• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙණ ගහන හොරකම රටට හෙළි කළා…! ඇමැතිලා බයවෙලා රස්සාවෙන් දොට්ට දැම්මා…! ඒත් සටන කරනවා…! කවුද මේ දොස්තර චමල්? I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රුපියල් බිලියනයකට තමයි සැකකරුට මේ ඖෂධ ටෙන්ඩරය ලබාදී ඇත්තේ. නමුත් ඔහුට එම ඖෂධ සඳහා අවශ්‍ය කුප්පි සොයාගැනීමට නොහැකි වීම නිසා මේ ගණනින් නැවතුණේ. නැත්නම් කුප්පි සොයාගැනීමට හැකි වුණේ නම් රුපියල් බිලියනයක්ම නැතිවෙනවා. මේ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවත් එම ඖෂධ ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.(Sri Lanka Latest News)

මීගමුව දිසා අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර නැති, එසේම ඖෂධ නිෂ්පාදනයටද සුදුසු නොවන ස්ථානයක් බවට කරුණු වාර්තා කර තිබෙනවා. මේ ඖෂධ ගනුදෙනුවෙන් දැනට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 1,444ක් වෙනවා. පොදු දේපළ පනත යටතේ මෙම චෝදනාවෙන් ඊට වැරැදිකරු වුණොත් පාඩුව වගේ තුන්ගුණයක දඩයක් ගෙවිය යුතුයි. මෙය රුපියල් කෝටි ගණනක වංචාවක් බව පෙනීයනවා….’

මෙම වගතුග කියා සිටින්නේ කවරකු විසින්ද? පසුගියදා මෙම කතාව අසන්නට ලැබුණේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තුළිනි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේය. මේ වනවිට මුළුමහත් ජන සමාජයම ආන්දෝලනයකට පත්කර තිබෙන, මෙරට තුළ සිදුව ඇති බටහිර ඖෂධ වංචාවකට අදාළව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තුළ විභාග කෙරෙන නඩුවකට අදාළව මෙම වගතුග ඇසෙන්නට විය. ‘ඉමියුනොග්ලොබියුලීන්’ නමැති ප්‍රතිදේහ ඖෂධයක් මෙරට තුළ ව්‍යාජ ලෙස නිෂ්පාදනය කිරීම මෙම සිදුවීම වන අතර, ඒ හරහා යම් පාර්ශ්ව රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කරුණු ප්‍රකාශ විය. ඒ අනුව එම පාර්ශ්වයන්ට අදාළ පුද්ගලයන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයටද පත්කරන ලදී.

ජනතා මුදල් රුපියල් කෝටි ගණනාවක් වංචා කර ඇති මෙම සිදුවීමේ වගතුග ජන සමාජයට එළිපෙහෙළි වූයේ මෙයට මාස කිහිපයකට පෙරදීය. එතෙක් මෙම සිදුවීමේ වගතුග බොහෝ රහසක්ව පැවැති අතර, එම දූෂණ වංචාවට සම්බන්ධ පිරිස් බොහෝ පහසුවෙන් රුපියල් කෝටි ගණනක් තමන්ගේ බැංකු ගිණුම්වලට තැන්පත් කරගත් ආකාරයත් කරුණුවලින් ප්‍රකාශ විය. මෙම මහා අපරාධයේ මුල්ම වගතුග සමාජයට හෙළිකරන්නට ගත්තේ එක්තරා සුවිශේෂ මිනිසකු විසිනි. ඔහු රාජ්‍ය වෛද්‍ය වෘත්තිකයකු වූ අතර, නමින් වෛද්‍ය චමල් සංජීව වෙයි. මොහු වෘත්තියෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරයෙකි. එසේම ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව වෛද්‍ය පරිපාලකයකු වශයෙන්ද කටයුතු කරන ලදී.

මාස ගණනාවක් පුරා රහසක්ව යටපත්ව තිබුණු ඉහත ඖෂධ වංචාව ගැන මූලිකවම යම් සත්‍ය තොරතුරු හෙළිකරන්නට ගත්තේ මෙම වෛද්‍යවරයා විසිනි. ඔහු මෙම වංචාව සිදුවන ආකාරය ගැන බොහෝ සූක්ෂ්ම ලෙස අවධානයෙන් සිටියේය. එක්වරම කරුණු ප්‍රකාශ නොකළ ඔහු එම වංචාවට අදාළ තොරතුරු රැසක් විටින් විට එක්රැස් කරගත්තේය. ඉන් පසුව ඔහු එම වගතුග මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නට ගත්තේය. ඒ අනුව මෙරට මුළුමහත් ජන සමාජයම දැඩි ආන්දෝලනයකට පත්වූ අතර, මෙම මහා අපරාධය ගැන දැඩි කෝපයටත්, සංවේගයටත් පත්වන්නට විය.

රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන ප්‍රධානතම ඖෂධ වර්ග මෙසේ බාල ප්‍රමිතියක් යටතේ මෙරට නිෂ්පාදනය කරමින් ඒ හරහා රුපියල් කෝටි ගණනක ජනතා ධනය කොල්ලකෑම වදනින් කියා නිම කළ නොහැකි ජාතික අපරාධයක් විය. මෙම වංචාවේ සියලු වගතුග සමාජයටත්, අනෙක් වගකිව යුතු අංශ වෙතත් හෙළිකළ වෛද්‍ය චමල් සංජීව මහතා තම මෙහෙවර එතැනින් නැවතුවේ නැත. එය තවත් පරිච්ඡේදයක් විය.

ජනතාව සහ මාධ්‍ය අවදි කරමින් මෙම අපරාධයේ වගතුග හෙළිකළ මෙම සුවිශේෂ මිනිසා ඉන් පසුව එම වංචාව සිදුකළ වංචනිකයන්ට එරෙහිව නීතිමය මගටද බැස්සේය. වෛද්‍ය චමල් සංජීව මහතා නායකත්වය දරන සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය එයට පෙරමග සකස් කළේය. එම සංගමයේ සභාපතිවරයා වන්නේ ඔහුය. ඉහත ඖෂධ වංචාවට එරෙහිව එම සංගමයට අයත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් නඩු මාර්ගයට පිවිසියේය.

ඒ අනුව යටකී වංචාවේ වගතුග පුළුල් පරාසයකට පැතිර ගිය අතර, දිනෙන් දින අලුත් පුවත් මවමින් පිටු පෙරළෙන්නට විය. වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රධාන කරගත් සිවිල් ක්‍රියාකාරීහු මහත් උනන්දුවකින් දූෂණ වංචාවට අදාළ වංචනිකයන් නීතියේ රැහැනට අල්ලා දීමට දිවා-රාත්‍රී නොබලා තම මෙහෙවර ඉටුකළහ. ඉන් පසුව අධිකරණයද මෙම මහා වංචාව ගැන නිසි කරුණු අවබෝධ කරගත් අතර, සැකකරුවන්ට දඬුවම් පැමිණවීමට පවා පියවර ගත්තේය.

ඒ අනුව සැකකරුවන් අටදෙනකු පමණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද කටයුතු කළේය. එම සුවිශේෂ නඩුහබයේ තොරතුරු ඔබ විටින් විට පසුගිය කාලය තුළදී මාධ්‍ය හරහා දකින්නට ඇත. එහෙයින් එම වගතුග මෙහි නැවත ලියා තබන්නේ නැත. එහෙත් අද මෙම ලිපිය හරහා ඔබට වෙනත් වගතුගක් ලියා තබන්නට බලාපොරොත්තු වෙමු. එය කුමක්ද? යටකී මහා ඖෂධ වංචාවේ වගතුග මුලින්ම ජන සමාජයට හෙළි කළේ වෛද්‍ය චමල් සංජීව මහතා යනු කවරෙක්ද?

44 හැවිරිදි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ සම්පූර්ණ නාමය වන්නේ ගල්මන්ගොඩ ගුරුගේ චමල් සංජීව වෙයි. ඔහු උපන් ප්‍රදේශය ලෙස සඳහන් වන්නේ දකුණුකරයේ තංගල්ල නගරයයි. ඔහු රාජ්‍ය වෛද්‍ය වෘත්තිකයකු වන අතර, විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබා ඇත. ඔහුගේ උසස් අධ්‍යාපනික සුදුසුකම් ලෙස MBBS, MSC, MD, PhD, MBA, MPA යන උපාධි සඳහන්ව ඇත. වෛද්‍ය චමල් සංජීව තමන්ගේ මූලික MBBS වෛද්‍ය උපාධිය හිමිකරගෙන ඇත්තේ රුහුණ විශ්වවිද්‍යාලයෙනි. MSC ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. එසේම ඔහු MD වෛද්‍ය විශේෂඥ උපාධිය හිමිකරගෙන ඇත්තේද කොළඹ විශ්වවිද්‍යාලයෙනි. මෙම දේශීය උපාධිවලට අමතරව ඔහු එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන්ද උපාධියක් හිමිකරගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තම වෛද්‍ය විශේෂඥ උපාධි හිමිකරගෙන ඇත්තේ සායනික රූපලාවන්‍ය විද්‍යාව සහ රෝහල් පරිපාලනය හා රෝහල් කළමනාකරණය (Clinical Cosmetology, Hospital Administration and Management) යන ක්ෂේත්‍රයන් උදෙසාය. මේ හෙයින් ඔහු වෛද්‍ය පරිපාලනය පිළිබඳ රාජ්‍ය තනතුරු ගණනාවක්ම දැරීය. ඒ අනුව රෝහල් අධ්‍යක්ෂ ධුර සහ උපදේශක ධුරද ඔහුට හිමිව තිබිණි. එම වටපිටාව හේතුවෙන් ඔහු රෝහල් තුළ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළද සිදුවන පරිපාලන කටයුතු ගැන මනා අවබෝධයක් තිබුණේය. ඉහත මහා ඖෂධ වංචාව ගැන ඔහු සත්‍ය තොරතුරු හෙළිකළේ එම දැනුම් සම්භාරය හරහාය.

