කියන්න මම ප්‍රභාකරන් ගැන කියපු කෑල්ල වගේ මොකක්ද කිව්වේ කියලා?

චමුදිත සමරවික්‍රම – Sri Lanka is a part of India ඒකනේ කිව්වේ?

හරීන් ප්‍රනාන්දු – නෑ නෑ නෑ. ඉස්සෙල්ලා කියපු කෑල්ල කියන්න.

චමුදිත සමරවික්‍රම – මම කිව්වා…

හරීන් ප්‍රනාන්දු – පැනලා දෙන්න එපා, මෙයානේ කතා කරන්නේ. එහෙනම් ඔය තුන්දෙනා කතාකරන්න.

චමුදිත සමරවික්‍රම – අපි තුන්දෙනා කතා කරන්නේ වැඩසටහනේ.

හරීන් ප්‍රනාන්දු – එහෙනම් ඔයාගේ වැඩසටහන ඔයා කරගෙන යන්න.

චමුදිත සමරවික්‍රම – ඔයා උත්තර දෙන්න…

හරීන් ප්‍රනාන්දු – උත්තර දෙන්න කියන්නේ, ඔයා දැන් කරපු බලු වැඩේ බලන්නකෝ.

චමුදිත සමරවික්‍රම – එයාට කට වහගෙන ඉන්න කියන්න බෑ. ඔයා උත්තර දෙන්න ප්‍රශ්නෙට.

හරීන් ප්‍රනාන්දු – ඉතිං ඔයා ප්‍රශ්නයක් අහනවා නම් ඔයා අහන්න. මෙයත් පනිනවා, ඔයත් පනිනවා.

චමුදිත සමරවික්‍රම – ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේ ආකෘතිය. ඒ ආකෘතිය වෙනස් කරන්න මට බෑ.

හරීන් ප්‍රනාන්දු – එහෙනම් මන්ත්‍රීවරුන්ට මොකටද එන්න කියන්නේ?

චමුදිත සමරවික්‍රම – එන්න කියන්නේ උත්තර දෙන්න.

හරීන් ප්‍රනාන්දු – මොන මඟුලටද එහෙම එන්න ඕනේ?

චමුදිත සමරවික්‍රම – මඟුල මොකක්ද කියන්න මම දන්නේ නෑ.

හරීන් ප්‍රනාන්දු කිසිම අවශ්‍යතාවයක් නෑ. චමුදිත මේ, බයිට් එකට ගන්න ඕනෙ නම් මටත් ඕගොල්ලන්ව බයිට් එකට ගන්න පුළුවන්. ඒ නිසා බයිට් එකක් කරගන්න එපා මේක.

චමුදිත සමරවික්‍රම – අප මේක ප්‍රෝග්‍රෑම් එකක් විදියට කරමු.

හරීන් ප්‍රනාන්දු – ඔයා හරියට ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඔයා ගරුත්වයෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න.

චමුදිත සමරවික්‍රම – ඔයා ඇඟිල්ල දික්කරලා ත්‍රෙට් කරන්න එපා.

හරීන් ප්‍රනාන්දු – මොකද ඇඟිල්ල දික්කරන්න බැරි? ඇයි ත්‍රෙට් කරන්න මොකක්ද ප්‍රශ්නේ? ඔයාට යූටියුබ් එකේ ආතල් එකක් ගන්නද ඕනේ?

චමුදිත සමරවික්‍රම – නෑ නෑ. මට කිසි ආතල් එකක් නෑ.

හරීන් ප්‍රනාන්දු – ඔයාට ලයික්ස් ටිකක්ද ඕනේ?

චමුදිත සමරවික්‍රම – ඔයාගේ ත්‍රෙට්වලට බයවෙන මිනිස්සු නම් මෙහෙ නෑ. ඒක හොඳට මතක තියාගන්න.

