පාස්කු ප්‍රහාරය ගැන විවාද ගණනාවක් සිදු කළත් ඒ විවදවලින් කිසිදු දෙයක් නොවූ බවත් ජනාධිපතිවරයා කමිටුවක් පත් කළ බව පැවසුවත් තව තේරීම් කාරක සභාවක් පත් කරන බවට කිව්වත් කිසිදු දෙයක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එහි දී විපක්ෂය විසින් 9/11 කොමිසමට සමාන කොමිසමක් විපක්ෂයේ සභාපතිත්වයෙන් පත් කළ යුතු බවට යෝජනා කළත් ඒ කිසිවක් සිදු නොවූ බවත් ගෝඨාභය රාජපක්ෂ පවා බලයට ආවේ මහ මොළකරු හොයන බව කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම වත්මන් ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදී පරීක්ෂණ පවත්වන බව පැවසුවත් කිසිවක් සිදු නොවූ බවත් කවුරුන් හෝ මේ සත්‍ය සඟවමින් සිටින බැවින් මීට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට සමාවක් නොදී ගත යුතු උපරිම නීති පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතාවක් කරමිනි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම හෝ වක්‍රව දායක වූ අයටත් මෙය වළක්වන්න කටයුතු නොකරමින් රාජකාරිය පැහැර හැරි අයටත් කිසිදු රැකවරණයක් හෝ සහායක් නොමැති බවත් කතෝලික ජනතාව මෙන්ම රටේ ජනතාවත් ලොකු වේදනාවකට ලක්වී ඇති බැවින් මේ ත්‍රස්තවාදයට රට තුළ ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේ ම මේ ගැටලුවේදී කාදිනල් තුමා රදගුරු සමුළුව සහ කතෝලික ප්‍රජාවත් මේ ප්‍රහාරය තුළින් වේදනාවට පත් පුද්ගලයනුත් විශ්වාස කරන බවත් ඒ නිසා කිසිදු අවස්ථාවක මේ සදහා සමාවක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගන්නා තෙක් ඒ අරගලයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