මෙම පසුබිම යටතේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී වෛද්‍ය චමල් සංජීව හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. එහිදී ඔහු වරක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට ප්‍රදේශයේ දරුවන්ගෙන් 80%ක්ම මන්දපෝෂණයෙන් පෙළෙන බව තමන් අනාවරණ කරනෙ තිබෙන බවය. මෙම ප්‍රකාශය නිසා රජය දැඩි අපහසුතාවකට පත්වූ අතර, ඉන් පසු මෙම වෛද්‍යවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහිදී ඔහු වැරැදිකරු බටව පත්වී 2022 නොවැම්බර් 01 වැනිදා ඔහුගේ වැඩ තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් නිකුත් කළේය.

ඉන් පසු ඔහුගේ රාජකාරි කටයුතු තහනම් කෙරුණු අතර, සේවය නතර කෙරිණි. පසුව වෛද්‍ය චමල් සංජීව මහතා මෙම තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් අධීකරණයෙහි ගොනුකළේය. මෙම නඩුව පසුව කිහිප වතාවක් විභාග කෙරුණු අතර, අධිකරණය වෛද්‍යවරයාගේ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් සිය තීන්දුව ලබාදී ඇත. රාජ්‍ය සේවකයකු ලෙස ඔහුට එවැනි ප්‍රකාශ සිදුකළ නොහැකි යැයි අධිකරණ තීන්දුව සඳහන් කළේය.

පසුගිය සමයේ මෙලෙස මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ හඬ නැගූ වෛද්‍ය චමල් සංජීව ගැන පසුගියදා තවත් සුවිශේෂ පුවතක්ද වාර්තා විය. එනම් ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තිබෙන සමගි ජන බලවේගයට එක්වන බව ප්‍රකාශ කිරීමය. විපක්ෂ නායකවරයා හමුවී ඔහු එම එකඟතාව පළකර ඇති අතර, විපක්ෂ නායකවරයාද ඒ සඳහා තම කැමැත්ත පළකර ඇත. මේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත්කරනු ලැබූ බව වාර්තා විය.

වත්මන් රජයෙන් වෛද්‍ය චමල් සංජීව මහතාගේ කටයුතු සඳහා විවිධ තහංචි පැනවුවද, ඔහු පසුගියදා හෙළිකළ මහා ඖෂධ වංචාව හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය බලධාරීන් ගණනාවකගේම සළුපිළි ගැලවී, ඔවුන් නිරුවත්වී ඇත. එසේම ඔවුන් සිරමැදිරිවල ගාල් කිරීමටද කටයුතු යෙදී ඇත. එසේ වුවද මෙම මහා වංචාවට අදාළව තවත් ප්‍රධානීන්ද සිරගෙට යැවීමට මේ වන විට වටපිටාව සැකසෙමින් පවතින බව ද පෙනෙයි. එහෙත් සියල්ල සිදුව නිමවන තුරු කිසිවකුටත් එහි අවසානය කුමක්දැයි කිව නොහැකිය. පසුගිය කාලයේ මෙරට සිදුකෙරුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචාවන් ගැන සමගි ජන බලවේගයද මහත් හඬක් නගමින් මහා මෙහෙවරක් ඉටු කළේය. එවැනි වටපිටාවකදී දූෂණ විරෝධී නායකයකු ලෙස සැලකිය හැකි වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයටම එකතු වීම ‘ජාඩියට මූඩිය වගේ’ වෙන්නට ඉඩ ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හයිවේ එකේ පෑලියගොඩ පිවිසුමේදී රාජකාරී ගිනි අවියෙන් සියදිවි හානිකරගත් බව කී SIගේ මරණය ගැන සැකයක්! ජිප් එකක් පරීක්ෂා කරන්න එපා කියලා ඇමතුම් දුන්නේ කව්ද? සිද්ධියෙන් පස්සේ ‌SIට දිගින් දිගටම ආ ඇමතුම් මොනවාද? තුවක්කුව තිබ්බ තැනයි උණ්ඩ ගමන් කරපු විදිහයි ගැනත් සැකයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අද මගේ උපන්දිනය වුණත් මම පාටි දාන්නේ නෑ! බංකොලොත් රටක ජනතා මුදල් වියදම් කර පාටි දානවා නම් ඒක සාපයක්! විකෘති මනසක් තියෙන පාලනයක ලක්ෂණයක්! සජබ ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කරපු හොරු නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ගේනවා! ඒ සල්ලි අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි දී ජනතාව ජීවත් කරවනවා! උපන්දිනය දවසේ පාටි නොදා කොලොන්නාව සෝමාදේවි දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනමමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.