හරීන් ප්‍රනාන්දු – ඔයාගේ ත්‍රෙට්වලට බයත් නෑ. ඔයාගේ ත්‍රෙට්වලට බය නම් මෙතනට එන්නෙත් නෑ.

චමුදිත සමරවික්‍රම – අපි කාටවත් බය නෑ.

හරීන් ප්‍රනාන්දු – අභියෝගය භාරගන්න පුළුවන් නිසයි මෙතනට එන්නේ. පට්ටපල් බොරු කියන්න එපා. හරිද? ප්‍රභාකරන්න සමාන කරන්න එපා. ඔයාගේ ඔය නපුංසක දේශපාලනය. නපුංසක දේශපාලනය ඔය.

චමුදිත සමරවික්‍රම – කටට බයවෙන්නෑ… මගෙ ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ලා.

හරීන් ප්‍රනාන්දු – ඔයා ප්‍රශ්නෙ ගෙනාවේ වැරැදි විදියට.

චමුදිත සමරවික්‍රම – ප්‍රශ්නේ අහන්නේ මට ඕනෙ විදියටනේ. ප්‍රශ්නේ මගේනේ.

හරීන් ප්‍රනාන්දු – එහෙනම් මට ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් නෑ. ඔයාට ඕනෙ විදියට ප්‍රශ්න අහනවා නම්.

චමුදිත සමරවික්‍රම – ඔයාගේ කේන්තියට බයවෙන්නෑ මෙතන කට්ටිය. ඒවට බයවෙන්නෙ නෑ. ඔයා ප්‍රශ්නෙ අහනවද ආයිත්?

හරීන් ප්‍රනාන්දු – මට ඕනෙ නෑ ප්‍රශ්න අහන්න. ඔයා වගේ කෙනෙක්ට මම උත්තර දෙන්නෑ. ඔයා ඕනෙ දෙයක් කියාගන්න. ඔයාගේ ෂෝ එකනේ මේ. ඒකනේ ඔයා කිව්වේ.

චමුදිත සමරවික්‍රම – ඇයි මොකද ඔයා ගහගන්න වගේද?

හරීන් ප්‍රනාන්දු – මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? මේක අතහැරලා දාන්න. ඔයා කරගන්න. මමත් ඔයාගේ සද්දවලට බය වෙන්නේ නෑ.

චමුදිත සමරවික්‍රම – ඔයා මේ හැමතැනම ගිහිල්ලා දාන සද්දවලට බයවෙන මිනිස්සු නම් මෙතන නෑ.

හරීන් ප්‍රනාන්දු – ඔයා හිතන්න එපා ඔයාගේ මේ සත පහේ යූටියුබ් නාලිකාවක් තියාගෙන ඔයා මහ පොරක් කියලා. හරිද. ඔයා පොරක් නෙවෙයි. ඔයා එහෙට මෙහෙට යන… මං ඉතින් කියන්නෙ නෑ.

චමුදිත සමරවික්‍රම – ඔයා යූටියුබ් කතාකරන්න එපා. ඔයත් ලොකු පොරක් කියලා හිතන්න එපා.

හරීන් ප්‍රනාන්දු – ඔයා ප්‍රභාකරන්ට සමාන කළා… ප්‍රශ්නෙ අහගෙන හිටපු මිනිස්සුන්ට ඇහුණා.

චමුදිත සමරවික්‍රම – ආ එහෙනම් උත්තර දෙන්න. අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දෙන්න. එච්චරයි.

හරීන් ප්‍රනාන්දු – ප්‍රශ්නෙ අහපු විදිය වැරැදිනේ.

චමුදිත සමරවික්‍රම – මම ප්‍රශ්නේ කිව්වේ තිම්පෝ සාකච්ඡාවලදී සහ වඩුක්කොඩෙයි සම්මුතියෙදී පවා එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රභාකරන් වුණත් වෙනම රාජ්‍යයක් ගැන. ස්වයං නිර්ණ අයිතියක් ගැන. This is a part of Saudi Arabia කියලා මුස්ලිම් මන්ත්‍රීවරු කිව්වොත්, ඒ වගේම This is a part of India කියනකොට අර දේම නේද කියන එකයි මම ඇහුවේ?

