සමාජයේ සහ දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්‍රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීත්වයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකගතාවෙන් ගැටලුවලට විසදුම සෙවීම දූදරුවන්ට ඉගැන්විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලක්ෂ 220 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින විට රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය, පහරදීම් සිදුවූ බවත් ඒවා නූතන ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් භාෂණයේ, දේශපාලනය කිරීමේ, පාදයාත්‍රා යාමේ, වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක් බව විපක්ෂ නායකවරයා පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පොලිස් රාජ්‍යයක් පවතින බවත් ඒ තුළ මර්දනය ගර්ජනය හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් මිනිසුන්ගේ විවිධාකාර වූ ගනුදෙනු තෝරා බේරා ගැනීමේ ක්‍රමය විය යුත්තේ ශාරීරික හානි ප්‍රචණ්ඩත්වයේ මැර ප්‍රහාර නොව සාකච්ඡාවෙන් සම්මුතියෙන් අවබෝධතාවෙන් හා එකඟතාවෙන් කටයුතු කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 75 වැනි අදියර යටතේ මාතර අතුරලිය ජේ ආර් එස් අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර කට්ටලයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 75ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 727ක් වැය කර තිබේ.

















