සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි එය නිකුත් කර ඇති බවය.
ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.