හරීන් ප්‍රනාන්දු – දැන් මම වෙනම රාජ්‍යයක්, ස්වයං පාලන අයිතියක් ගැන කතා කළාද?

චමුදිත සමරවික්‍රම – නෑ නෑ. මම කිව්වේ නෑනේ එහෙම කිව්වා කියලා.

හරීන් ප්‍රනාන්දු – නැත්තේ කොහෙද?

චමුදිත සමරවික්‍රම – මම කිව්වේ එවැනි අදහසක් ඇතිවිය හැකියි කියලා.

හරීන් ප්‍රනාන්දු – කොහොමද ඒ අදහස එන්නේ මේ කතාව ඇතුළෙන්?

චමුදිත සමරවික්‍රම – ඔබතුමා කිව්වා දැන් පාර්ට් ඔෆ් ඉන්ඩියා කියන එක, එක එක අයට ඕනේ විදියට හදන්න පුළුවන් කියලා.

හරීන් ප්‍රනාන්දු – අන්න ඔබතුමා ඔය හැදුවා.

චමුදිත සමරවික්‍රම – මම හැදුවේ නෑ. ඔබතුමා ප්‍රෝග්‍රෑම් එකට එන්නෙම වැරැදි ආකල්පෙකින්.

හරීන් ප්‍රනාන්දු – ඔබතුමා මේ ප්‍රශ්නේ ගේනකොටම, මට මෙතනට එන්න කියනකොටම… මම බබෙක් නෙවෙයි චමුදිත. මම දන්නවා ඒක තමයි ඔබතුමාට අහන්න ඕනේ. ඔබතුමාට මාව බලෙන් ගේන්න බෑනේ. මම කැමැත්තෙන්නේ එන්න ඕනේ. මට සල්ලි ගෙවලා මෙතනට ගෙනල්ලා නෑනේ.

චමුදිත සමරවික්‍රම – සල්ලි අපි කාටවත් ගෙවන්නේ නෑ.

හරීන් ප්‍රනාන්දු – එතකොට මම මෙතනට එන්නේ මගේ හෘදය සාක්ෂිය පිරිසිදු නිසා. මං අවංකව මේකට උත්තර දෙන්න දන්න නිසා. ඔබතුමාලා ඔය වගේ පහත් විදියට කරනවා නම්…

චමුදිත සමරවික්‍රම – මොකක්ද පහත් විදිය? අපි මෙතන ගැටුමක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.

හරීන් ප්‍රනාන්දු – නෑ නෑ කතාකරලා වැඩක් නෑ. ඔබතුමාලා තීරණය කරලා ඉවරයි මම ප්‍රභාකරන් කෙනෙක්….

චමුදිත සමරවික්‍රම – මෙතන ගැටුමක් ඇතිකරගන්න අවශ්‍ය නෑ හරීන්…

හරීන් ප්‍රනාන්දු – ඔබතුමාගෙයි විමල් වීරවංශගෙයි වෙනසක් දකින්නෙත් නෑ මම.

චමුදිත සමරවික්‍රම – ප්‍රශ්නයක් නෑ.

හරීන් ප්‍රනාන්දු – මට අර කියපු අමු ගවයෙක් කියන එක තමයි කියන්න තියෙන්නේ.

චමුදිත සමරවික්‍රම – මටත් ඔබට කියන්න පුළුවන් අමු ගවයෙක් කියලා.

