එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳසල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. (Sri Lanka Latest News)
කොළඹ පෑලියගොඩ මැනිං වෙළෙඳ සැලට පාරිභෝගිකයන් ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එළවළු තොග ලැබී තිබුණත් ඒවා මිලදී ගන්නට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා වෙළෙඳ කුටි පාළුවට ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.
පෑලියගොඩ මැනිං වෙළෙඳ පොලේ (සිල්ලර මිල) බෝංචි කිලෝව රුපියල් 1100ක්, කැරට් කිලෝව 2100ක්,ගෝවා කිලෝව 750ක්,තක්කාලි කිලෝව 400ක්,බටු කිලෝව 800,වට්ටක්කා කිලෝව 200ක්,අමු මිරිස් කිලෝව 1100ක්,රතු ලූනු කිලෝව රුපියල් 500ක් සහ විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430 ක් වශයෙන් වාර්තා විය.
lankadeepa