හරීන් ප්‍රනාන්දු – ඕගොල්ලන්ට වුවමනාවක් තියෙනවා ඇති, කාගෙ හරි කොන්තරාත්තුවක් කරනවද දන්නෙත් නෑ. මම ඒක දන්නේ නෑ. මම කියනවා ඔබතුමාලා කොන්තරාත්තුවක් කරන්නේ මේ. මේ කොන්තරාත්තුව ඇතුළේ ඔබතුමාලට චරිතයක් ඝාතනය කරන්න ඕනෙ නම් පුළුවන්. ඒක තමයි මේ කරන්නේ. එතකොට පැහැදිලිවම ඔබතුමාලා තුන්දෙනා මට පේන්නේ කොන්ත්‍රාත්කාරයෝ තුන්දෙනෙක් හැටියට.

චමුදිත සමරවික්‍රම – ඒක ජනතාව තේරුම් ගනීනේ. අපි කොන්ත්‍රාත්කාරයොද කියලා.

හරීන් ප්‍රනාන්දු – ඒක මිනිස්සු තේරුම් ගනී. අපි දැකලා තියෙනවනේ ඔබතුමාගේ සමහර ඒවට මිනිස්සු කියන ඒවා. අපිට කියනවා වගේම ඔබතුමාටත් කියනවා. ඔබතුමාලා හිතනවා මේ මාධ්‍යවේදියා කියන වීදුරුව ඇතුළේ ඔබතුමාලට ආරක්ෂාව තියෙනවා, අපි ඡන්දේ ඉල්ලන දේශපාලකයෝ හින්දා අපිට ඕනෙ තරම් ගල් ගහන්න පුළුවන් කියලා. ගහන්න. එහෙම ගහලා තමයි මේ රට කෙළවගෙන තියෙන්නේ. ඒ නිසා බොහොම සතුටුයි. Awards තව ගන්න ඕනේ. ඔබතුමා ගත්තු ඒවගෙන් කීපයක් මෙයාට දෙන්න ඕනේ.

චමුදිත සමරවික්‍රම – ඔබතුමා උපහාසයෙන් කතාකරන්න එපා.

හරීන් ප්‍රනාන්දු – ඔබතුමාට උපහාස කරන්න පුළුවන් නම් මටත් උපහාස කරන්න පුළුවන්.

චමුදිත සමරවික්‍රම – අපි ඔබතුමාට උපහාස කළේ නෑ කිසිම ආකාරයකින්. ඔබ තමයි පටන්ගත්තේ. මගේ ප්‍රශ්නයක් මම ඉදිරිපත් කළේ.

හරීන් ප්‍රනාන්දු – ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කළේ කොහොමද?

චමුදිත සමරවික්‍රම – ඇයි දැන් දෙපාරක් කිව්වේ?

හරීන් ප්‍රනාන්දු – ස්වයං අයිතිය ඉල්ලපු වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඕනේ කරපු කතාවක් වගේ. මොන තරම් පහත්ද?

චමුදිත සමරවික්‍රම – මම එහෙමද කිව්වේ?

හරීන් ප්‍රනාන්දු – එහෙම හිතන්න පුළුවන් කියලා.

චමුදිත සමරවික්‍රම – කෙනෙක්ට හැඟී යා හැකියි කියලා කිව්වේ. ඔබම කිව්වා මගේ කතාව වෙන කෙනෙක්ට පාර්ට් ඔෆ් ඉන්ඩියා කියන එක වෙන විදියකට හැඟී යා හැකියි කියලා. මං ඒකයි ඇහුවේ ප්‍රශ්නේ.

හරීන් ප්‍රනාන්දු – ඔබතුමා එහෙම නෙවෙයි ඇහුවේ.

චමුදිත සමරවික්‍රම – කලබල වෙන්න දෙයක් නෑ, මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නා නම් ඉවරයි.

ඉන්දීය කතාවෙදි මම මාර නෑමක් නාගත්තේ…

කරන්න ඕනේ කටයුතු ජනාධිපතිතුමා හරියට කරලා තියෙනවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට ෆෝන් එකේ බැලුවේ ඩොලර් එක දැන් 307යි. එතකොට ඩොලර් එක ඊටත් වඩා වැටෙනවා. මම හිතන්නේ ඩොලර් එක තවත් වැටුණොත් එහෙම අපේ අපනයන ආදායම අඩුවෙයි. එහෙම වුණොත් ඒක ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. එහෙම වෙන්නේ මොකද රුපියල ශක්තිමත් වෙලා. ඇයි විදුලි බිල 18%කින් අඩුකරන්නේ? ඒ වගේම විදුලි බිල සංචාරක ක්ෂේත්‍රයට තිබ්බේ 12%. ඒක 12%න්ම අඩුවෙනවා. එහෙම අඩුවෙන්නේ ඇයි? රුපියල ශක්තිමත් වෙනකොට. මේක තේරෙන්නෙ නැති මිනිස්සු ‘නිවන් සුව’ කියලා ෆේස්බුක් එකේ ගැහුවට උන්ට ඒ වචනේ තේරෙන්නෙත් නෑ. ඒකත් කියන්න ඕනේ.

නිවන් සුව කියන්නේ අපේ ජීවිතේ අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඉහළම දේ. ඒකත් නොතේරෙන උන් නම් මේ රට භාරගන්න යන්නේ මටත් කියන්න වෙන්නේ දෙයියන්ගෙම පිහිටයි කියන එක විතරයි. ඒ නිසා එතනින් එහාට මම දේශපාලනය කතා කරන්නේ නෑ, ක්‍රීඩා පිට්ටනියකට ආපු නිසා. දේශපාලනය කතාකරන්න කාලයක් එයි. කෙසේ වෙතත් මම හිතනවා අභියෝගයක් අරගෙන අභියෝගයක් ජයගත්ත නායකයෙක් යටතේ යම් කිසි දෙයක් ඉගෙනගත්තා.

මමත් එතුමා විවේචනය කරපු කෙනෙක්. හැබැයි කවුරුවත් භාරගන්නේ නැතිවෙච්ච වෙලාවේ කොන්දක් තියාගෙන භාරගත්ත එකට ගරුකරන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සු අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි රටක් වැටෙන්න දෙනවට වඩා, දැන් අපට මෙහෙම හරි කරන්න පුළුවන්, පිට්ටනිවලට සල්ලි වියදම් කරන්න පුළුවන් වෙන්නේ එදා ඒක ගත්ත නිසා. ඒක අමතක කරලා කතා කරන්න මට හැකියාවක් නෑ. ඒ නිසයි මම ඒක මතක් කළේ. රටේ ගොඩක් මිනිස්සුන්ට ඒක අමතකයි. මෙච්චර ප්‍රශ්නයක් වෙච්ච රටක දැන් ආයෙත් වැඩ වෙනවා කියන්නේ මොකක් හරි දෙයක් හරියට වෙලා තියෙනවා කියන එක මිනිස්සු හිතන්න ඕනේ.

මාධ්‍ය මහත්තුරුත් මේවා හරියට වාර්තා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. කපන්න කෑලි අවශ්‍ය විදියට. මම ඉන්දියාවෙදී කතාවක් කියලා මාර නෑමක් මං නාන්නේ. ඉතිං එහෙම එකක් නෙවෙයි කිව්වේ. මං කිව්වේ ඉතිහාසය ගැන. මං ආයෙත් ඕක කියන්නේ නෑ. ආයෙත් කොහෙන් කපයිද දන්නෙ නෑ. ඊට වඩා හොඳයි කට වහගෙන ඉන්න එක.

SendShareShare
Previous Post

රටේම දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර-බස් ‌පරිත්‍යාග කරමින් රට වටේ යන විපක්ෂනායක සජිත් විවේකයෙන් ඉන්න මොහොතක දියණියගේ හුරතල් බලන වීඩියෝවක් පළමු වරට එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටි 200ක් වටිනා පරිගණක පාඨාමාලාවක් අවසන් කළ බුත්තල යුදගනාවේ දරුවන් 2900කට අද ධම්මික පෙරේරා සහතික පත් දෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.